ගිමිහාන කාලයේදී අඟහරු දඹ හා ආවාට පවුරු ඔස්සේ ගලායාම් වලින් ඇතිවී තිබෙන පැල්ලම් සොයා ගැනිම මෙම රතු ග‍්‍රහයා මත යම් ආකාරයක ජීවය සොයා ගැනීමෙ ඉඩ ප‍්‍රස්තා වැඩි කරන බව විද්‍යාඥයෝ කියා සිටිති. නාසා පර්යේෂකයන් දක්වන අන්දමට ගිම්හාන කාලවලදී ගැඹුරු දොරු සහ ආවාට පවුරු දිගේ ද‍්‍රව ජලය පහළට ගලයි. මෙම ජලය යම්කිසි ජිව ස්වරූපයකට නිවහන වීමේ හැකියාව නව සොයාගැනීමෙන් ඉහළ යන බව ඔවුන්ගේ අදහසයි. උෂ්ණාධික මාසවල සිදුවන කාන්දුවීම්වලින් ඇතිවන අදුරු, දිගු පැල්ලම් මීටර් සිය ගණනක් පහළට යා හැකි අතර සරත් සමයේදී මතුපිට උෂ්ණත්වය පහළ යත්ම ඒවා වියළීයයි.
අඟහරු වටා කක්ෂගතව ඇති නිරීක්ෂණ යානා වලින් ලබා ගත් අනුරූප දක්වන අයුරු ගිරි දඹ හා නිම්න සහ ආවාටවල ප‍්‍රපාතාකාර බිත්තිවල ගිම්හාන ගැලීම් මගින් ඉරි සෑදි ඇති අතර වඩාත් ක‍්‍රියාකාරී ස්ථානවල අවාන් ආකාරයට විහිදුන රටා දැකිය හැකිය. මේ ජලධාරා එන්නේ කොයිබින්ද යයි නිශ්චිකව කීමට විද්‍යාඥයන් අපොහොසත් වන අතර භූගත අයිස් වලින් හෝ ලවණ ජලධරවලින් පැන නගිනවා විය හැකියි. නැතිනම් ග‍්‍රහයාගේ තුනී වායුගොලයේ ඝනිභවනය වනවා විය හැකියි.
අඟහරු මත ජිවය සොයා ගැනිමට වඩාත් ප‍්‍රස්තාව ඇති තැන් සොයා ගැනිම පිණිස මෙම ජල කාන්දුවීම් මග පෑදිමට ඉඩ ඇති අතර අනාගතයේදි මිනිසුන් විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලදි ස්වාභාවික මූලයකින් ජලය එක්කාසු කර ගත හැකි තැනක පිහිටි ගොඩබැසිමට සුදුසු ස්තාන පීළිබදව ද අදහසක් සපයයි. ‘‘අඟහරු කියන්නේ අපි අතීකයේ දී හිතාගෙන හිටි ආකාරයේ වියළි, කාශ්ටක තැනක් නෙවෙයි. එම ග‍්‍රහයා මත දැන් ද‍්‍රව ජලය සොයා ගැනීමට හැකිවෙලා තියෙනවා‘‘ යය නාසා ආයතනයේ ජිම් ග‍්‍රීන් පවසයි.
අඟහරු වෙත යැවුණු මුල්ම මෙහෙයුම් වල දී ද අනාවරණය වූයේ ජලජමය අතීතයක් සහිත ග‍්‍රහයෙකි. 1970 ගණන් වල ලබා ගත් අනුරූප වලින් ද පෙන්නුම් කළේ එහි මතුපිට හරහා දිවෙන වියළී ගිය ගංගාවල සළකුණු සහ කලක් පුරාණ මහා විල් වලට යටව තිබූ නිම්නයි. ඈත අතීතයේ මෙම ග‍්‍රහයාගේ උතත්ර ධ‍්‍රැවයෙන් අඩක්ම වැසී තිබූ සාගරයක් පිලිබද සාක්ෂි නාසා ආයතනය මෙ වසර මුලදී අනාවරණය කළේය.
එහෙත්. ග‍්‍රහයා තවමත් තෙත්ව පවතින බවට ඉගි අඟහරු විපරම් මගින් ඉදහිට සැපයිණ. අගිලිය බිත්තියක් ජලය වේගයෙන් පිටතට අවුත් පර්වත කූළු සහ වෙනත් පාෂාණමය සුන්බුන් අතරින් ගලා යන බවක් පෙනෙන අනුරූප නාසා අගහරු ගෝලීය සමීක්ෂකය මගින් ගනු ලෑබීය. කුඩා ජලධාරා ආවාට බිත්ති දිගේ බේරෙන බවක් දැක්වෙන අධිවිභෙදන අනුරූප 2011 දි ලබා ගැනින. අධි තක්සේරුවකට නොගොස් විද්‍යාඥයන් එම ගැලීම් නම් කළේ ‘සමවර්තන බෑවුම් වැටි‘(Recurring Slope Lineae) හෙවත් RSL ලෙසය.
පාෂාණමය බෑවුම්වල පවුරු මත අදුරු පැල්ලම් පටන් ගත් විට්ත් සහ පසුව ගිම්හාන සමයේ එවා පූර්ණව ව්‍යාප්තවු විටත් අධෝරක්ත ආළෝකය පරාවර්තනය වනු ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ ලුයේන්ද‍්‍ර ඔිජා සහ සගයන් එක්ව අගහරු පිරික්සුම් කක්ෂගත යානයේ වර්ණාවලී මානයක් යොදාගෙන පරීක්ෂා කර බැලූහ. සොයා බැලූ ස්ථාන හතරෙහිම සජල ලවණ තිබීම ජලය පවතින බවට නොවරදින සාක්ෂි ලෙස සළකණු ලැබේ. මෙම ගැලීම් ඇතිවන්නේ අඟහරු මතුපිට උෂ්ණත්වය සෙන්ටගේ‍්‍රඩ් ඍණ 23ට වඩා ඉහළ යාමෙන් පසුවයි. එතරම් අධිශීත තත්ත්වයන් යටතේ ජලය ගැලීමට හැකිවන්නේ එහි ඇති ලවණ හිමාංකය පහළට දමන හෙයිනි.
දැනට පර්යේෂකයන්ගේ අවධානය කේන්ද‍්‍රගතවි ඇත්තේ ජලය ආවේ කොහෙන් දැයි දැනගනු පිණිසය. අඟහරු මතුපිටට යටින් ඇති සවිවර පාෂාණ තූළ ඇති මිදුණු ජලය ගිම්හාන කාලයේදී දියවී මතු පිටට කාන්දු වනවා විය හැකිය. දිය කඩිති ලෙ ස නොව කැට පාෂාණ සන්තෘප්ත පරිමාවන් ලෙස අතිසෙයින් සාන්ද‍්‍ර ගතකෙරුණු ලවණ භූජලධර අඟහරු මතුපිටට යටින් තැනින් තැන විසිරී ඇත යන්න තවත් අදහසකි. මේවායින් ඇතැම් තැන්වල ගැලීම් ඇති කළ හැකි නමුත් ආවාට පවුරු උඩ සිට පහළට ජලය කාන්දු වෙන්නේ කෙසේද යන්න ඉන් පැහැදිලි කළ නොහැක. සිද්ධ විය හැකි දේ ගැන තුන්වැනි අදහසක් ද ඇත. අඟහරු මතුපිට ඇති ලවණ පහළට වැගිරිමට තරම් ප‍්‍රමාණවත් වන තුරු වායුගෝලයෙන් ජලය අවශෝෂණය කර ගන්නේය යන්න එම අදහසයි. අවද‍්‍රවණතාව (deliquescence)යනුවෙන් හැදින්වෙන මෙම ක‍්‍රියාදාමය ඇටකාමා කාන්තාරයේ දැකිය හැකිය.
“මේ පර්යේෂණ කටයුතු සිත් අළවන සුළුයි. අඟහරු පිළිබද අපේ දැක්ම වෙනස් වෙමික් පවකිනවා. අපි මේ ගැන බොහෝ කාලයක් තිස්සේ කතා කරාවි” යයි ලීසෙස්ටර් සරසවියේ ග‍්‍රහීය විද්‍යා (planetary science) මහාචාර්යවරයෙකු වන ජෝන් බ‍්‍රිජස් පවසයි.
NASA scientists find evidence of flowing water on Mars යනුවෙන් The Guardian හි පළවූ නාසා වාර්තාව ඇසුරෙනි