විදු නැන නුවණ – Science Literacy for All

ශාක හා සත්ත්ව සංවේද (Plant and Animal senses)

මිනිස් අපට සංවේදන ඇතත් ශාක හෝ සතුන් ගැන සිතීමේදි සංවේදන ඇතැයි යන්න අපට නිරතුරුව සිහියට එන්නේ නැහැ. ශාක සම්බන්ධයෙන් මෙය වඩාත් ප‍්‍රකටයි.

සියළු සජීවීන් ආලෝකය, ශබ්දය හෝ  රසායන සංයුතිය ආදීයේ වෙනස්කම්වලට දක්වන ප‍්‍රතිචාර යනාදී වශයෙන්  වටපිටාවට, පරිසරයට සංවේදීය.  ප‍්‍රතිචාර දැක්වීමට, නිදසුනක් ෙලස දක්වතොත් තර්ජනයකට ප‍්‍රතිචාර දැක්වීමට- මෙම සංවේදන මගින් ඉඩ සැලසීමෙන් ඒවායේ පැවැත්මට ඇති අවස්ථා වර්ධනය වෙයි.

ආවර්තනය(Tropism)

සිය වර්ධනය උපරිම තලයකට ගෙන ඒමට උපකාරී වෙන අයුරින් පරිසරයේ ඇති සාධක සංවේදනයට ශාක සමත්වේ. ආවර්තනය වශයෙන් හදුන්වන්නේ මෙයයි. බීජයක් ගුරුත්වයට සංවේදීය(ගුරුත්වාවර්තනය (gravitropism)). එනිසා එහි මුල්, පස ඇතුළට ඇදෙයි. ඒ මුල් පසෙහි ඇති ජලය වෙතට ද යොමුවෙයි(ජලාවර්තනය(hydrotropism)).  මේ අතරවාරයේම කඳ සුර්යාලෝකය ඔස්සේ උඩ අතට වැඩෙයි (ප‍්‍රභාවර්තනය (phototropism)).  කඳෙහි එක් පැත්තක ෙසෙල අනෙක් පැත්තේ ඒවාට වඩා දිගු වන සේ වර්ධනය කිරීමෙන්  වර්ධනය වන ලක්ෂ්‍යයක් (විභාජකය the meristem)ඇතිවීමට සලසයි.

Photoropism

සත්ත්ව සංවේද(Animal senses)

ස්පර්ශය, ගන්ධය, දැකීම. ඇසීම සහ රසය යන මානව සංවේද සියල්ලම සත්ත්වයින් විසින් ද යොදා ගනු ලැබුවත් ඒ මිනිසුන් යොදා ගන්නා අන්දමට නොවේ. නිදසුන් දක්වන්නේ නම්, තණ කොළ පෙත්තාට ඇසෙන්නේ පීඩන සංවේදී දණහිස්වලිනි; නිවෙස්වල සිටින මැස්සන් ආහාර රසවිඳින්නේ ඒවා මත සිට ගැනීමෙනි (උන්ගේරසංකූර ඇත්තේ පාදවලය); සලබයන්ගඳ සුවඳ හදුනාගන්නේ උන්ගේ අන්තිනාවලිනි(antennae) මානවයන්ගේ සංවේදවලට අනුරූප නොවන සංවේද ද ඇතැම් සතුන්ට ඇත.

 

DK Publishing Help Your Kids with Science (2012) ග‍්‍රන්ථය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: