සැමට විදු නැන නුවණ – Science Literacy for All

ශක්ති සාක්ෂරතාව ගැන කෙටි හැඳින්වීමක්

ශක්ති සාක්ෂරතාව අප බොහෝ දෙනාට තරමක අළුත් යෙදුමක්. අකුරු ලිවිම, කියැවීිම ගැන කියැවෙන භාෂා සාක්ෂරතාව ගැන ඒ වගේම පරිගණක සාක්ෂරතාව ගැන අපට අසා හුරුපුරුදු වුණත් ශක්ති සාක්ෂරතාව තරමක් නුහුරු ගතියක් දැනෙන්නේ මාධය තුළ හෝ වෙනත් පොදු වේදිකාවල ඒ ගැන එතරම්ම සඳහන් නොවිම නිසයි. ඒත් අනෙකුත් සාක්ෂරතා මෙන්ම ශක්ති සාක්ෂරතාවත් අපට අතිශය වැදගත්. ශක්ති සාක්ෂරතාව කියන්නේ විශ්වය හා අපේ ජීවිත තුළ හක්තියෙහි ස්වභාවය හා කාර්ය බාරය වෙත් භූමිකාව අවබෝධකර ගැනිමයි. එමෙන්ම ශක්ති සාක්ෂරතාව යනු එම අවබෝධය ගැටළුවලට පිළිතුරු සැපයීම හා ප‍්‍රශ්න විසඳීම පිණිස යොදා ගැනීමට ඇති හැකියාව ද වෙයි. ශක්ති සාක්ෂරතාව  ඇති අයෙකුට:-

  • ශක්ති ගැලීම් අනාවරණය කර ගැනීමට මෙන්ම ශක්තිය ගැන පද්ධති ආකාරයෙන් සිතිමට ඇති හැකියවේ
  • තමුන් කොපමණ ශක්තියක් භාවිත කරන්නේද, ඒ කුමක් සඳහා ද සහ එම ශක්තිය ලැබෙන්නේ කොයිබින් ද යන වග දනියි
  • ශක්තිය ගැන තොරතුරුවල විශ්වසනීයත්වය කිරා මැන බැලීමට, තක්සේරු කිරීමට හැකිවෙයි
  • ශක්තිය හා ශක්ති භාවිතය ගැන ඵලදායි ලෙස සංනිවේදනයෙහි යෙදිමට පුළුවන
  • බලපෑම් සහ ප‍්‍රතිවිපාක ගැන අවබෝධයකින් යුතුව ශක්තිය හා ශක්ති භාවිතය ගැන දැනුවත් තීන්දු තීරණ ගැනිමට හැකියාව ඇත
  • ශක්තිය ගැන තම මුලු ජිවිත කාලය තුළම දිගටම උගෙනීමෙහි යෙදෙයි.

 

ශක්ති සාක්ෂරතාව සමාජ හා ස්වාභාවික විද්‍යා  සාක්ෂරතාවයේම කොටසකි

ශක්ති පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් ඇත්තටම විෂයාන්තර හෙවත් අන්තහ් හික්ෂා විය යුතුයි. ස්වාභාවික විද්‍යා හෝ ඉංජිනේරුමය ප‍්‍රවේශයකින් පමණක් ශක්තියට අදාළ විවාදාත්මක කරුණු කාරනා තේරුම් බේරුම් කරගැනිමට හෝ ශක්තියට අදාළ ගැටළු විසඳා ගැනීමට නොහැකිය. ශක්තියට පාදක ප‍්‍රශ්න ගැන අවබෝධකර ගැනීමේදී විද්‍යාව, ගණිතය හා තාක්ෂණයට අමතරව ප‍්‍රජාචාරය, ඉතිහාසය, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හා දේශපාලනය ගැන අවබෝධයක් බොහෝ විට අවශ්‍යවේ.

සමාජ හා ස්වාභාවික විද්‍යා ශක්ති සාක්ෂරතාවයේ කොටසක් වන්නා සේම ශක්ති සාක්ෂරතාව, සමාජ හා ස්වාභාවික විද්‍යාව පිළබඳ දැන උගත් කමෙහි අත්‍යවශය කොටසකි. ශාස්ත‍්‍රීය ශික්ෂණ සියල්ලෙහිම පාහේ අධ්‍යාපනික විෂයමාලා තුළ කෙරෙන සඳහන් කිරීම් දැක ගත හැකිය.

ශක්ති සාක්ෂරතාව වැදගත් වන්නේ ඇයි?

ශක්තිය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තිබීමෙන් :

  • වඩාත් දැනුවත් තීරණයන්ට මග පෑදේ
  • ජාතියක සුරක්ෂිතබාවය වැඩිදියුණවේ
  • ආර්ථික සංවර්ඨනය ප‍්‍රවර්ධනය කෙරේ
  • ධරණීය ශක්ති භාවිතියට මග පෑදේ
  • පාරිසරිකික අවදානම් සහ ඍණාත්මක බලපෑම් අඩුවෙයි
  • පුද්ගලයන්ට සහ සංවිධානවලට මුදල් ඉතිරි කර ගැනීමට උපකාරීවෙයි

ශක්තිය, ශක්ති ප‍්‍රභවයන්, ශක්ති ජනනය, බාවිතය හා සංරක්ෂණ ක‍්‍රමෝපායන් ගැන අවබෝධයක් නොමැතිව පුද්ගලයන්ට හා ප‍්‍රජාවන්ට නැණවත්ව නිවස තුළ හක්ති භාවත කිරිමේ සහ පාරිභොගික තේරීම්වල සිට ජාතික හා අන්තර් ජාතික ශක්ති ප‍්‍රතිපක්ති දක්වාවූ මාතෘකා පරාසයක් සම්බන්ධයෙන් දැනුවත් තීන්දු තීරණ ගැනීමට නොහැකිය. වර්තමාන්යේ ජාතික මට්ටමෙන් සහ ගෝලීය වශයෙන් කතාබහ, වාදවිවාද වලට ලක්වන ෆොසිල ඉන්ධනසැපයුම සහ දේශගුණ විපර්යාස වැනි මාතෘකා ශක්තිය පිළබඳ අධ්‍යාපනයේ වැදගත්කම ඉස්මතු කරයි.

විෂයෙහි හා මතෘකාවෙහි වැදගත්කම සලකා තතු මේ සම්බන්ධව ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවේ. ඊ ළ`ග ලිපියෙන් සාකච්ඡුා කිරීමට බලාපොරොත්තුවෙන්නේ ශක්තිය ගැන අප දැන සිටිය යුතු කරුණු අප දැනගත්තේ කෙසේද? යන්න ගැනයි

 

ඇමරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ  Energy Literacy: Essential principles and Fundamental concepts for Energy Education නමැති උපදෙස් සංග‍්‍රහය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: