විදු නැන නුවණ – Science Literacy for All

බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා ගවේෂණය කිරීම

          යුරෝපා චන්ද්‍රයා ගැන විස්තරාත්මක වාර්තාවක ෙදවැනි ෙකාටස

ගැලීලියෝ ප්‍රවේගය වර්ධනය කර ගැනීම සඳහා බ්‍රහස්පති සිකුරු හා පෘථිවිය වෙත ආසන්න පියාඹා යාමකට ගුරුත්ව සහාය ඇති පරාචක්‍රයක්ද (trajectory)උපයෝගී කර ගත්තේය. ගැලීලියෝ බ්‍රහස්පති බලා ගිය 6 අවුරුදු චාරිකාවේ දී සැතපුම් බිලියන 2.5ක් ගෙවීය. ගමන අතරතුරේදී ප්‍රධාන ඇන්ටෙනාව, ක්‍රියාවිරහිත වූ අතර දත්ත සම්ප්‍රේෂණය කිරීමට සිදුවූයේ කුඩා ඇන්ටෙනාවක ආධාරයෙනි. සියවාරයක් පමණ දත්ත වේගය පහත වැටුණු නමුත් සැලසුම් කළ විද්‍යාත්මක අරමුණු බොහොමයක්ම අත්පත් කර ගැනීමට හැකි විය.

ගැලීලියෝ යානය බ්‍රහස්පති වටා කක්ෂ ගතව ගමන් කළ කිහිපවාරය අතරතුර යුරෝපා චන්ද්‍රයා ආසන්නයේ ගමන් කරද්දී එහි පරාචක්‍රයේ මද වික්ෂෝභයක් හෙවත් කැළඹීමක් ප්‍රදර්ශනය කළේය. චන්ද්‍රයාගේ ගුරුත්වය හා අභ්‍යන්තර ඝනත්ව ව්‍යුහය පිළිබඳව වඩා හොඳ අදහසක් එමගින් සැපයින. යුරෝපා චන්ද්‍රයා සතුව ඝන ලෝහක (metallic) හරයක් සහ ඝනකම පාෂාණ ප්‍රාවරණයක් ඇත. ඒ සියල්ල වසාගෙන ඇත්තේ දළ වශයෙන් කිලෝමීටර 100ක් පමණ වන අයිස් සහ/හෝ ජලය ස්තරයකිනි. අයිස්, ජලය සහ  අඩ වශයෙන් දිය වූ හිම හෝ අයිස් (slush) යන තුනම සමාන ඝනත්වවලින් යුක්තයි. ගුරුත්ව දත්ත අනුව නම් පාරභෞම (subsurface යටිතල) අයිස් සහ සාගර ආකෘති අවකාශ ඇත.

යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට (පෘෂ්ඨය) ඉතා තරුණ බව ගෝලීය අනුරූප පෙන්නුම් කරයි. සමස්ත සෞර ග්‍රහ මණ්ඩලයේ දීප්තියෙන් තුන්වෙනියට වැඩි අයිස් චන්ද්‍රයා යුරෝපායි. එහි ඇති ඝට්ටන ආවට ස්වල්ප පෙන්නුම් කරන්නේ මතුපිට යළි යළිත් හැඩගැසීමේ චක්‍රයකි. ඉන් හැඟෙන්නේ උපපෘෂ්ඨ ජල / අයිස් මතුවීම්ය.

යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට ලක්‍ෂණ බොහෝමයක් විස්තරාත්මක අනුරූප මගින් දැක්වේ. පැල්ම සහ මියර ජාල රටා පැහැදිලිව දැක ගත හැකිය. උදම් නැමීම් හේතුවෙන් ඒවා සෑදී, විවෘත වී සහ වැසී යා හැකිවේ. රක්ත වර්ණය ප්‍රදේශය අයිස්වලින් හිඟය. එහෙත් ලවණ අතින් පොහොසත්වීමට බොහේ දුරට ඉඩ තිබේ. රත් පැහැය අභ්‍යන්තරයේ සිට උඩට ආ ද්‍රව්‍ය නිසා හිටගත්තක්  වන්නට පිළිවන.

ජිග්සෝ ප්‍රහේළිකාවක කොටස් මෙන් තැනින් තැන විසිරුණු විශාල අයිස් කුට්ටි සහිතව ඇතැම් කලාපවල ඇත්තේ බෙහෙවින් කඩතොළු වූ භූමි භාගයකි. හිම කැටි රටා මගින් සිහි ගන්වන්නේ ආක්ටික් ප්‍රදේශයේ හිම දියවීම හා යළි මිදිමය. මෙයින් ස්ථිරවම හැඟීයන්නේ අභ්‍යන්තරයේ සිට උණුසුම් ජලය ඉහළම නගින බවයි. යුරෝපා චන්ද්‍රයාට ඇත්තේ කැඩුම් බිඳුම් බහුල පෘෂ්ඨයකි (මතුපිටකි). මේ පරිවේෂණීය සාක්ෂ්‍ය පෙන්නුම් කරන්නේ තුනී – සමහරවිට කිලෝමීටර් 1 සිට 10 දක්වා තරම් වූ තුනී අයිස් කබොල්ලකි. එය එසේ නම්, යුරෝපා චන්ද්‍රයාගේ සාගරය කිලෝමීටර 100ක් ගැඹුරු විය හැකියි. පෘථිවියේ සාගර සියල්ලෙහිම ජලය මෙන් දෙගුණයක් ජලය එහි ඇති විය යුතුයි. කෙසේ වෙතත් විය හැකි වෙනත් දේවල්ද තිබේ. බාගදා එකී සාගරය වසර බෙහෝ ගණනාවකට පෙර මිදී ගියේය. සමහරවිට එය ජලයෙන් සැඳුම් ලත් සාගරයකට වඩා අයිස් සාගරයක් විය හැකිය.

ඒ කොහොමවුණත් ද්‍රව සාගරයක් පිළිබඳ ‍තවත් එක් හෝඩුවාවක් ගැලීලියෝ යානාව මගින් සොයා ගනු ලැබීය. බ්‍රහස්පති මගින් පේ‍්‍රරිත යුරෝපා සතුව ඇත්තේ දුර්වල චුම්භක ක්‍ෂේත්‍රයකි. මේ හේතුවෙන් යුරෝපා අභ්‍යන්තරයේ විදුලි සන්නායකයක් ඕනෑ කෙරේ. එවැනි සන්නායකයක් බවට ලවණමය ද්‍රව සාගරයක් පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

උදම් තාපනය වූ ද්‍රව ජලය සහිත පාරභෞම සාගරයක් යුරෝපා සතුවූයේ වී නමුදු මෙම චන්ද්‍රයා පෘථිවියේ සිට ජීවීන් සෙවීම සඳහා ආකර්ෂණීය තැනක් වන්නේ මන්ද? එහි අයිස්මය මතුපිට ඉතා දරුණු ලෙස ශීතලාධිකය. වායුගෝලයක් ඇත්තේම නැත. යුරෝපා මත පතිත වන සූර්යාලෝකයේ තීව්‍රතාව පෘථිවියේ මෙන් සියයට 4 ක් පමණකි. යුරෝපා සතුව තිබෙන්නේ තුනී අයිස් කබොල්ලක් පමණක් නමුදු එම හීන බල සූර්යාලෝකයෙන් බිඳකටවත් පවා එය හරහා අභ්‍යන්තරයේ ඇති සාගරය වෙත ළඟා විය නොහැකිය. කෙසේ වෙතත්, උදම් තාපනය ප්‍රාවරණයේ (mantle) පාෂාණ කොටසක් උණුකිරීමටත්, එහි සාගර පතුලේ ජල තාප ප්‍රමාණවත් විය හැකිය.

එවැනි විවර සහ යමහල් පෘථිවියේ මුහුදු පැළෙහිද ඇත. ඒවා මගින් සාගරයට උණු දිය සහ ඛනිජ පොම්ප කරයි. එවැනි ‘කළු දුම් කවුළු’ සොයා ගනු ලැබුවේ 1977 දී ය. මුහුදු පත්ලෙහි පූර්ණ අන්ධකාරය ඝන අධි පීඩනය නො‍තකා විවර බොහොමයක පුදුමයකට මෙන් යහතින් වැජඹෙන පරිසර පද්ධති ඇත. මූල බැක්ටීරියා මගින් විවරවල සල්ෆර් සංයෝග ආහාරයට ගන්නා ලබන අතර ආහාරදාමය මෙහෙයවන්නේ ප්‍රභා සංස්ලේෂණය නොව රසායනික සංස්ලේෂණයයි.

ඒ ආකාර ජීවින් යුරෝපා චන්ද්‍රයාගේ අඳුරු සාගර ආගාධයේ සිටිය හැකිද? යුරෝපා සම්බන්ධයෙන් නාසා ආයාතනයට දිගුකාලීන සැලසුම් ඇත. ඒවායේ අවසාන ඉලක්කය වනාහි සාගර ගවේෂණය කිරීමයි. එහෙත් එවැනි අධ්‍යයනවල සංකීර්ණ ස්වභාවයක් එමෙන්ම අධික පිරිවැයක් සලකනවිට මෙවැනි ප්‍රයත්න සඳහා දශක ගණනාවක් ගත විය හැකිය. ඊටත් අමතරව පෘථිවියේ බැක්ටිරියා මගින් යුරොපා චන්ද‍්‍රයා දූෂණයවීම ගැටලුවකි. එහෙත් යුරෝපා චන්ද්‍රයා එවැනි දූෂණයවීම මග හරවමින් ගැලීලියෝ විපරම එහි මෙහෙවර 2003 දී අවසන් කළේ වේගයෙන් බ්‍රහස්පති මත කඩා වැටිමෙනි.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: