කටුස්සන් පාට වෙනස්කරන්නේ කොහෙමද?

Posted by

                                                                   කටුස්සන්ගේ ලෝකයේ පුදුම එළවන තැන්

ශරීරාංග ගතහොත් බෝදිලිමා, බොහොඩා හෙවත් කටුස්සා තරම් විප්‍රකාර සතෙක් මුළු සත්ව ලෝකයේවත් නැති වන්නට ඉඩ තිබේ. උගේ දිව ශරීරයට වඩා දිගය. තත්ත්පරයකින් පංගුවකින් එළියට විදින එමගින් කෘමීන් ඩැහැගනු ලැබේ. ටෙලස්කොපික දසුන් සහිත ඇස් වෙන වෙනම එහෙ මෙහෙ හැරවිය හැකිය. පාද, මහ-පටැගිල්ල පමණක් වෙන් වූ අත් පලඳනා වැනි අඩු සහිත පා ඇඟිලිවලින් සමන්විතය. අං මතුව ඇත්තේ නළලින් සහ හොම්බෙන්ය. කුඩුම්බි සහිත නාසයකි. ගෙලවටා ඇති සමේ පෙත්ත ලොවිච්චියක් බඳුය. 03-tongue-160‘’බොහොඩාගේ පැහැය ලැබෙන්නේ ඌ ස්පර්ශ කරන දෙය අනුවය’’ යන්න ජනප්‍රිය මිථ්‍යා කතාවක් වුවත් බොහොඩන් හෙවත් කටුස්සන් ගැන කියැවෙන කොට නිතැතින්ම සිහියට එන්නේ ඔවුන්ගේ පාට වෙනස් කිරීමය. හිටි අඩියේ ගති පැවතුම් වෙනස් කරන මිනිසුන්ටද කටුස්සා වැනි යයි කියන්නේ මේ පාට වෙනස් කිරීම සැලකිල්ලට ගනිමිනි.

ඇතැම් පාට වෙනස් කිරීම් කටුස්සන්ට සිය වටාපිටාව හා ගැළපීමට අධාර වෙතත්, ඔවුන්ගේ සමේ පැහැය වෙනස්වීම වැඩිකොටම සංනිවේදනය සඳහා වූ කායික ප්‍රතිචාරයකි. ඇත්ත වශයෙන්ම එය පෙම්කෙළි (courtship) තරගය හා පරිසරාත්මක ආතතිය යන සිය ජිවිතයට බලපාන කාරණා ගැන කටුස්සන් සිය අදහස් ප්‍රකාශ කරන වර්ණවත් භාෂාවයි..

‘බොහොඩන් ගැන ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ අවධානය යොමුව තිබුණොත්, තවමත් ඔවුන් හා බැඳි අභිරහස් එමටය’ යනුවෙන් බොහොඩන් ගැන විශේෂඥයකු වන ක්‍රිස්ටෝපර් ඇන්ඩර්සන් පවසයි. වේගයෙන් ඉදිරියට ඇදෙන දිවේ සිට සමෙහි වර්ණය වෙනස්වීමේ භෞතික විද්‍යාව දක්වා වූ බොහොඩාට අදාළ යාන්ත්‍රණ ක්‍රියාත්මක වන ආකාරයේ එක් එක් කොටස් අපි එක්කරමින් සිටින්නෙමු’ යයි හෙතෙම කියයි. අල්ලා ගනු ලැබූ කටුස්සන් නිරීක්ෂණය කිරීමෙන් විද්‍යාඥයෝ මෑතක බොහොඩ කායික විද්‍යාව ගැන වැදගත් කාරනා සොයා ගැනීමට සමත්ව සිටිති. එහෙත් නිදැල්ලේ ගෙවන බොහොඩන්ගේ අනාගතය අස්තිරය. පරිසර සංරක්ෂණය සඳහා  වූ අන්තර් ජාතික සංගමය (International Union for Conservation of Nature (IUCN))අවසන් වරට නිකුත් කළ ‘රතු ලැයිස්තුව’ (Red List) අනුව කටුසු විශේෂ භාගයක්ම තර්ජනයට ලක්වූ හෝ තර්ජනයට ලක්වීමට ආසන්නය. දෙසීයකට අධික කටුසු විශේෂ අතුරෙන් සියයට 40 ක් ම හමුවන්නේ මැඩගැස්කරයෙනි. ඉතිරියෙන් වැඩි කොටස අප්‍රිකානු මහද්වීපයේ දිවි ගෙවති. එක හා සමාන වාගේ යයි පෙනී ගිය බොහොඩ විශේෂ ගණනාවක්ම ජානමය වශයෙන් සුවිශේෂී බව DNA පරීක‍්‍ෂාවන්ට පින්සිදුවන්නට සොයා ගෙන තිබේ. දැනට දන්නාවූ විශේෂ අතුරෙන් 20%ට වැඩිය හඳුනාගෙන ඇත්තේ පසුගිය වසර 15 තුළය.

බොහොඩන්ගේ වර්ණනය හෙවත් වර්ණාකරණය(coloration) ගැන අවබෝධයද කාලයාගේ ඇවෑමෙන් වෙනස් වී ඇත. එය වඩාත් ප‍්‍රබල ආකාරයකින් වෙනස් වූයේ මේ වසර මුදලදී ය. ඒ පරිණාමීය ප්‍රවේණී විද්‍යාඥ සහ ජෛවභෞතික විද්‍යාඥ මයිකල් මිලින්කොවිච්ගේ පර්යේෂණ වාර්තාව නිකුත්වීමත් සමගය. විද්‍යාඥයන් බොහෝ කලක් තිස්සේ සිතා සිටියේ ශිරා වැනි සෛල ප‍්‍රසාරක දිගේ සමේ සෛල වර්ණක පැතිරීයාම මගින් බොහොඩන් පාට වෙනස් කරන්නේය යනුවෙනි. එහෙත් එම න්‍යාය වලංගු නොවන බව පවසන මිලන්කොවිච් පෙන්වා දෙන්නේ සමෙහි කොළ වර්ණකය නොමැති කොළ පැහැති බොහොඩන් බොහෝ සිටිනා බවයි. එහෙයින්, ජිනීවා සරසවියේ සගයන් හා එක්ව හෙතෙම භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව එකට එකතුකොට පර්යේෂණ ආරම්භ කළහ. ත්‍රිකෝණාකාර දැලිස් (ස්ඵටිකයක් නිර්මානය වන පරමාණු කාණ්ඩවල ජාලාකාර සැකැස්ම lattice) ලෙස සකසන ලද නැනෝ මට්ටමේ ස්ඵටික අඩංගු සමේ තවත් ස්තරයක් සොයා ගැනීමට මෙම පර්යේෂණවලදී ඔවුහු සමත් වුහ‍.

මේ බොහොඩ සම් සාම්පල පීඩනයට හා රසායනවලට අනාවරණය කළ විට ස්ඵටික, ඒවා අතරතුර හිඩැස වෙනස්කිරීමට හැකිවන පරිදි සුසර කළ හැකි බව පෙනී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ඵටික දැලිස මගින් පරාවර්තනය කෙරෙන ආලෝකයක් වර්ණ කෙරෙහිද බලපෑමක් ඇති කරයි. මෙම ස්ඵටික අතර දුර වෙනස් කරන විට පරාවර්තනය වන ආලෝකය නිල් පාටින් කොළපාටටත්, කොළ පාටින් කහ පාටටත්, කහ පාටින් තැඹිලි පාටටත්, තැඹිලි රතු පාටටත් මාරුවේ. මෙම මාරුව, ඉහිල්ව සිට වඩාත් කැලඹුණු හෝ අනුරාගික අවස්ථාවකට ක්‍රමයෙන් පැමිණෙන විට දිවි බොහොඩන් (panther chameleons)  සමහරක් විශේෂ අතරේ පොදුවේ දැකිය හැකි බහුරූපේක්ෂීය ප්‍රදර්ශනයකි (a kaleidoscopic display).

සියලුම  බොහොඩන් පාට වෙනස් කළත් ඇතැම් විශේෂ බලාසිටින්නන් බියපත් කිරීමට තරම් වූ කැපීපෙනෙන මට්ටමකින් පාට වෙනස් නොකරති. කෙසේ වෙතත් තර්ජනාත්මකව බියවැද්දිම සඳහා බොහොඩන් සියලු දෙනාටම පාහේ තවත් ක්‍රමෝපායක් ඇත. එනම් ඇත්තටම වඩා 131211134233_1_900x600විශාල කර ශරිරය ප්‍රදර්ශනය කිරීමේ හැකියාවයි. ඔවුන් සිය මූට්ටු වී ඇති V හැඩය ගත් පර්ශු (ribs) හෙවත් ඉල ඇට කණ්ටකය ඉස්සිය හැකි පරිදි දිග ඇරීමෙන් පළල අඩුකොට සිරුරේ උස වැඩිකර ගනිති. එමෙන්ම, හිස වලිගා ඉතා තදින් ඔතාෙගන දිව උපකරණය සිය උගුරු පුළුල් කිරීමට යොදා ගැනීමෙන්ද සිය පෙනුම ලොකු කර පෙන්වීමට ඔවුන්ට හැකිවෙයි.

තමන්ව ගොදුරුට ගන්නා පක්ෂීන්ගෙන් හා සර්පයන්ගෙන් බේරීම පිණිස බොහොඩන් සැඟවී සිටීමට නව ක්‍රම පරිණාමනය කර ගෙන ඇත. බොහොඩන් විශේෂ බොහොමයක් රුක් වැසිය (arboreal).  ඔවුන් සිය සිරුර පටු කර ගත් විට ගසක අත්තක යටි පැත්තේ සැඟවී සිටීමට තරම් සිරුර සිහින්ය. බිම  වසන බොහොඩන් විලෝපියෙක් දුටුවිට වන බිම මත පතිතව හැකිලී ගිය පත්‍රයක් සේ පෙනෙන පරිදි සිය සිරුරෙහි නියම හැඩය විකෘතිකරති.

සමහර තර්ජන හමුවේ දිවි ගලවා ගැනීමට බොහොඩන් සමත් වෙතත් ෙහ්න් වගාවෙන් සිය වාසස්ථාන වලට කෙරෙන විනාශයෙන් ගැලවී ගත නොහැකිය. බොහොඩ විශේෂ 9ක් දැඩිසේ ආපදාපන්න (critically endangered) ලෙස ද විශේෂ 37 ක් ආපදාපන්න ලෙස ද 20 අවදානම් සහගත ලෙසද 35 ක් තර්ජනයට ලක්වීමට ආසන්න විශේෂ ලෙස ද IUCN මගින් නම් කර ඇත.

National Geographic Magazine හි The Colorful Language of Chameleons ලිපිය ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

  1. මට සැලමන්දරා ගැන හොයන කොටයි මේ අඩවිය හමු වුනේ
    මට හිතුනා මගේ කුඩා කාලය මේ කාලයට ආවා නම් කොච්චර හොදයිද කියලා
    අපිට ජෙලි පිස් කිව්වාම දකින්න පිංතුරයක්වත් තිබ්බේ නැ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.