ඩොප්ලර් ක්‍රමයේ ප්‍රවේශයෙහි ඇති සීමා සැලකිල්ලට ගන්නා විට අපේ සූර්යයා බඳු තාරකාවක් වටා ගමන් කරන අපේ පෘථිවිය වැනි ලෝකයක් අන්තිමේදී සොයා ගැනීමේ මුල් පියවරවීමට ඉඩ ඇත්තේ සංක්‍රාන්ති ක්‍රමය විය හැකියි. ඩොප්ලර් ක්‍රමවේදය සේම මෙකී සංක්‍රාන්ති ක්‍රමය ද වක්‍රාකාර එකකි. බහීර් ග්‍රහයා සොයා ගනු ලබන්නේ එහි විකිරණ විමෝචනයෙන් නොවේ. අපේ දෘෂ්ටි රේඛාව අනුව අග්‍ර කක්ෂයක ගමන් කරන බහිර් ග්‍රහයන්ගේ සංක්‍රාන්තිය හේතුවෙන් වාර්ෂිකව සිය ආලෝකය පිට කිරීමේ අඩුවක් පෙන්වන තාරකා කුඩා ප්‍රමාණයක තාරකා සෙවීමේ කාර්යයට එය සම්බන්ධ වේ.
2012 ජුනි මාසයේ දී සිකුරු ග්‍රහයා මෙයට සමීප උදාහරණයක් සැපයීය. සූර්යයාගේ න්‍යෂ්ටිය හරහා එය පැය කිහිපයක් තිස්සේ සංක්‍රාන්ත විය. සිකුරුගේ සූර්ය සංක්‍රාන්තියෙන් යළි සිදුවන්නේ ක්‍රි.ව. 2117 දී ය.
තිත් හැටියට මිස වෙනත් ආකාරයකට දැකිය නොහැකි තරම් ඈතින් තාරකා පිහිටා තිබේ. බහිර් ග්‍රහයන් කුඩා අදුරු තැටි ලෙස දිස් නොවේ. එහෙත් තාරකා ඒවායේ දීප්තියෙහි අඩුවීමක් වාරිකව පෙන්වයි. අපේ සුර්යයාගේ ප්‍රමාණ සත්කාරක තාරකා ගත් විට බ්‍රහස්පති ප්‍රමාණයේ බහිර් ග්‍රහයෙකුගේ සංක්‍රාන්ති හෝ තාරකාවේ ආලෝකය අදුරු වී යන්නේ සියයට 1 කින් පමණකි. පෘථිවි ප්‍රමාණයේ බහිර්ග්‍රහයෙකුගේ නම් ආලෝකය අඩුවීම 0.01%ක් පමණි.
සංක්‍රාන්ති වන බහිර් ග්‍රහයන් 100කට වැඩි ප්‍රමාණයක් මහ පොළොව මත සිට කරන ලද නිරීක්ෂණ මගින් සොයා ගනු ලැබ ඇත. මේවායින් වැඩි කොටස විශාල බහිර් ග්‍රහයන්ය. පෘථිවි ප්‍රමාණයේ බහිර් ග්‍රහයන්ගේ සංක්‍රාන්ති සොයා ගැනීමට නම් අපට වායුගෝලයෙන් උඩට යා යුතු වේ. කක්ෂගත ගමන අඛණ්ඩව සම්පූර්ණයෙන් අනාවරණය කර ගැනීමට හැකියාව ද අභ්‍යාවකාශය සපයයි.
නාසා ආයතනය කෙප්ලර් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අභ්‍යවකාශ ගත කළේ, පෘථිවි ප්‍රමාණයෙන් බහිර් ග්‍රහයන් සුලබ දැයි තීරණය කිරීමේ මූලික අරමුණක් ඇතිවයි. ඇත්ත වශයෙන්ම කෙප්ලර්, ආකාශයේ එක්තරා තනි ප්‍රදේශයක පිහිටි 150,000 ක එකම තාරකා පෙළක් සෑම විනාඩි 30 වරක් ඡායාරූප ගත කිරීම පිණිස සැලසුම් කළ සුවිශාල කැමරාවකි. එපමණ තාරකා සංඛ්‍යාවක් එකවර නිරීක්ෂණය කිරීම තුළින් අසාමාන්‍ය කක්ෂ සහිත ග්‍රහ මණ්ඩල ගැන සොයා බැලීම සහතික කිරීමට කෙප්ලර්ට හැකි වේ. විශේෂයෙන්ම, පෘථිවි ප්‍රමාණයේ බහිර් ග්‍රහයන් සුලබව ඇත්නම්, වසරක ගණනක් තුළ දිවෙන එහි මෙහෙයුම් කාලය තුළ එවැනි ග්‍රහයන් සිය ගණනින් එමගින් සොයා ගනිතැයි අපේක්ෂා කෙරේ.
කෙප්ලර් යනු මීටර් 1.4ක දර්පනයක් සහිත මෝටර් රථයක ප්‍රමාණයෙන් යුක්තය. එහි මෙගාපික්සල 95 ක අනාවරණ ආරාව, උපකරණයේ හෘදය බඳුය. එකක් පික්සල 2200×1024 ක් වන ආරෝපණ ඈදූ උපක්‍රමවලින්(CCD = Charge-Coupled Device බොහෝ අදුරු වස්තූන් වාර්තා කළ හැකි ක‍්‍රමයක්) එය සමන්විතය. කොප්ලර් හි දෘෂ්ටි ක්ෂේත්‍රය, සිග්නස් රාශියේ (තාරකා පංක්තියේ) වර්ග අංශක 115 ක් ආවරණය කරයි. මෙය සමස්ත අහසෙන්ම සියයට 0.3කට සමාන වේ. අධිගහණය කරගන්නේ නැතුව නිරීක්ෂණය කරන තාරකා ප්‍රමාණය උපරිමයට ගෙන ඒමට හැකිවන පරිදි ක්ෂිර පථයට මදක් උඩින් ස්ථාන ගතව ඇත. සෑම පික්සලයකින්ම ආකාශයේ වර්ග චාප තත්පර 16ක් ආවරණය වේ.
කෙප්ලර් අභ්‍යවකාශ ගත කෙරුණේ සූර්යා වටා පෘථිවිය හඹායන කක්ෂකය. පෘථිවි අන්තර්ධානයක්(occultation) හෙවත් වසාගැනීමක් නොමැතිව එය වසරකට දින හතකින් පසුගාමී වෙයි. අභ්‍යවකාශ යානය වසරකට සිව් වතාවක් පෙරළෙන්නේ එහි සූර්යබල ආරාවන් (solar arrays) සූර්යයාට යොමු කර තබා ගැනීමටය. සිග්නස් රාශියේ සිට දර්ශන ක්ෂේත්‍රය දිගටම නිරීක්ෂණය කිරීමේ පිහිටීමකට සැමවිටම එළඹෙයි.
සංක්‍රාන්ති ක්‍රමය වඩාත් සංවේදී වන්නේ කෙටි කක්ෂ කාල සහිත විශාල ග්‍රහයන් සම්බන්ධයෙන් නිසා, කෙප්ලර් මගින් සොයා ගනු ලැබූ මුල් නව බහිර් ග්‍රහයන් පෘථිවියට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් විශාල එමෙන්ම දින කිහිපයක කක්ෂ කාලයක් සහිත ඒවා වීම පුදුමයක් නොවේ.
(බහීර් ග්‍රහයෙකු බවට අපේක්ෂා කළ හැකි අපේ ග‍්‍රහ මණ්ඩලයෙන් බාහිරව පිහිටි) බහීර්ග‍්‍රහ අපේක්ෂකයෙකු(exoplanet candidate) හඳුනාගැනීම පිණිස සංක්‍රාන්ති තුනක් අවශ්‍ය වේ. ප්‍රථම සංක්‍රාන්ති මගින් කොඩියක් එසවෙන (සළකුණක් කෙරෙන අතර)අතර එවැනිම සංක්‍රාන්තියකින් දෙවනුව කාලය නිර්ණය වේ. එම කාලය තුළම තුන්වැනි සමාන සංක්‍රාන්තියසිදුවුවහොත් ග්‍රහයාගේ අපේක්ෂකත්වය සනාථවේ. මෙලෙස 5ස් දින කාලයක් සනාථ කිරීමට අඩුතරමින් එකතුව දින 10ක් ගත වේ. (පෘථිවියෙහි මෙන්) 1 අවුරුදු කක්ෂ කාලයක් සනාථ කිරීමට වසර දෙකක් ගතවේ. සමහර තාරකා වටා පිහිටි බහිර් ග්‍රහ මණ්ඩලද කෙප්ලර් මගින් සොයා ගෙන තිබේ.
මෙහි ඉතිරි කොටස ලබන සතියේ කියවන්න
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්