සැමට විදු නැන නුවණ – Science Literacy for All

චීනයේ හරිත මහා ප්‍රාකාරය

චීන මහා ප්‍රාකාරය ශ්‍රී ලංකාවේ වෙසෙන අපටත් හොඳට අසා පුරුදු තැනකි. ලෝක මහා පුදුමයන්ගෙන් ද එකක් වන චීන මහා ප්‍රාකාරය ක්‍රි.පූ. 7 වැනි සියවසට අයත් යයි සැලකේ. සැතැපුම් 5,000 ක් දිග මේ මහා ප්‍රාකාරය ඉදි කෙරුණේ උතුරු චීනය මොන්ගෝලියානු  ස්ටෙප් තණ බිම් හරහා එන ආක්‍රමණ වළක්වා ලිමටයි. චීන මහා ප්‍රාකාරය මෙන්ම ලෝක පුදුමයක් බවට පත් විය හැකි ව්‍යාපෘතියකි චීන මහා හරිත ප්‍රාකාර වැඩසටහන. තුන් උතුරු වන නිවහන වැඩසටහන (Three-North Shelter Forest Program) ලෙස ප්‍රකට මෙය රුක් වගා කිරීමේ ලොව විශාලතම ව්‍යාපෘතියයි.

ගෝබි කාන්තාරය සිස්‍රයෙන් පැතිරීයාම වළක්වා, එම ක්‍රියාදාමයේදී කාබන් ඩයොක්සයිඩ් CO2 ටොන් මිලියන ගණනාවක් හුදකලා කර තැබීම මේ ව්‍යාපෘතියේ අරමුණයි. එය සිදුකිරීමට අපේක්ෂා කරන්නේ සැතැපුම් 2,800ක් දිග රුක් තීරයක් හෙවත් හරිත පථයක් ( green belt) ස්ථාපිත කිරීමෙනි. සියල්ල සැලසුම් කර ඇති අන්දමට ඉටු වුවහොත් ක්‍රි.ව. 2050 වන විට හරිත මහා ප්‍රාකාරයේ වැඩ කටයුතු නිම වීමට නියමිත අතර එවිට චීනයේ වන ආවරණය සමස්ත වශයෙන් සියයට පහේ සිට 15 දක්වා ඉහළ යනු ඇත.

චීන රාජ්‍යය හරිත ප්‍රාකාරය පිළිබඳ අදහස මුලින් සංකල්පගත කර ගනු ලැබුවේ 1970 ගණන්වල අගදීය. ඒ එරට වයඹ දිග අති විශාල වැටිය දිගේ සිදුවන කාන්තාරකරණය වළක්වාලීමටය.C939387E-422D-405F-A213312D5F0CB401_article (1) ඒ එක්කම වාගේ එකක් උත්තරීතර ව්‍යවස්ථාදායක සභාව නීතියක් සම්මත කරගනිමින් දන්වා සිටියේ වයස අවුරුදු 11 ට වැඩි සෑම පුරවැසියෙකුම රජයේ නැවත වන වගා වෑයම ශක්තිමත් කිරිම පිණිස සෑම වසරකම අඩුම තරමින් පොප්ලර්, යුකැලිප්ටස් ඇතුළුව පැළ තුනක්වත් සිටුවිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා මෑතක නිකුත් කළ ‘ගෝලීය වන සම්පත් ඇගැයීම’ (Global Forest Resources Assessment) අනුව ක්‍රි.ව. 2000 සිට 2010 අතරතුර චීනය සිය වන වගා ආවරණය වර්ග සැතැපුම් 11,500කින් වැඩිකර ගැනීමට සමත් වී ඇත. සාමාන්‍ය පුරවැසියන්ගේ දායකත්වය පමණක් ගස් බිලියන 60 පැන්නේය.

dust

කෙසේ වෙතත් මෙම ප්‍රගතිය හමුවේ පවා තත්ත්වය නරක අතට හැරෙමින් පවතී. විශ්ලේෂකයන් පවසන්නේ චීනයේ පෙර කී ප්‍රමාණයටම සරිලන වර්ග සැතැපුම් ප්‍රමාණයක් තණ බිම් හා ගොවිබිම් වසරක් පාසා කාන්තාරකරණයට ගොදුරු වෙන බවයි. එහෙයින් නැවත වන වගා ව්‍යායාමය අසීරු සටනක් බවට පෙරළී තිබේ. ව්‍යාප්තවන ගෝබි කාන්තාරය ගම්මාන හා සුළු නගර සම්පූර්ණයෙන් ගිලගෙන ඇති අතර බෙයිජින් අගනුවර ඇතුළු වෙනත් ස්ථානවල වායු දූෂණ ගැටලු දිගටම මතු කරයි. මේවායින් වසරක් පාසා සිදුවන ආර්ථික පාඩුව ඩොලර් බිලියන 50 ක් පමණ වේ. එපමණක් නොව පාරිසරික හේතු මත අනාථවුවන් ලක්ෂ ගණනින් චීනයේ වෙනත් ප‍්‍රදේශ හා ඉන් ඔබ්බෙහි නව වාසස්ථාන සෙවීමෙහි නිරත වෙති.

‘අද චීනය මුහුණ පා සිටින ගැටලු සලකතොත්, නිසි ප්‍රමාණයට වඩා අඩුවෙන් වාර්තාවන පාරිසරික අර්බුදය තමයි උතුරු හා බටහිර චීනයේ කාන්තාරකරණය. ඊට එරෙහිව සටන් වැද සිටින රාජ්‍ය නොවන සංවිධාන සහ ‍විද්‍යාඥයන්ගේ කණ්ඩායම්වලින් බාහිරව ඒ ගැන ඇති අවබෝධයද මද යයි ග්‍රීන්පීස් ක්‍රියාධරයෙකු වන ෂොන් ගැලගර් පවසයි. දේශගුණික විපර්යාස ප්‍රධාන සාධකයක වන අතරම පමණ ඉක්මවා තණ කැවීම, ජල කළමනාකරණයෙහි අඩුපාඩු, යල් පැන ගිය කෘෂිකාර්මික ක්‍රම යොදා ගැනීම සහ ජනගහනය වේගයෙන් ඉහළයාම කලක් කලාපයේ වගා කළ හැකි හා වාසය කිරීමට හැකිව තිබූ ඉඩම් හෝ භුමි භාග වැළි කඳුවැටි බවට සම්පූර්ණයෙන් පරිවර්තනය වීමට දායක වන බව ගැලගර් පෙන්වා දෙයි. ‘’චීනය තුළ ඉඩම්වලින් දළ වශයෙන් 20%ක් දැන් කාන්තාර හෝ ශුෂ්ක කලාප ලෙස නම් කරලා. ඒ වගේම චීනයේ පමණක් මිලියන 400ක ජනතාවක් කෙරෙහි කාන්තාරකරණය බලපෑම් ඇති කරනවා’’.

හරිත මහා ප්‍රාකාර වැඩ පිළිවෙළට මෑතක අතිරේක වටිනාකමක්ද එක්වී ඇත. වායුගෝලයට එක්වීමෙන් ගෝලීය උණුසුම්වීම තවත් නරක අතට හැරවීමට දායක වීමට ඉඩ ඇති හරිතාගාර වායු ගබඩා කළ හැකි කාබන් කිදුමක්(carbon sink)   ෙලස ක්‍රියාකිරීමට ඇති හැකියාව ඊට මග පාදා ඇත. එහෙත් විචාරකයන් කියන්නේ හරිත මහා ප්‍රාකාරයේ ගබඩා කළ හැකි කාබන් ප්‍රමාණය හරි හැටි නිර්ණය කළ නොහැකි බවයි. එමෙන්ම, ඉක්මනින් වැඩෙන දේශීය නොවන ශාක ද ව්‍යාපෘතියේ කොටසක් ලෙස යොදා ගත්ත ද වඩාත් විවිධ ස්වාභාවිකව හටගන්නා දේශික වන වගාවක තරම් කාබන් ගබඩා කළ නොහැකි බව ද පෙන්වා දෙනු ලැබේ.

මෙවැනි කාරණා නොසලකා ගෝලීය උණුසුමට එරෙහි එහි සටනේ ප්‍රධාන අවියක් ලෙස ද කාබන් විමෝචන අඩුකිරීම පිණිස චීනය දැඩි පියවර ගන්නා බවට සෙසු ලෝකයට පෙන්විය හැකි සාක්ෂියක් ලෙස ද හරිත මහා ප්‍රාකාරය පත් කිරීමට චීන රජය ක්‍රියා කරයි. එහෙයින් චීනයේ මෙන්ම ලෝකය මුහුණ පා සිටින ප්‍රබලතම පාරිසරික ගැටලු සමහරකට පිළිතුරු  සැපයීමේදී හරිත මහා ප්‍රාකාරය කෙතරම් ඵලදායීවේ දැයි කිව හැක්කේ කාලයට පමණකි. හරිතාගාර මහා ප්‍රාකාර ව්‍යාපෘති‍ය නිම වීමටත් තවත් වසර 35ක් තිබේ.

EARTH TALK   What is the Great Green Wall of China?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: