විදු නැන නුවණ – Science Literacy for All

ආහාර හිඟයට ආවඩන ආහාර නාස්තිය

ආහාර සම්බන්ධයෙන් අද ලෝකය මුහුණ පා ඇති ප්‍රධාන තම ප්‍රශ්නය කුමක්දැයි ඇසුවොත්, ඒ ආහාර හිඟය යයි පිළිතුරු ලැබෙනු ඇත. මෙයම තවත් සංශෝධනය කර කීවොත්, ලෝකයේ ඇතැම් අයට වුවමනාවටත් වඩා ආහාර තිබියදී සැලකිය යුතු පිරිසක් ආහාර හිඟයෙන් පීඩා විඳින්නේය. යනුවෙන් සඳහන් කළ හැකිය. මේ  ප්‍රශ්නයට පෝෂණය, යෝග්‍ය ආහාර, සෞඛ්‍ය ගැටලු ආදී තවත් මාන ගණනාවක් තිබෙන බව පිළිගත යුතුයි.  තතු මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ ආහාර හිඟය ගැන නොව ආහාර නාස්ති ගැනයි. (ඇත්තෙන්ම නාස්තිය හැම විටම හිඟයට බලපාන නිසා මෙය ද ආහාර හිඟයටත් සම්බන්ධ යයි කිව හැකිය. දින කිහිපයක් ගතචුණත් තවමත් ආහාරයට යෝග්‍ය තත්වයේ එළවලු පළතුරු ආදිය අලවි කරන්නේ නම් ආහාර ටොන් මිලියන ගණනක් නාස්තිවී අහක යාම වළක්වා ගත හැකි යයි ඩානා ගන්ඩර්ස් පවසයි. ඇය ඇමරිකාවේ ස්වාභාවික සම්පත් ආරක්ෂක සභාවේ ව්‍යාපෘති විද්‍යාඥවරියකි. අපේ විශේෂඥභාවය ආහාර හා කෘෂිකර්මය සම්බන්ධයෙනි.

ආහාර නාස්තිය සිදුවන්නේ ආහාර වෙළෙද සල්වලදීම පමණක් නොවේ. හෝටල්වල මේසයට යවා ඉතිරිවන ආහාර ඊළඟට යැවෙන්නේ කුණු බාල්දියටයි. නිවෙස්වලද කෑම සදහා බෙදා ගැනීමෙන් පසු නොකා ඉතිරිවන ආහාර වැඩිකොටසක්ම අපතේ යයි. ඊටත් අමතරව ශීතකරණ තුළ සැලකිය යුතු කලක් තිබියදී නරක්වන ආහාර ප්‍රමාණයන්ද  සුළු පටු නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩ කරන ලද ඉඩම්වලට දායක වන එක් තනි සාධකයක් වශයෙන් ගතහොත් ඒ ආහාර අපද්‍රව්‍යයයි. කාබන්ඩයොක්සයිඩ් වලට වඩා 20 වාරයක් ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් නිපදවීමේදී ඒවා වැඩිපුරම දායක වෙයි.

ගොවීන්ට සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකිවීම නිසා අස්වැන්න නෙලා අලෙවි කර ගැනීමට නොහැකිව හෝ අස්වැන්න නෙලන්නේ නැතිවම වගා බිමේදීම හෝ විනාශ වී යන එළවළු ප්‍රමාණය අති විශාලය. මෙය අප රටේ ද සුලබව  සිදුවන දෙයකි. වසරකට මල්ගෝවා රාත්තල් මිලියන 90ක් ඇමරිකාවේ වගාබිම්වල කුණුවී යාම පිණිස අත්හැර දමන බව මෑතක සිදු කළ අධ්‍යයනයක් හෙළි වෙයි. සියල්ල සලකා බලන විට ඇමරිකාවේ ගොවීන් නිපදවන ආහාරවලින් 40%  කිසිදිනක කෑමට නොගන්නා බව සඳහන් කිරිම පුදුමයට කරුණක් විය හැකියි. නාස්තියට අමතරව මෙමගින් කියැවෙන තවත් දෙයක් ඇත. ආහාරයට නොගෙන අපතේ යන එම 40% ආහාර ප්‍රමාණය නිපදවීම සඳහා ගොවීන් වැය කළ ශ්‍රමය සහ  ෆොසිල ඉන්ධන, කෘෂිරසායන, ජලය, වහා කළ බිමෙන් ලබා ගත හැකිව තිබුණ ප්‍රයෝජනය ආදියද නාස්තිවීමක් සිදුවේ. පාරිසරික වශයෙන් ගත්තත් මේ අධික නිෂ්පාදනය සඳහා වැය වන මුදල නිසා එම හානිය විශාලය. එමෙන්ම වෙළඳපොළට එන ප්‍රමාණය සීමාවීම නිසා පාරිභෝගිකයා ගන්නා ආහාරවලට වැඩි මුදලක්ද ගෙවීමට ද සිදුවේ.

Food waste

මේ මහා නාස්තිය වළක්වා ගැනීම කළ යුත්තේ කුමක්ද? ආහාර සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ක්‍රියාකාරින් නම් කියාසිටින්නේ ආහාර අළෙවි කිරීමේ දී යම් වෙනස්කම් සිදු කිරීමෙන් මේ ගැන ක්‍රියා කිරීම ආරම්භ කළ හැකි බවයි. ආහාර කොපමණ ප්‍රමාණයක් ඉවත ලන්නේ ද යන්න ගැන සුපිරි වෙළෙඳ සැල් ඇතුළු බොහෝ අළෙවිසැල් හිමියන්ට අවබෝධයක් නැත. අපතේ යන ප්‍රමාණය ගැන ඇගැයීමක් කිරීමට අළෙවි සැල් හිමියන් පටන් ගත යුතු යයි ගන්ඩර්ස් පෙන්වා දෙයි. එවිට ඔවුන් මිලට ගන්නා ප්‍රමාණ පිළිබඳ යථාර්ථවාදී නිගමනයකට එළඹිය හැකිය. තවමත් ආහාරයට ගැනීමට සුදුසු  එෙහත් තවත් කල්තබා ගැනීමෙන් නරක්විය හැකි ආහාර සහන මිලකට පාරිභෝගිකයන්ට සැපයීම තවත් පියවරකි. කල් ඉකුත්වන දිනය නියම කිරීමේ දී  යම් වෙනස්කම් සිදු කළ හැකිය. සෑම නිෂ්පාදනයක්ම බලාපොරොත්තුවෙන්නේ තම නිෂ්පාදනය ඉහළම මට්ටමේ තිබියදී අලෙවි කිරීමටය. තම නිෂ්පාදනය වෙළඳසැල් රාක්කවලින් ඉක්මනින් ඉවත් කර ගැනීමේ ආර්ථික අරමුණ ද මේ පිටුපස ඇත. ගන්ඩර්ස් කියා සිටින්නේ නිෂ්පාදනය ඇත්තටම ‘නරක්වන’ (ආහාරයට නුසුදුසුවන) දිනය පිළිබිඹුවන ආකාරයට දක්වනවා විනා අලෙවිය ඉහළ දමා ගැනීමට නිෂ්පාදකයාට ඇති වුවමනාවම පිරිමසන්නක් නොවිය යුතු බවයි. නැතහොත් සිදුවන්නේ ආහාරයට ගත හැකිව තිබූ ද්‍රව්‍ය වුවමනාවට වඩා කලින් කුණු ගොඩට ඇද දැමීමයි.

මීට අමතරව,  බලාපොරොත්තු තැබිය හැකි තාක්ෂණික විසඳුම් ද ඇත. මස්, මාළු අලෙවි කරන ස්ථානයේ අසල ඇති තාපදීප්ත බල්බ වෙනුවට සීඑෆ්එල් (CFL)බල්බ යෙදීම වැනි සරල උපක්‍රමයකින් අපතේ යාම සැලකිය යුතු ප්‍රමාණයකින් මග හරහා ගත හැකිය. ස්ට්‍රෝබෙරි  ඇසුරුම් තුළ එතිලීන් අවශෝෂණය කරන තීරු යෙදීමෙන් ඒවායේ කාලය දික් කිරීමට අදාළව එක්සත් රාජධානියේ අත්හදා බැලීම සිදු කෙරේ. පළතුරු වුවමනාවට වඩා ඉදීම නතර කරගැනීමට හැකි වන පරිදි අනතුරු හැඟවිය හැකි රසායනික සංවේදක තවත් නව අදහසකි.

ආහාර අපතේ යාමේ ප්‍රශ්නය ගැන එය බහුලව සිදුවන ස්ථාන වන අළෙවි සැල්වල දී වඩා බරපතළ  ලෙස අවධානය යොමු කිරීමෙන් පරිසරය රැකීමට පාරිභෝගිකයන්ගේ වියදම අඩුකිරීමට මෙන්ම මේ ක්‍රියාදාමයේදීම වෙළෙඳසැල් හිමියන්ගේ ලාභය වැඩි කර ගැනීමටද ආධාර විය හැකිය.

The Environmental Magazine  හි What a Waste!  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: