යුරෝපා චන්ද්‍රයා ගැන විස්තරාත්මක වාර්තාවක පළමු ෙකාටස
යුරෝපා යනු බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් සතරදෙනාගෙන් එකකි. මෙම චන්ද්‍රයන් සොයා ගනු ලැබුවේ ඉතාලි ජාතික තාරකා විද්‍යාඥ ගැලීලියෝය. ඒ 1610 දී ඔහු කුඩා ටෙලස්කෝපයක් (දුරේක්ෂයක්) යොදා ගනිමින් අහසේ පුරෝගාමි ගවේෂණ ආරම්භ කිරීමෙන් සුළු කලකට පසුවය. ඔහු සිය සටහන් පොතෙහි සලකුණු කර ඇති ආකාරයට චන්ද්‍රයන් බ්‍රහපස්පතිට සාපේක්ෂව රාත්‍රී කාලයේදී ගමනේ යෙදෙයි. ‘ඛගෝලීය වස්තූන් පෘථිවිය වටා පමණක් නොව වෙනත් දෙයක් වටා ද කක්ෂගතව ගමන් කරන්නේය’ යන මෙම සොයා ගැනීම, සෞරග්‍රහමණ්ඩලයේ කේන්ද්‍රය පෘථිවිය නොව සූර්යාය යන්න අවසානයේදී පිළිගැනීමට ලක්වීමට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකය විය.
විද්‍යාඥයන් දැන් මෙම චන්ද්‍රයන් හතර දෙනා හඳුන්වන්නේ බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයන් ලෙසය. බ්‍රහස්පතිට වඩාත් ළංව කක්ෂගතව ගමන් කරන්නේ අයෝ වන අතර ඊට ඔබ්බෙන් පිළිවෙළින් යුරෝපා ගැනිමේඩා සහ කැලිස්ටෝ ගමන් කරයි. මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයෙන්ම විශාලතම චන්ද්‍රයා ගනිමේඩාය. ඇත්තවශයෙන්ම, එය සූර්යා වටා කක්ෂගතවූයේ නම් ග්‍රහයෙකු ලෙස වර්ගීකරණය වෙනු ඇත. ගනිමේඩාහේ විෂ්කම්භය පෘථිවිය චන්ද්‍රයාගේ විෂ්කම්භය මෙන් 1.5 ගුණයකි. යුරෝපා චන්ද්‍රයාගේ විෂ්කම්භය පෘථිවි චන්ද්‍රයාගේ මෙන් සියයට අනූවකි.
එහි ඝනත්වය අනුව පදනම් ව අයෝ සෑදී ඇත්තේ පාෂාණවලිනි. යුරෝපා එක්තරා ප්‍රමාණයක් අයිස් සහිත වුවද වැඩි පුරම පාෂාණය. ගනිමේඩා සහ කැලිස්ටෝ පාෂාණ සහ අයිස්වල සම්මිශ්‍රණයෙනි. ඒවායේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක – 150ට වඩා පහළය. ඒවා සියල්ල අභ්‍යවකාශ විපරම්වලට කලින් මැන බලා ගැනීමට හැකිව තිබූ අතර ඒවා භූ විද්‍යාත්මක වශයෙන් අප්‍රාණිකය යන අපේක්ෂාව එනිසා පෝෂණය විය.
ඉතින්, 1979 වොයේජර්1 යානය බ්‍රහස්පති ආසන්නයෙන් ගමන් කරමින් සිදු කළ මෙහෙයුමේ දී ප්‍රථම වරට අයෝ චන්ද්‍රයාගේ සමීපරුවක් සපයමින් සක්‍රිය යමහලක් ගැන අනාවරණය කිරීම මහත් පුදුමයක් දනවන්නක් විය. එහි යමහල් දුම්ගොටු සැතැපුම් 100 ක උන්නතාංශකයකින් උඩට නගී. අයෝ චන්ද්‍රයාගේ තරුණ මතුපිට (පෘෂ්ටය) යමහල් හා ලාවා දෝර තැනින් තැන විසිරී දක්නට ලැබේ. සල්ෆර් නිධි හේතුවෙන් එයට කුණු වු දොඩම් ගෙඩියක පෙනුම ලැබී ඇත.
අයෝ අභ්‍යන්තරය, උණුවූ පාෂාණ බවට හරවමින් තාපනය කෙරෙන්නේ කුමකින්ද? බ්‍රහස්පති හා අයෝ අතර ගුරුත්වය, පෘථිවිය හා (පෘථිවි) චන්ද්‍රයා අතර ගුරුත්වය මෙන් 318 ගුණයකි. යුරෝපා සහ ගනිමේඩා චන්ද්‍රයන්ද අයෝව ‘අදිමින්’ සිටියි. අයෝ බ්‍රහස්පති වටා දින 1.7ක යාම්තමට ඉලිප්සීය කක්ෂයක පිහිටන්නේ මේ නිසාවෙනි. මෙය, ප්‍රමාණය හා ස්ථානය මත දෝලනය වෙමින් අයෝ මත උදම් නෙරීම් හෙවත් ඉලිප්පීම් ඇතිකිරීමට මගපාදයි. නිරතුරුව සිදුවන මේ ඇදීම හා මිරිකීම අයෝ අභ්‍යන්තරය රත් කරයි. එමගින්, විකිරණශීලී ක්‍ෂයවීම ෙමන් 280 ගුණයක තාපයක් නිපදවයි.
එතකොට අයිස්මය චන්ද්‍රයා යුරෝපා කෙලෙසද? එය බ්‍රහස්පතිට වඩාත්ම ඔබ්බෙන් පිහිටා ඇති අතර එහි කක්ෂය අයෝට වඩා ඉලිප්සීය ගතිය අඩුය. එහෙත්, උදම් තාපනය මගින් පාරසෞම (යටිතල) සාගර නිර්මාණය කළ හැකි වේ. වොයේජර් යානාව මගින් සිදු කරනු ලැබුවාට වඩා විස්තරාත්මක අධ්‍යයනයක් විද්‍යාඥයන්ට අවශ්‍ය විය.
ගැලීලියෝ අභ්‍යවකාශ විපරම සැලසුම් කරන ලද්දේ බ්‍රහස්පති වටා කක්‍ෂගතව එම වායු යෝධයා සහ එහි චන්ද්‍රයන් පිළිබඳව දිගුකාලීන අධි-විභේදන නිරීක්‍ෂණ සිදුකිරීමටය. එය 1985 දී ප්‍රබල ආකාරයෙන් දියත් කිරීමටත් 1987 දී ළඟාවීමටත් සැලසුම් කර තිබුණි. එහෙත් එය ඇත්තටම අභ්‍යවකාෂ ගත කෙරුණේ 1989 දී ය. ඒ පමාවීම් සහ චැලෙන්ජර් යානයේ ඛේදවාචකය හේතුවෙනි. (1986 ජනවාරි 28දා ගුවන් ගතකොට තත්පර 73 කදී චැලේන්ජර් යානය විනාශවීමෙන් එහි ගමන් ගත් අභ්‍යවකාශගාමීන් හත් දෙනාම ජිවිතක්ෂයට පත්වූහ) ෙමෙලස ආරක්‍ෂාව ගැන තිබූ අවධානය වැඩිවීම, වඩා මන්දගාමි ඝන ඉන්ධන බුස්ටරයක් යොදා ගැනීමට මග පෑදීය.
(යුරෝපා චන්ද්‍රයා ගැන තවත් විස්තර ලබන සතිෙය්)
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්