විදු නැන නුවණ – Science Literacy for All

හයිය හත්තිය ඇති භෞතික විද්‍යාඥයන්ගේ ශක්තිය

ශක්තිය යන්න අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙන වචනයක්. එනිදෙනා භාවිතයේදී අප විවිධ අර්ථවලින් එයා යොදා ගනු ලැබේ. බොහෝ විට ඉන් කියන්න උත්සාහ කරන්නේ ‘හයිය හත්තිය’ යන්නෙන් අප අදහස් කරන දේ ගැනයි. එහෙමත් නැතිනම් කෙනෙකු සතු හැකියාවටත් ශක්තිය යන්න යොදා ගනු ලැබේ. වැඩ කිරීමේ ශක්තිය යන යෙදුම නිදසුනක් ලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත්, විද්‍යාඥයන් ශක්තිය යන්න යොදා ගන්නේ නිශ්චිත අර්ථයක් ඇතිවයි.

ශක්තිය හැම තැනකම ඇති අතර හැම දෙයකමත් ඇත. යම් යම් දේ සිදුවන්නට බලපාන්නේ ශක්තියයි. යම් කිසි  වස්තුවකට චලනය වීමට (සෙලවීමට) බොහෝ රත්වී දිලිසීමට හැකියාව ලැබෙන්නේ ශක්තිය මගිනි. ශක්තිය වැඩට ‍කාර්යක්ෂම යොදවා ගත හැකියි. භෞතික විද්‍යාඥයෙකුට කාර්යය යන්නෙන් හැඟවෙන්නේ වස්තුවක් චලනය කිරීම හා සම්බන්ධ ශක්ති ප්‍රමාණයයි. කාර්යය යන්න ගණනය කරන්නේ බලය දුර ‍යන්නෙන් වැඩිකිරීමෙනි. බලය මැනීමට යොදා ගනු ලබන්නේ නිව්ටන් (N) යන්නයි. දුර  මනිනු ලබන්නේ මීටර්වලිනි. (M) එවැනි ගණනය කිරීම් තුළින් නිව්ටන් මීටර (Nm) යන කාර්ය ඒකකය ඇති වේ. ශක්තිය මනින ඒකකය ජුලයයි(joule) ද හැදින්ෙව්.

විවිධ ශක්ති වර්ග

ශක්තිය විවිධ ආකාරයෙන් ක්‍රියා කරනු දැකිය හැකිය. ඒවාට විවිධ නම් යෙදෙන අතර තාරකාවක් ස්ථෝටනය (පිපිරීමේදී) වීමේ දී මුදා හරින ශක්තියේ සිට පොළා පනින (bouncing) බෝලයක ඇති ශක්තිය දක්වා අවස්ථා (සන්දර්භ) පුළුල් පරාසයක් තුළ ශක්තිය දැක ගත හැකි ය. කෙසේ වෙතත්, සියලුම වර්ගවල ශක්තිය එකිනෙකට බෙහෙවින් සම්බන්ධයි. එමෙන්ම ඒ සෑම එකක්ම අනෙකුත් වර්ගයක ශක්තිය බවට පෙරළිය හැකිය.

චාලක ශක්තිය මෙය චලනයේ ශක්තියයි. යම් වස්තුවක් වේගය වැඩි  කරන විට එහි වඩාත් චාලක ශක්තිය අඩංගුවේ. යම් කිසි වස්තුවක් පවතින උස අනුව හෝ වස්තුවක ස්වාභාවික හැඩය වෙනස්වීම නිසා හෝ එහි ගබඩා වී ඇති ශක්තිය එම වස්තුවේ විභව ශක්තිය වේ. හමායන සුළඟෙහි, ධාවනය වන මෝටර් රියක, පියඹා යන පක්ෂියෙකු, ගලන ජලය යනාදියෙහි චාලක ශක්තිය අඩංගු වේ. වස්තුවක චාලක ශක්තිය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙක වන්නේ එහි ස්කන්ධය සහ එහි ප්‍රවේගයයි.

 

 

තාප ශක්තිය කෙස් වියළනයකින් (hairdryer) පිටවන වාතය රත් වී ඇත්තේ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වන හෙයිනි. විද්‍යුත් ශක්තිය සියලුම වර්ගවල විදුලි උපකරණවලට විදුලිධාරාව සැපයෙන්නේ මෙම වර්ගයේ ශක්තියෙනි.

රසායනික ශක්තිය ඉන්ධන දැවීම වැනි රසායනික ප්‍රතික්‍රියා සිදුවන විට මුදා හැරෙන්නේ මෙම ස්වරූපයේ ශක්තියයි.

විකිරණ ශක්තිය ආලෝකය සහ අනෙකුත් විද්‍යුත්චුම්භක විකිරණය මගින් ගෙන යන්නේ මෙම විකිරණ ශක්තියයි.

න්‍යෂ්ටික ශක්තිය පරමානු බෙදීමෙන් වන විට (විඛණ්ඩනය)  හෝ එයට එක් වන විට (විලයනය = හා වීම) මෙම න්‍යෂ්ටික ශක්තිය මුදා හැරේ.

ශබ්ද (ධ්වනි) ශක්තිය යම් වස්තුවක් වාතය වැනි මාධ්‍යයක් තුළ කම්පනය වන විට මේ ආකාරයේ ශක්තිය නිපද වේ.

විභව ශක්තිය කිමිදෙන්නෙකු ඔහු ඇගේ උස දිය මතුපිටට උඩින් තබා ගන්නා විට ඇත්තේ විභව ශක්තියයි. කිමිදෙන්නා දිය තුළට වැටෙත්ම එම ශක්තිය චාලක ශක්තිය බවට හැරේ.

ශක්ති සංස්ථිති නියමය  මෙයින් කියැවෙන්නේ ශක්තිය එක් ආකාරයක සිට තවත් ආකාරයකට  පරිවර්තනය කිරීමක් මිස එය නිර්මාණය කිරීමක් හෝ විනාශ කිරීමක් හෝ සිදු කිරීමට නොහැකිය යන්නයි.

Help Your Kids with Science හි  ENERGY We Rely On Energy To Make Our World Function  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: