මෙය දැන මැන කියා ගැනිමට විධි ගණනාවක් තියෙනවා. අප සෑදි ඇත්තේ මේදය, අස්ථි (ඇට) සහ මාංශ පේශිවලින් කියලා අපට අපවම වර්ග කර ගන්න පුළුවනි. අප ගැන මිනුමක් ගතහැකි තව විදිහක් තමයි ශරීරය තුළ ඇති ජලය ප්‍රතිශතය ගණන් බැලිම. අපේ සිරුරෙන් සියයට 50 සිට 60 දක්වා ඇත්තේ ජලයයි. වාසනාවකට වගේ අප අචලතාප (warm-blooded) ජීවින්. මොකද එහෙම නොවුනානම් සීතලේ මිදී මියයන්නත් නිබුණා.
ඉතාම මූලික මට්ටමට ගියොත්, මිනිසුන් සෑදී තිබෙන්නේ අනෙක් සෑම දෙයක්ම සෑදි ඇති දෙයින් තමා. ඔව්, පරමාණුවලින්. පරමාණුවලින් අණු සෑදෙනවා. එතකොට අණුවලින් රසායනික සෑදෙනවා. ඒ අනුව අප සිරුරු තුළ ඇති රසායන වලින් අපට අපව වර්ග කළ හැකියි. රසායනික සංයුතිය ගත්තොත් අප වැඩිකොටම කාබන් වලින් සමන්විතයි. සංයුතිය මෙහෙමයි:
සියයට 62ක් පමණ කාබන්
සියයට 11ක් නයිට්රජන්
සියයට 10ක් ඔක්සිජන්
සියයට 6ක් හයිඩ්රජන්
සියයට 5ක් කැල්සියම්
සියයට 3ක් පොස්පරස්
සියයට 1ක් පොටෑසියම්
මේ ටික එකතු කළහම සියයට 98ක් පමණ වෙනවා. ඉතිරි සියයට 2 වෙනත් මූලද්‍රව්‍ය 28 ක් ශේෂ මාත්‍ර වශයෙන්.
තවත් එක ක්‍රමයක් තමයි අපේ මේද සංයුතිය මැන බැලීම. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය දක්වන අන්දමට සෞඛ්‍යසම්පන්න වැඩිහිටි පිරිමියෙකුගේ සිරුරේ මේදය සියයට 13 සිට 17 දක්වා වෙනවා. වැඩිහිටි ගැහැනියකගේ සිරුරේ මේදය සියයට 20ක් 25ක් අතර විය යුතුයි. මාංශ පේශිවල ප්රශස්ත මට්ටම සියයට 43 ක් පමණ වෙනවා.
අපට මිනිස් සිරුර සෑදී ඇති ආකාරය පමණක් නොව එහි කාර්යක්ෂමතාව අනෙකුත් යන්ත්‍රවල කාර්යක්ෂමතාව සමග සංසන්දනය කරන්නනත් පුළුවනි. කාර්යක්ෂමතාව යනු ඉටු කළ කාර්යය යොදවනු ලැබූ ශක්තියෙන් බෙදූ විට ලැබෙන්නක් බව අපි දන්නවා. නවතා තිබෙන බයිසිකලයක් හෙවත් පාපැදියක් පැදීමෙන් සියයට 20ක පමණ කාර්යක්ෂමතාවයක් ළගා කර ගත හැකියි. පෙට්‍රල් බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක කාර්යක්ෂමතාව සියයට 30ක උපරිමයක් දක්වා විය හැකියි. එහෙත් බොහොමයක කාර්යක්ෂමතාව සියයට 20ක පමණවේ. එහෙම බැලුවහම අපත් බොහොම යන්ත්‍ර තරමටම කාර්යක්ෂමයි.
අවසානයේ බැලුවොත් අපේ ලෝකය වගේම අපත් සෙසු සියල්ලත් සම්පූර්ණයෙන්ම පාහේ සෑදී තියෙන්නේ තරු ධූවිලි(star dust) වලිනුයි!
ASK A SCIENCE TEACHER: 250 Answers to Questions You’ve Always Had About How EverydayStuff Really Works(2011, 2013) හි 17. What are people made of? ලිපිය ඇසුරෙනි