අපට සදහටම ජීවත් විය හැකි ද?

Posted by

පුංචි කාලේ අප බොහෝ දෙනෙකු කැමති ඉක්මණින් වයස යනවාටයි. වැඩිහිටියෝ, වැඩුණු ළමයි කරන දේවල් කරන්න ඉතින් පොඩි ළමයි හැටියට බැහැනේ. ලොකු වෙන්න එපායැ? එත් වයසට ගිහින් මහළු වියට එළඹුණහම ඊළගට සූදානම් වෙන්නේ පරලොව යන්නයි. මොකද මේ ලෝකයේ කිසිම ජීවියෙකුට සදහටම ජීවත්වෙන්න බැහැනේ.  හැබැයි එකම එකකෙනෙකුට හැර.  ඒ ප‍්‍රණියාට නම දාල තියෙන්නේම අමරණීය කියලයි. ඔව්, අමරණීය ලොඩියා (immortal jelly fish).

Turritopsis dohrnii  වශෙයන් විද්‍යාඥයන් විසින් හදුන්වනු ලබන ෙම් ලොඩියන් විශේෂය මධ්‍යධරණී මුහුදට ෙද්ශීයයි. ජපානය අවට මුහුදින් ද මේ විෙශ්ෂය ෙසායා  ෙගන අැති අතර ෙලාව පුරා ඔවුන් ඉන්නා ප‍්‍රෙද්ශ ප‍්‍රමාණය එන්ට එන්ටම වැඩිවෙමින් පවතී.

immortal_jellyfish-300x289සීනුවක හැඩය ගත්,  ප‍්‍රමාණයෙන් අපේ සුළැඟිල්ල තරම් වන අමරණීය  ලොඩියා දැක ගැනීමට හැක්කේ   යාන්තමටය. මුහුදේ දි ඔවුන් ඔබව වටකරගත්තේ නැතිනමි ඔවුන් ඉන්නා බවක් වත් දැනෙන්නේ නැහැ. පෙනුම, ප‍්‍රමාණය අනුව නම් අඩුලුහුඩු කම් ඇතත් මේ සත්ව විශේෂය සිය පූදුමාකාර හැකියවෙන් විද්‍යාඥයන් පුදුමයට පත් කරයි. ඔවුන්ට යෙදී ඇති අන්වර්ත නාමය ගැන අමරණීය ලොඩියාට උදම් ඇනීමේ හැකියාව ඇත්තේ මේ ලොඩියන් කාලයාගේ ඇවෑමෙන් ජීව විද්‍යාත්මකව අමරණීය වී ඇතැයි විද්‍යාඥයන් විසින් සලකන හෙයිනි. අමරණීය ලොඩියාන්ෙග් අමරණීයත්වය හැබැයි ඔබගේ සිතට හැගෙන අමරණීයත්වයම නොවෙයි. වයස යමින් අවුරුදු සිය ගණන්, දහස් ගණන් ජීවත්වෙනවා වෙනුවට   පරිණතභාවයට පත්වීමෙන් පසුව බොහෝ විට තුවාල සිදුවිමක් හෝ පරිසරයෙන් පැන නගින තර්ජනයක් හමුවේ බුහුබාවෙකු(polyp) ලෙස අාපසු ළදරු අවස්ථාවට එළඹෙයි.

අමරණීය ලොඩියන් මෙ පුදුමාකාර වීක‍්‍රමය සිදුකරන්නේ පාරවිභේදනය trans differentiation යනුවෙන් හඳුන්වනු ලබන ක‍්‍රියාදාමායක් මගිනි. මේ ක‍්‍රියාදාමායේදී අමරණීය ලොඩියන්  සිය සිරුරෙහි ෙසෙල එක්තරා වර්ගයක පරිණත ෙසෙලවල සිට සම්පූර්ණයෙන්ම වෙනස් වර්ගයක අපරිණිත ෙසෙල බවට පරිවර්තනය කළ හැකිවේ. ෙසෙදාන්තික වශයෙන් ගත් කළ මේ චක‍්‍රය අඛණ්ඩව දිගින් දිගටම සිදුවිය හැකි නිසා ඔවුන් ජීව විද්‍යාත්මකව අමරණීය බවට පත්වෙති.

අමරණීය ලොඩියන් සහ  පාරවිභේදනය  යන ක‍්‍රියාදාමය ගැන වීද්‍යාඥයෝ වර්තමානයේ අධ්‍යයනයක යෙදෙති. මේ ක‍්‍රියාදාමයේ බලය උපයෝගීකරගනිමින් වෛදය විදයාවේ ඉදිරි ගමනට පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට හැකිවෙතැයි ඔවුහු අදහස් කරති. නිදසුනක් ලෙස, හෘදය ආබාධයකට ලක්වූ රෝගියකට ඉන් අනතුරුව මේ ක‍්‍රියාදාමය යොදාගෙන හෘදය වස්තුවේ ෙසෙල පුනර්වර්ධනය කළ හැකි නමි කොපමණ අගනේද?

ඉතින් දැන් ඔබට හිතෙන්න පුළුවනි ඔහොම ගියොත්  අමරණීය ලොඩියන් ගෙන් මහ මුහුද පිරී ඉතිරී යාවි කියලා. ඒ වුණත් අපි කල්පනා කළ යුත්තේ ජීව විද්‍යාත්මකව අමරණීයයි කීවාට  අමරණීය ලොඩියන් ට සදාකාලිකව ජීවත් විය නොහැකි බවයි.  පාරවිභේදනය තූළ  ෙසෙදාන්තික වශයෙන් එවැනි හැකියාවක් ඇති බවක් දැක්විය හැකි නමුත්  අමරණීය ලොඩියන් බොහොමයක් විලෝපියන්ට ගොදුරුවිමෙන්  හෝ  ෙලඩ රෝගවලට ගොදුරුවිමෙන් මරණීය බවට පත්වෙති.

WONDEROPOLIS    හි  Can anything live forever ලිපිය ඇසුරෙනි

 

ජූනි 27 තතු බලන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.