විදු නැන නුවණ – Science Literacy for All

වඩාම විශාල සහ ඉතාම කුඩා පැටව් ඇත්තේ කුමන සතුන්ටද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී සංසන්දනය කෙරෙන්නේ ඒ ඒ සතුන් සිය මවට හෝ පියාට සාපේක්ෂව කෙතරම් විශාලද කුඩාද යන්න මිස සතුන් අතර පැටව් සංසන්දනයක් නොවෙයි. කොහොමටත් අලි පැටියෙකුයි පූස් පැටියෙකුයි එක සමාන වෙන්නේ නැහැනේ. ඉතින් යෝධ පැන්ඩා අම්මා කෙනෙක් ගත්තොත් එයාගේ පැටියාට වඩා නවසිය වාරයක් පමණ විශාලයි. පසුගිය අගෝස්තුවේ ඇමරිකාවේ ජාතික සත්ව උද්‍යානයේ යෝධ පැන්ඩ මේ සියෑංට පැටියෙකු ලැබුණා. ඊට පැය කීපයකට පස්සේ තවත් පැටියෙකු ලැබුණා. ඇස් ඇරී නැති මේ ලොම් රහිත පැටවුන් දෙදෙනාගේ බර ග්‍රෑම් 86 ක් සහ ග්‍රෑම් 138ක්. පැන්ඩා අම්මා ග්‍රෑම් (කිලෝග්‍රෑම්) කුඩාම පැටියාට වඩා දහස් වාරයක් වැඩියි.

පැන්ඩා පැටියාගේ මේ අතිශය කුඩා බව පුදුමය දනවන්නක් විය හැකියි. පැන්ඩා අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් උපන් හැටියේ පැටියාට වඩා 900 වාරයක් විශාලයි. මිනිස් අම්මා කෙනෙකුට උපදින දරුවාට වඩා මව බර වැඩිවන්නේ සාමාන්‍යයෙන් 20 ගුණයකින් පමණයි. ඒ කොහොම වුණත් ක්ෂීරපායි සතුන්ගේ නවජාත පැටව් හා මව අතර අනුපාතය පුළුල් පරාසයක් ගන්නවා. සතෙකුට කුඩා හෝ විශාල පැටියෙකු ලැබීම රඳා පවතින්නේ උපන් අවස්ථාවේ පැටියා කොයිතරම් දුරට ස්වයංපෝෂිත යන්න උඩයි. උපතෙන් පසු විශාල වශයෙන් උවටැන් කළ යුතු පැටව් හඳුන්වන්නේ සුතපෝෂක (altricial) යනුවෙනි. වර්ධනයෙන් වැඩිව උපදින අය හඳුන්වන්නේ ප්‍රපාකවූ (precocial) හෙවත් බිහිවන  විට ස්වාධීනව දිවිගෙවීමට හැකියාව ඇති අය ලෙසයි. මේ දෙක අතර ආවලියේ සුතපෝෂක අන්තයට ‍තමයි පැන්ඩා පැටව් මෙන්ම මිනිස් පැටව් ද වැටෙන්නේ.

seanbab

පැන්ඩා පැටව් උණුසුම, ආහාර සහ මල මුත්‍රා කිරීම පවා ඇතුළුව සෑම දෙයක් සඳහාම පැන්ඩා මව මත රඳා පවතිනවා. බිහි වීමෙන් පසුව පැටියාගේ වර්ධනයේ මෙපමණ ප්‍රමාණයක් ගර්භාෂයෙන් පිටත සිදුවීමට එක් හේතුවක් ලෙස සැලකිය හැක්කේ, මව්කිරි මගින් සිදුවන පෝෂණ සම්ප්‍රේෂණය කලල බන්ධනය හෙවත් වැදැමහ මගින් සිදුවන පෝෂණ සම්ප්‍රේෂණයට වඩා හොඳ නිසා විය හැකි යයි සැන්දියාගෝ සත්වෝද්‍යානයේ ව්‍යවහාරික සත්ව පරිසරවිද්‍යා සහායක අධ්‍යක්ෂ මෙගාන් ඕවන් පවසනවා. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් ගතහොත්, ජිරාෆ් පැටියෙකුට උපදිනු හැටියේ ම (මදක් අපහසුවෙන් වුවත්) ඇවිදින්න පුළුවනි. මෙම වඩාත් ස්වයංපෝෂිත පැටවුන්, මව හා සැසදීමේ දී සාපේක්ෂව විශාල යයි ඕවන් පවසයි. නිදසුනක් දක්වතොත්, ජිරාෆ් පැටවා උපතේදී මවගේ බරින් දහයෙන් එකක් පමණවෙන අතර සුතපෝෂක පැන්ඩා පැටවා මවගේ බර මෙන් නවසියයෙන් එකයි.

ඉතාම කුඩා පැටවුන් ඇති විශේෂ ලෙස දැක්විය හැකි රතු කැන්ගරු වැනි පැසිපොව්වන් හෙවත් ෙස්පාටිකයන්(marsupials) සිය මවට වඩා ලක්ෂවාරයක් කුඩා යි. පැසිපොව්වන්ට කලල බන්ධනයක් නොමැත. ඔවුන්ගේ පැටව් කොපමණ නම් සුතපෝෂක ද කීවොත් ඔවුන් බිහිවෙන්නේ භ්‍රෑණයන් බඳුවය. ‘කොපමණ කුඩා ද කීවොත් තමන්ටම දිවිය ගෙන යා නොහැකි අතර තණ පුඩුවට ඇලීගෙනම ඉතා දිගුකාලයක් ජීවත් විය යුතු වන බව ඔිස්ටෙ‍්‍රීලියාවේ මොනෑෂ් සරසවියේ පරිණාමීය රුප විද්‍යා මහාචාර්ය (professor of evolutionary morphology) ඇලිස්ෙටයාර් එවන්ස් පවසයි. සත්ව විශේෂයක් කුඩා පැටවෙකු බිහිකරයිද නැතහොත් වඩා වර්ධනය වූ පැටවෙකු බිහිකරයිද යන්න එක්තරා දුරකට රැඳී පවතින්නේ එම විශේෂය හැඩ ගැස්වී ඇති පරිසරය අනුව යයි එවන්ස් කියා සිටී.

සිය පැටවුන්ට ද ආරක්ෂාව අවශ්‍ය නමුත් ආහාර දාමයේ උඩම සිටින මාංශභක්ෂකයන් එම පැටවුන්ට රැක බලා ගැනීමේ දී පැටව් ගොදුරු බවට පත්වීමේ තර්ජනයකට මුහුණ දෙන්නේ නැති බව කෝෙනල් සරසවියේ මනෝවිද්‍යා මහාචාරිනී බාබරා ෆින්ලේ කියා සිටියි. අනික, ඔවුන්ගේ බොහෝමයකට සිය පැටවුන් ලොකු මහත් කරන අවධියේ ජීවත්විමට ලෙන් (වැනි ආරක්ෂක ස්ථාන) ඇත. අනෙක් අතට, ගොදුරු බවට පත්වෙන සතුන්ට විලෝපියන්ගෙන් ගැලවී දිවි ගලවා ගැනීම පිණිස දිවීමට හැකියාව තිබේ. කෙසේ වෙතත් සියලුම නිතිවලට මෙන් මෙයටද ව්‍යාතිරේක ඇත. මීයන් ආහාරදාමයේ ඉහළ සිටින විලෝපියෙක් නොවුණත් ඔවුන්ගේ පැටව් ද විලෝපියන්ගේ මෙන්ම අසරණය; වේගයෙන් දිවීමේ හැකියාවක් ද නැත. ෆින්ලේ කියන අන්දමට ගිනි හාවුන්ගේ () පැටව් සැබැවින්ම බොහෝ ප්‍රපාකය. නොනැසී පැවතීීමේ හැකියාව ගත්තොත් ‘සියළුම පැටවුන් එකම මල්ලේ ලා සැලකිය නොහැකිය‘ යයි ඇය පවසයි.

National Geographic හි Which Animals Have the Most Enormous—and Tiniest—Babies  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: