මිමාස් චන්ද්‍රයා

Posted by

සෙනසුරුගේ වළලුවල ගතිකමය සංකීර්ණතාව සම්බන්ධව දක්වද්දී කැසිනි යානයේ විස්තරාත්මක නිරීක්‍ෂණ මගින්  විශේෂ අනාවරණය කිරීම් සිදු කර ඇත. වළලු හිඩැස හා කුඩා වළලු ලක්‍ෂ ගණනකට යළි බෙදී ඇති බවත් ඉන් බොහොමයක් ඉතාමත් පටු බවත් අනුරූපවලින් පෙන්නුම් කරයි. මේ ව්‍යුහයේ මූලාරම්භය තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නැත. ප්‍රධාන මෙහෙයුම් බලය අතර වළලු ඇතුළත කුඩා චන්ද්‍රයන් මෙන්ම කක්‍ෂීය අනුනාද සමග වළලුවලින් පිටත විශාල චන්ද්‍රයන් ඇතුළත් ය. පෙනී යන අන්දමට මිමාස්ම (චන්ද්‍රයා) ප්‍රධාන සාධකයි.

කැසිනි අනුරූපවල ඒ සහ බී වළලුවලට ඔබ්බෙන් මිමාස් දැකිය හැකි ය. කැසිනි අඳුරු බෙදීම මම වළලු අතරේය. අභ්‍යන්තර කැසිනි බේදීමේ අංශු මිමාස් කක්‍ෂගතව ගමන් කරන සෑම වාරයකටම දෙවරක් කක්‍ෂගතව ගමන් කරයි. මෙම දෙවරකට ‍එකවරක් අනුනාදය  හරියට කෙනෙකු නොකඩවා ඔන්සිල්ලාවක තබා එහාට මෙහාට පද්දනවා වැනිය. එය අංශු වෙනත් කක්‍ෂවලට තල්ලුකරන අතර විද්‍යාමානව අඳුරු හිඩැස නිර්මාණය කරයි.

mimas-saturn-moon-cassiniවළලුවල ගති ලක්‍ෂණ බොහොමයකට මගපාදන්නේ මිමාස් සහ අනෙකුත් චන්ද්‍රයන් ගේ අනුනාදයන්ය. එහෙත් පිටත A වළල්ලෙහි එන්කේ(Encke) හිඩැසට ඇත්තේ වෙනත් ප්‍රභවයකි. කිලෝමීටර් 325 පළලැති මෙම හිඩැසෙහි ඉතා කුඩා පෑන්(Pan) නම් චන්ද්‍රයා විද්‍යාමානවෙයි. එහි ගුරුත්වය, හිඩැස බොහෝ දුරට අංශුවලින් තොරව තබයි. මෙම කිලෝමීටර් 30 තරම් වස්තුවෙහි වොල්නට් ගෙඩියක හැඩය කැසිනි මගින් පැහැදිලි කර ඇත. උදම් මගින් සිදුවන සිද බිඳ දැමීම්වලට ඔරොත්තු ‍දීමට තරම් පෑන් චන්ද්‍රයාගේ දෘඩ ස්වභාවය යාන්තමට ප්‍රමාණවත්ය. එහි ගුරුත්වය එන්කේ හිඩැසෙහි ඇතුළත දාරය රැළි ගස්වයි.  මීටත් වඩා කුඩා චන්ද්‍රයන් පිටත ඒ වළල්ලෙහි දාරයේ කීලර් (Keeler) හිඩැසෙහි දැකිය හැකිය. ප්‍රමාණයෙන් කිලෝමීටර් 7ක් වන ඩැප්නිස් චන්ද්‍රයා කිලෝමීටර් 42ක් වන මෙම හිඩැසෙහි දාර රැළි ගන්වයි.

වළලු බහුවිධ ආකශවස්තු පිළිබඳ භෞතික විද්‍යා පරීක්ෂණාගාරයක් බවට කැසිනි මගින් පරිවර්තනය කර ඇතත් වටිනා තොරතුරු තොගයක් ලැබුණේ වී නමුත් සෙනසුරුගේ ප්‍රධාන වළලුවල ප්‍රභවය සහ වයස තවමත් ප්‍රහේලිකාවක්ව පවතී. මතු දැක්වෙන සාක්ෂිවලින් පෙනුන්ම් කරන්නේ ඒවා වසර මිලියන කිහිපයක් වැනි තරුණ වයසක පසුවන බවයි.

  • වළලු 90%-95% ක් දක්වා ජල අයිස්ය. වළලු පැරණි නම් ඒවා (මෙපමණ සුද්ධ නැති) ‘කිළිටි’ අයිස් විය යුතුය. නිරතුරුව පතිත වන කුඩා උල්කා සෞර ග්‍රහ මණ්ඩලය කිළිටි කිරීමට බලපායි. එහෙත් නිතර සිදුවන වළලු අංශු ඝට්ටන හේතුවෙන් අයිස් පිරිසිදු තබයි.
  • කාලය ගෙවී යද්දි, වළලු පළල්ව ගොස් විසිරී යා යුතුය. වළලුවල කුඩා චන්ද්‍රයන්, වළලුවල ආයු කාලය දික් කිරීමට බලපෑ හැකි වුවද ඒ දිගු කාලයකට නොවේ. වළලුවල ගතික ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගන්නා විට සෙනසුරු වළලුවලට වැඩි වයසක් එක් කළ නොහැකිය.

වළලුවල වයස් සීමාව තරුණ නම්, රෝච්සීමාව ඇතුළත මිමාස් ස්කන්ධයේ අයිස්  චන්ද්‍රයෙකු මෑතක බිඳියා යුතුය තිබුණි. මෙය වඩාත් අභියෝගාත්මක වන්නේ, වළලුවල ස්කන්ධය මිමාස් ස්කන්ධයට වඩා වැඩි නම් වෙයි. මෙය සිදුවීම සඳහා වසර බිලියන ගණනක් ගත වන්නට හේතු කිම? බාගදා දැවැන්ත ධූම කේතුවක් චන්ද්‍රයා හා ගැටුනා විය හැකිය. නොඑසේ නම්, එම ධුම කේතුවම කැඩී බිඳී  ගියා විය හැකියි. එහෙත් එවැනි අති දැවැන්ත ඝට්ටන සිදුවන්නට බොහෝ දුරට ඉඩ ඇත්තේ වසර බිලියන ගණනකට පෙරය.

මූල සෙනසුරු වායු හා ධුලි තැටියක ටිටෑන්(Titan) ස්කන්ධ ප‍්‍රමාණ අයිස් චන්ද්‍රයෙකුගේ සංක්‍රමණයත් සමග සමහර විට වස බිලියන 4.6ට පෙර සෙනුසුරුගේ වළලු සැදුනා විය හැකිය. චන්ද්‍රයා රෝච් සීමාවට ගමන් කරද්දී පිටත අයිස් ස්තර බිඳ වැටෙයි. පාෂාණමය හරය හරහා අවසානයේ සෙනසුරු තුළට කඩා වදින්නේ අයිස් වළල්ලක් ඉතිරි කර තබාය.

සෙනසුරුගේ වළලුවල ප්‍රභවය හා වයස සම්බන්ධයෙන් ඇති අභිරහස ඇත්තටම ඒවායේ සිත් වශීකරන ස්වභාවය තවත් වැඩි කර වන්නකි. මේ තේරවිලි විසඳිමට මග පාදන ඉඟි බාගදා කැසිනි මගින් සපයනු ඇත. එසේ නොමැති නම් සමහරවිට මෙයට තවත් දශක කිහිපයක් අවෑමෙන් වඩාත් විදග්ධ අභ්‍යාවකාශ විපරමක් ඒ සඳහා අවශ්‍ය විය හැකිය. බාගදා අප කිසි දිනක නිසැකවම දැනගත නොහැකි වන්නටද පුළුවන. ඒවා කෙසේ වෙතත්, සෙනසුරු වළලුවල අලංකාර සංකීර්ණත්වය ඒවා ආසන්නයේ හා ඒවායින් දුරස්ථව නිරික්ෂණය කරන විශේෂඥයන් දිගටම පොළඹවාලීමටත් නවකයන් දිගටම ප්‍රබෝධමත් කිරීමටත් සමත්වහු ඇත.

මීළඟට : යුරෝපා හා එන්සෙලාඩයි අයිස් චන්ද්‍රයන්.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.