අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේහි සෙසු ග‍්‍රහ වස්තු හා සසඳනවිට සූර්යයා කොපමණ නම් විශලද කියලා අපට අවබෝධයක් තියෙනවා. ඒත් මේ මුලු මහත් විහවයේම විශාලතමයා සූර්යයාද? වෙනත් විදිහකට ඇසුවොත් අපේ සූර්යයා ද ඇතුළුව තාරකා කොපමණ විතර විශාල ඇත්ද?
විශාලත්වය ගතහොත් වීශ්වය තුළ පුළුල් පරාසයක තාරකා දැකිය හැකිය. කුඩාම තාරකා වන නියුට්‍රෝන තාරකා කිලෝමීටර දශ ගණන් කිහිපයක විෂ්කම්භයකින් යුතු අතර විශාලතම තාරකා වන සුපිරි යෝධයන්ගේ විෂ්කම්භය කිලෝමීටර් මිලියන ගණනක් වෙනවා. ඒ කියන්නේ අපේ තාරකාව වන සූර්යයා මෙන් දහස් ගණනක්. පුළුල් පරාසය තුළ අන්ත දෙකක මේ අතිවිශෙෂ නිදසුන් දෙක අත්හැරියොත් තාරකා ප‍්‍රධාන අනුක‍්‍රමයේ(main sequence) සාමාන්‍ය තාරකා සලකන විට අපට පෙනී යන්නේ ඒවායේ විෂ්කම්භය සූර්යයාගේ විෂ්කම්භය මෙන් දහයෙන් එකේ සිට දහ ගුණය දක්වා පරාසයකට අයත් වෙන බවයි.
අහසේ ඡුායාරූපවල ඇතැම් තාරකා අනෙක් ඒවාට වඩා බොහෝ සේ විශාලව දිස්වෙතත් ඒවා ඇත්තටම විශාල යයි ඉන් තේරුම් ගත යුතු නොවේ. එවැන්නක් සිදුවන්නේ ටෙලස්කෝපයේ දුරේක්ෂයේ ආළෝකය විවර්තනය වීමේ(diffraction) මෙන්ම අධි-නිරාවරණය(over exposure) නිසා දීප්තිමත්ම තාරකා මගින් විශාල ප‍්‍රතිරූප ඇතිකරවීමේ හේතුවෙනි .
තාරකා වල විෂ්කම්භය ඍජුවම මැනීම ඇත්තවශයෙන්ම අතිශය දුෂ්කර කාර්යයකි. ඊට හේතුව තාරීය තැටි විභේදනය සඳහා ටෙලස්කෝපවලට ප‍්‍රමාණවත් විභේදන නොමැතිවීමයි. හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපය සහ මහ පොළව මත පිහිටි තරංග ආයාම මැනීමේ උපකරණයක්වන නිරෝධනමාන(interferometer) උපයෝගී කරගෙන මැන බලා ඇත්තේ අසල් වැසි තාරකා යෝධයන් කිහිපදෙනෙකු පමණකි.
ඇතැම් තාරකාවල විශ්කමභය තීරණය කරගැනීමට මග පෑදී ඇත්තේ චන්ද‍්‍රයාගෙන් හෝ යුගල තාරකා හෙවත් ද්ව්‍යංගී තාරකා පද්ධතියක(binary system) නම් එක තාරකාවක් අනෙක් මගින් සිදුටෙන අනතර්ධානය (occultation)වසාගැනීම ආධාර කර ගැනීමෙනි. තාරකාවල විෂ්කම්භය කෙලින්ම මැනීම දුෂ්කර වන නමුත් විකිරණ නීති යොදාගෙන ගණනය කිරීම සාපේක්ෂව පහසුය. අඛණ්ඩ වර්ණාවලියක් සහිතව විකිරණයවන අභ්‍යවකාශ වස්තුව ඒකක වපසරියක් තුළ යෑම තත්පරයකම විකිරණයවන ශක්තිය උෂණත්වයේ ශී‍්‍රතයක් පමණකි (ස්ටෙෆාන්ගේ තීතිය). එහෙයින් අප තාරකාවක නෛසර්ගික දීප්තිය දන්නේ නම් එමෙන්ම පෘථිවියේ සිට ඊට ඇති දුර සහ තාරකාවේ ආළොකයෙන් එහි උෂණත්වය ලබා ගත හැකිනම් අපට එම තාරකාවේ සම්පූර්ණ පෘෂ්ටයත් ඒ නිසාවෙන් එහි විෂ්කම්භය නිගමනය කළ හැකියි
A Question and Answer Guide to Astronomy(Cambridge University Press) හි How big are the stars? ඇසුරෙනි