සෙනසුරු ග‍්‍රහයාගේ චන්ද‍්‍රයෙකු වන එන්සෙලාඩස් මතුපිටට යටින් මහ සාගරයක් ඇති බවට මෙතෙක් ලැබි ඇති හොඳම සාක්ෂි කැසිනි විපරමේ අළුත්ම දත්ත මගින් සපයා ගැනිමට සමත්ව ඇතැයි නාසා ආයතනය වාර්තා කරයි. එය කෙටි කලක් පවතින මුහුදක් නොව බොහෝ කාලයක් තිස්සේ තිබෙන ගෝලිය වශයෙන් ව්‍යාප්තවූ මහා සාගරයකි. එන්සෙලාඩස් චන්ද‍්‍රයාගේ දක්ෂිණ ද‍්‍රවයේ තිබෙන ‘ගොටු‘ වලින් ජල වාෂ්ප විදින බව 2005 දි සොයා ගැනීමෙන් අනතුරුව විද්‍යාඥයන් දිගටම උත්සාහ දැරුවේ පෘථිවියෙන් බැහැර ජිවය පැවතිය හැකි තැනක් ලෙස එන්සෙලාඩස් චන්ද‍්‍රයාගේ ගුප්ත අභ්‍යයන්තරය ගැන වැඩිමනත් අවබෝධයක් ලබාගැනීමටය.
එන්සෙලාඩස් ආසන්නයේ කැසිනි යානය යළි යළිත් පියාසර කරද්දී කාබනික අණු සහ ජලවාෂ්ප ගොබයේ ලුණු ඇතුළුව විස්මය දනවන තොරතුරු ආනාවරණය විය. ඒවායින් ඉගිකෙරුණේ විශාල ජල කඳක් යයි සිතිය හැකි දෙයක් යට චන්ද‍්‍රයාගේ ඇතුළාන්තයේ ජලතාප ක‍්‍රියකාරත්වයයි. එෙහත් එවන් සොයාගැනීම් සිදු කෙරුණේවි නමුත් ජල පරිමාව නිර්ණය කිරීම විද්‍යාඥයන්ට කිසිසේත්ම පහසු කාර්යයක් නොවිය. මෙම චන්ද‍්‍රයාගේ ගුරුත්ව කේෂත‍්‍රය සැලකිල්ලෙන් මැන බැලූවිට පවා ලබාගැනිමට හැකිවු තොරතුරු විවාදයට ලක්විණ. සමහර න්‍යායවාදීන් කියා සිටින්නේ දක්ෂිණ ධ‍්‍රැවය යට සුළු මුහුදක් පමණක් තිබෙන බවයි. දක්ෂිණ ධ‍්‍රවයේ ගොටු වලින් පිටවන්නේ සෙනසුරුගේ ගුරුත්ව ඇදිල්ල මගින් හෙවත් උදම් තාපනයෙන් ක්ෂණිකව පිටවන තෙතමන පොද බවයි ඔවුන්ගේ අදහස. භූවිද්‍යා කාල පරිමාණයකදී එවැනි සුළු මුහුදු තාවකාලික වන අතර ජීවය ඇතිවිම වළකයි.
ඊට පටහැනිව අනෙකුත් න්‍යායවාදීන් තර්ක කරන්නේ එන්සෙලාඩස් පුරාවට පැතිරුණු සාගරයක් ගැන කැසිනි දත්තවලින් කියැවෙන බවයි. එවැන්නක් ජීවය හටගැනිමට වඩා හිතකර වුවත් එවැන්නක පැවැත්ම පැහැදිලි කරදිම පහසු නැත: එන්සෙලාඩස් පළලින් ඇරිසෝනාව තරම් වු ඉතා කුඩා චන්ද‍්‍රයෙකි. සාගර වැනි ජලය විශාල ප‍්‍රමාණයක් වෙනුවෙන් වුවමනා වන අතිවිශාල අභ්‍යයන්තර තාපයක් පහසුවෙන් නිපදවිමට හෝ පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් ස්කන්ධයක් ඊට නැත. මේ පසුබිම යටතේ එන්සෙලාඩස් සතුව කලක් තිස්සේ පවතින, ගෝලිය වශයෙන් පැතිරුණු සාගරයක් ඇති බවට කදිම සාක්ෂි හමුවන්නේ කැසිනි නව දත්ත මගිනි.
එන්සෙලාඩස් චන්ද‍්‍ර‍්‍රයාගේ ගුරුත්ව ක්ෂේත‍්‍රය තව තවත් අධ්‍යයනය කරනු වෙනුවට පර්යේෂකයෝ චන්ද‍්‍ර‍්‍රයාගේ තෝලනය සඳමඬලේ ගැටියෙහි සාමාන්‍යයෙන් නොපෙනෙන කොටස පෙනෙන සේ කෙරෙන දෝලනය — ඒ කියන්නේ චන්ද‍්‍රයා කක්ෂ ගතව සෙනසුරු වටා ගමන් කරද්දී එය පැත්තෙන් පැත්තට සැලිම මැන බැලිම පිණිස කැසිනි මගින් ගනු ලැබූ එන්සෙලාඩස් මතුපිට අනුරූපන මත විශ්වාසය තැබුහ. ප‍්‍රමාණය කුඩා වුවත්් පාෂාණමය හරය දක්වාම මිදුණු කබොල්ලක් තිබිය නොහැකි යයි කීමට තරම් චන්ද‍්‍රයාගේ පැද්දීම ප‍්‍රමාණවත්ය. පර්යේෂණයේ ප‍්‍රතිපල Icarus සගරාවෙහි පළවිය.
‘පෘෂ්ඨය හා හරය ඉතා දැඩි ලෙස සම්බන්ධ නම් හරය කොපමණ අවස්ථිතික ස්කන්ධයක් (dead weight) සපයයි ද කිවහොත් චන්ද‍්‍රයාගේ පැද්දීම අප නිරීකෂණය කරාට වඩා බෙහෙවින් කුඩ විය යුතුය‘ යනුවෙන් පර්යේෂණ වාර්තාවේ සම කර්තෘ, කැසිනි විද්‍යාඥ මැතිව් ටිස්කැරේනෝ පවසයි. ‘පෘෂ්ඨයත් හරයත් අතර ගෝලීයව පැතීරී තිබෙන ද‍්‍රව ස්තරයක් ඇති බව මෙයින් මනාව ඔප්පුවෙනවා.‘
චන්ද‍්‍රයාගේ පැද්දීමට හේතුවන්නේ මතුපිටින් කිලෝමීටර් 26 ත් 31 ත් අතර ගැඹුරකින් පිහිටි මහා සාගරයක කැලතිම බවත්, එවැනි ජල කඳක් පෘථිවියේ අප දන්නා අන්දමේ ෙහවත් මාදිලිෙය් ජිවය හට ගැනීමටත් පරිණාමනයවිමටත් ඔ්නෑ තරම් අවස්ථා සපයන බවත් පර්යේෂකයන්ගේ අදහසයි.
එන්සෙලාඩස් ගැන තතු සැප්. 17 පළ කළ ලිපියට මෙතැනින් පිවිසෙන්න.
Scientific American හි Cassini Confirms a Global Ocean on Saturn’s Moon Enceladus (September 16, 2015) ලිපිය ඇසුරෙනි