විදු නැන නුවණ – Science Literacy for All

දක්ෂිණ සාගරය තුළ පෝෂණය සදහා ක්ෂුද‍්‍ර ජීවීන් අතර තුන්කොන් සටනක්

   දක්ෂිණ සාගරය තුළ පෝෂණය සම්බන්ධයෙන් අන්වීක්ෂීය ජීවින් අතර තරගය හා සහයෝගීතාව පිළිබදව නව පර්යේෂණයකින්   ෙතාරත=රැ හෙළිවේ.

විටමීන, යකඩ වැනි ස්වාභාවික සම්පත් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් ඇන්ටාක්ටිකාවේ මිදුණු ජලයෙහි අන්වීක්ෂීය ජීවීන් අතරේ ඇති වී තිබෙන තුන් කොන් අරගලයක් ගැන සමුද්‍රීය පර්යේෂකයන් පිරිසක් කරුණු අනාවරණය කර ගනිති. දක්ෂිණ සාගරයේ ගෝලීය වශයෙන් වැදගත් වන ආහාර ජාලවල මූලික ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමේ දී වැදගත් සම්බන්ධතාවක් මේ තරඟය තුළින් ඉස්මතු වෙයි.  දක්‍ෂිණ සාගරය පෙන්ගුවින්, මිනීමරු තල්මසුන් වැනි ප්‍රතිමාමය (iconic) ඇන්ටාක්ටික් සත්වයන්ගේ නිවහනයි.

ආහාර ජලයේ යටම (පදනම වශයෙන්) ඇත්තේ ශාකප්ලවංගයි.(phytoplankton). මේ ඒක සෛලික ජීවින් දිවි රැක ගන්නේ හිරු එළිය සීනි හා කාෙබාහයිඩ්‍රේට් වැනි ආහාර ප‍්‍රභවයන් බවට පරිවර්තනය කිරීමෙනි. දක්‍ෂිණ සාගරයේ යකඩ සංසේචනය ශාකප්ලවාංග අතිගහණය (blooms) මෙහෙයවන බව සාගර විද්‍යාඥයෝ විසින් හඳුනා  ගනු ලැබ ඇත්තේ බොහෝ කලකට පෙර සිටය. ශාක ප්ලවාංග අතිගහණ විශාලත්වය නියාමනය කිරීමෙදී එක්තරා බැක්ටීරියා කාණ්ඩයක් ද වැදගත් වන බව පර්යේෂණ වාර්තාවේ ජ්‍යෙෂ්ඨ කර්තෘ ඇන්ඩෲ ඇලන් දක්වයි. මේ බැක්ටිරියා වර්ගය බාගදා ශාක ජලවාංග මගින් විශේෂයෙන්ම වගාකරනවා විය හැකි යයි ඔහු කියයි. අනෙක් අතට විටමින් B12 සැපයීමෙන් එම බැක්ටීරියා ශාක ප්ලවාංග පවත්වාගෙන යාමට උදව්‍ වෙයි. බෙහෙවින් ඵලදායී ධ්‍රැව ප්‍රදේශ පරිසර පද්ධතිය සාගර උණුසුම්වීමෙන් අනාගතයේදී ඇතිවන වෙනස්කම්වලට කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි අවබෝධ කර ගැනීමේ දී නව අධ්‍යයනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

1-researchspot

ශාක ප්ලවාංග හා බැක්ටීරියා මුහුදු  ආහාර ජාලයෙහි පදනම සකසයි. ඇන්ටාක්ටිකාව වටකරගත් දක්ෂිණ සාගරය අතිවිශාල ශාකප්ලවංග ගහණයකට නිවහනයි. විද්‍යාඥයන් බොහෝ කාලයක් තිස්සේ සැලකුවේ ශාක ප්ලවාංගවල වර්ධනය, යකඩ හා ආලෝකය පැවතීම මත මූලික වශයෙන් පාලනය වන්නේය යනුවෙනි. ‘අතිශ්‍ය පළදායී පරිසර පද්ධතියකට පදනම සපයන සවිමත් අන්වික්ෂීය ජීවීන්ෙග් අන්තර් ක්‍රියා පිළිබඳ නව දැක්මක් ක්‍ෂේත්‍ර පරීක්‍ෂණ හා අනුක්‍රමණය තුළින් ලබා ගැනීමට අපට හැකිවුණා’ යයි ඇලන් පවසයි. දක්ෂිණ සාගරයේ අන්වීක්ෂීය ප්‍රජාවන්කේ පාරිසරික තුලනය ගැන දිගු කලක් තිස්සේ පවතින උපකල්පන නැවත විමසා බැලීමට ද නව පර්යේෂණය ජීව විද්‍යාඥයන්ට බලකරනු ඇත. ධ්‍රැව සාගරවල අන්වීක්ෂීය ජීවින් අතරේ අන්තර්ක්‍රියා පිළිබඳ ස්වභාවය මෙන්ම මෙකී වැදගත් පරිසර පද්ධතිය තුළ පවතින තරඟකාරිත්වය සහ සහයෝගිත්ව චර්යාවන්ගේ සියුම් තුලනයන් ගැන ද, නව අවබෝධය මෙකී සම්බන්ධතා අනාගතයේදී කෙලෙස විපර්යාසයන්ට ලක්වේද යන්න ගැන ද අනාවැකි පළකිරීමෙහිලා පර්යේෂකයන්ට උපකාරි වෙතැයි ඇලන් පෙන්වා දෙයි.

දක්‍ෂිණ සාගර ජලයෙහි ඩයටම (diatoms) යනුවෙන් හඳුන්වන සුවිශේෂී ශාකප්ලවාංග වර්ගයෙන් පිරී ඉතිරී පැවතියත් ඩයටම මන්ද‍පෝෂණයෙන් පෙළන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. ශක ප්ලවාංගවල අඛණ්ඩ වර්ධනයට ප්‍රමාණවත් නයිට්‍රජන් හෝ පොස්පරස් පෘථිවි සාගර කලාපවල් බොහොමයක අඩංගු නැත. ඒත් ඈත පිහිටි මැක්මර්ඩෝ සවුන්ඩ් ජලයෙහි ඩයටොමයන් අපහසුවට පත්ව ඇත්තේ යකඩ හිඟවීම සහ විටමින් B12 හිඟ වීම නිසාය.

‘මිනිසුන්ට වගේම ශක ප්ලවාංගවලට ද ජීවිතය පවත්වා ගෙන යාම සඳහා B12 විටමිනය ඇතුළුව විටමින අවශ්‍ය වෙනවා’ යයි පවසන්නේ අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ එරින් බර්ට්‍රන්ඩ්ය. මැක්මර්ඩෝ සවුන්ඩ් හි ශාකප්ලවාංග බෙහෙවින් විශේෂිත බැක්ටීරියා කාණ්ඩයකින් මෙම වටිනා සම්පත ලබා ගන්නා බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එම බැක්ටිරියා අනෙක් අතට, සිය ආහාර හා ශක්ති අවශ්‍යතා සඳහා ශාකප්ලවාංග මත යැපෙන බවක් පෙනී යයි. අන්තර් සබඳතා අවුල් වන්නේ මෙතැනදී යයි අධ්‍යයනයෙන් ගම්‍ය වේ. ආහාර හා බලශක්තිය සඳහා ශාකප්ලවාංග මත යැපෙන තවත් බැක්ටිරියා කාණ්ඩයක්, හිඟ සම්පතක් වන විටමින සඳහා ඩයටොම් සමග තරග කරන බවත්, කණ්ඩායම් තුනම යකඩ සඳහා තරගකාරීව ක්‍රියා කරන බවත් පෙනී ගොස් ඇත. දක්ෂිණ සාගරයේ සලකන විට යකඩ යනු මිල කළ නොහැකි සම්පතකි.

මෙහි ප්‍රතිඵලයක් වී ඇත්තේ ජීවය පවත්වාගෙන යාමේ තරගකාරී අරගලවලින් ගහණ අඩමානයට තුලනය වූ පද්ධතියක් පිළිබඳව නව චිත්‍රයක් ඉස්මතුවීම යයි පර්යේෂකයෝ පෙන්වා දෙති. එමෙන්ම, Oceanospirllaceae අයත් එක්තරා සුවිශේෂී බැක්ටිරියා කාණ්ඩයක් දක්ෂිණ සාගරයේ විටමින් B12 සැපයුෙමන් විශාල ප්‍රමාණයකට දායකවන බවද ඔවුහු සඳහන් කරති.

http://www.nsf.gov/news/ වෙබ් අඩවියේ Research spotlights a previously unknown microbial ‘drama’ playing in the Southern Ocean ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: