විදු නැන නුවණ – Science Literacy for All

බ්‍රහස්පති සහ සෙනසුරුගේ චන්ද්‍රයන්

ගැලීලියෝ සහ කැසිනී අභ්‍යවකාශ විපරම් මගින් යුරෝපා හා එන්ෙසලාඩස් චන්ද්‍රයන් වෙතින් මතු කර ගනු ලැබූ සොයා ගැනීම් විශ්වයෙහි ජීවය පැවතීම පිළිබඳව ඇති ඉඩකඩ කෙරෙහි අපේ අවධානය යොමු කෙරේ. පෘථිවිය මත අතිශය අන්තගාමී පරිසරයක් තුළ ජීවය සොයා ගනු ලැබීමත් සමග මෙම ප්‍රවෘත්තිය එක්කර ගත් විට ඈත පිහිටි අහිතවත්, අයිස්වලින් සමන්විත, ශීත චන්ද්‍රයන් පවා සතුව පරිසර හිතකාමී යටිතල(මතුපිටට යටින්) වාසභූමි තිබිය හැකි බව අපට දැන් අවබෝධ කර ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපා සහ එන්සෙලාඩස් යන චන්ද්‍රයන් අනාගත අභ්‍යවකාශ ගවේෂණය සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් හිමි කරගෙන තිබේ. ඒවායේ මතුපිටට යටින් ඇති යටිතල සාගරවල ජීවය, ක්ෂුද‍්‍ර ජීවි මටට්මින් වුවද ජීවය හටගෙන ඇති බවට අපට සාක්ෂි සොයා ගත හැකි නම් විශ්වය පුරාම ජිවය පොදුවේ  පැවතීමට ඇති ඉඩකඩ ඉන් ඉහළ යයි. අපගේ ක්‍ෂීරපථය ගැලැක්සිය තුළ පෘථිවි සමාන ග්‍රහයන් සුලබ යයි නිර්ණය කළ හැකි නම් වෙනස් ස්ථානයකද ජීවය පැවතීමේ  හැකියාව තවදුරටත් ඉහළ යනු ඇත. පුදුමය දනවන කරුණ වන්නේ, (වෙනත් ස්ථානයක ජීවය පවතින්නේද යන) දිගුකාලයක් තිස්සේ පවතින මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට අප ආසන්න වී ඇත.

යුරෝපා සහ එන්සෙලාඩස් චන්ද්‍රයන්

චාරිකා කිරීම පිණිස අපට ආසන්න විශ්වයෙහි වඩාත්ම සිත් අලවන ස්ථාන බොහොමයක් දැකිය හැක්කේ, පිටත සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයන් වටා කක්ෂයන් තුළය. සෙනසුරුගේ වළලුවලට අමතරව එම දැවැන්ත ග්‍රහයා සතුව ප්‍රමාණයෙන් කිලෝමීටරයට වැඩි චන්ද්‍රයන් සංඛ්‍යාව 60කට වැඩිය කක්ෂගතව ඇත. එන්සෙලාඩස් වැනි මෙම චන්ද්‍රයන් බොහොමයක අයිස්මය මතුපිටක් ඇති අතර ඒවා ඝනත්වයන් මත පදනම් වූ අයිස් පෝෂිත අභ්‍යන්තරයක් ද ඇත. පිටත යෝධ ග්‍රහයන් අතර මෙවැනි අයිස් චන්ද්‍රයන් බහුලය. ඊට හේතුව වශයෙන් බලපාන්නේ සූර්යා දුරින් පිහිටීම නිසා උෂ්ණත්වය දුර්වලවීමත්, සෞරග්‍රහ මණ්ඩලය තුළ ජලය බහුලව තිබීමත්ය.

අභ්‍යවකාශ විපරම් යොදා ගනිමින් බ්‍රහස්පති හා සෙනසුරු ගවේෂණය කිරීමට පෙර කාලයේ කල්පනා කෙරුනේ, ඒවායේ චන්ද්‍රයන් ශීතල හා භූ විද්‍යාත්මකව අක්‍රියයයි යනුවෙනි. තවද ඒවා සාපේක්ෂව කුඩා වීම හේතුවෙන් අභ්‍යන්තර රත්වීම අඩුය. ශක්තිය හා ද්‍රව ජලය ජීවය සඳහා බලපාන ප්‍රධාන අංගෝපාංගය යන්න සැලකිල්ලට ගන්නා විට පාරභෞම ජෛව ගෝලයක් පෝෂණය කළ හැකිවේ. සෞර ග්‍රහ මණ්ඩලයේ ස්ථාන අතුරෙන් බ්‍රහස්පතිගේ හා සෙනසුරුගේ චන්ද්‍රයන් සිතා ගත නොහැකිම ස්ථාන ලෙස පෙනි යයි. කෙසේ වෙතත්, ගැලිලියෝ හා කැසිනි  කක්ෂගත යානා මගින් සිදුකරන ලද යුරෝපා සහ එන්සෙලාඩස් අයිස් චන්ද්‍රයාගේ මතුපිට ගැන විස්තරාත්මක අධ්‍යයනවලින් අභ්‍යන්තර රත්වීම හා යටිතල සාගරවල ද්‍රව ජලය පිළිබඳ සාක්ෂි හෙළිවෙයි.

එන්සෙලාඩස් චන්ද‍්‍රයා මතුපිට

එන්සෙලාඩස් චන්ද‍්‍රයා මතුපිට

ගැලීලියෝ යානය මගින් ගන්නා ලද අනුරූප හෙළිකරන්නේ යුරෝපා චන්ද්‍රයාගේ මත (අභ්‍යාවකශා වස්තු ඇදවැටීමෙන් සිදුවන) ඝට්ටන ආවාටවලින් තොර, තරුණ අයිස්මය මතුපිටක්ය. එහෙත් එහි මතුපිට ආක්ටික් කැටි අයිස් වැනි වැටි ලක්ෂණ සහිත මූට්ටු මෝස්තර රටාවක් දැක්වේ. යුරෝපා චන්ද්‍රයාගේ විෂ්කම්භයෙන් හයෙන් එකක විෂ්කම්භයක් සහිත එන්සෙලාඩස් ගතහොත් අභවකාශයට ජලය සහ කාබනික අණු විදින එහි උසැති මතුපිට ගීසර කැසිනි යානය මගින් සොයා ගනු ලැබ ඇත.

ලබන සතියේ යුරෝපා චන්ද‍්‍රයා ගැන විස්තරාත්මක වාර්තාවක්

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: