විශ්වයේ මුල්ම තාරකාවල එළි සොයාගැනීමට විද්‍යාඥයෝ සමත්වෙති

Posted by

මානව වර්ගයා මෙතෙක් දැක ඇති විශ්වයේ ගෑඹුරුතම දර්ශනයේ රූ ආලේඛනයක් සැකසීමට විද්‍යාඥයෝ සමත්වෙති. සැකැසිම සඳහා යොදාගෙන ඇත්තේ හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපයෙන් ලබාගත් ඡායාරූපයි. එම ඡායාරූප අතරේ දීප්තිමත් ගැලැක්සි දහස් ගණනින් හමුවෙයි. එම ගැලැක්සි අතරතුර ඇත්තේ හිස් අදුරු ලපයි. අපට දැක ගන්නට බැරුවා මිස ඇතැම්විට එවායේ තොග ගණනින් ගැලැක්සි තිබෙනවා විය හැකියි. තාරකා විද්‍යාඥයන් එම පැල්ලම් නැවත විමර්ෂණය කර ඇති අතර මහා පිපුරුම සිදුවී යාම්තම් වසර මිලියන 500 පමණක් ගතවු තැන හටගත් තාරකා වලින් ගලා ආ දුර්වල එළි හොයා ගැනිමට ඔවුහු දැන් සමත්ව සිටිති. අධ්‍යයනයේ ප‍්‍රතිඵල වලින් ගම්‍යමාන කරන්නේ විශ්වයෙහි හා හා පුරා කියා සැදුම් ලත් මුල්ම ගැලැක්සිවලින් එම එළි එන බවකි. කලින් සිතුවාට වඩා  10 ගුණයක ගැලැක්සි ඒවායේ ඇතැයි සැලකේ.

මහා පිපුරුමකින් විශ්වය බිහිවිමත් සමගම අභ්‍යවකාශය පුරා උණුසුම්, ඝන අයනීකෘත වායු ධූමිකාවකින් වැසී ගියේය. එහෙත් වසර සිය දහස් ගණන් ගතවෙද්දී වායුව ප‍්‍රසාරණය වී සිසිල් වූයේ හයිඩ‍්‍රජන් සහ හීලියම් යෝධ වලා බිදවැටි මුල්ම තාරකා සෑදීමට ඉඩ සලසමිනි. ප‍්‍රථම වතාවට මෙම තාරකා දැල්විමට පටන් ගත් පසු  එවායේ ආළෝකය මෙන්ම ඊට පසු අනුයාත තාරකා පරම්පරා සියල්ලෙහි ආළෝකයන්ද විශ්වය පුරවා ලූයේ අභ්‍යවකාශයේ අදුරුතම අගාධයන් පුරා පැතිරෙනසුලූ දිලියුමක් නිර්මාණය කරමිනි. පාර-මන්දාකිණි පසුබිම් ආළෝකය   ඒකාන්ත වශයෙන් සෙවීම දුෂ්කර කාර්යයක් බව ඔප්පුවී හමාර වුණත් හබල් ඡායාරූප මගින් දැකගත හැකිවු එළි තමයි මෙතෙක් වඩාත්ම දුර ආළෝකය ලෙස සැලකෙන්නේ.

අභ්‍යවකාශ පර්යේෂණවල නිරත සමීක්ෂණ දෙකෙහි දත්ත උපයෝගී කරගනිමින් පර්යේෂක කණ්ඩායමට පසු කාලවල තාරකා සහ මන්දාකිණිවල ආළෝකය වෙන් කර ගැනිමට හැකිවී ඇති අතර විශ්වයේ මුල්ම තාරකාවල එළි හුදකලා කරගැනිමටද ඔවුහු සමත්ව සිටිති. සොයාගැනීමට ඉතාමත් අසීරු මුල්ම තාරකා එළි හදුනාගැනීමේ ප‍්‍රයත්නයේදී කණඩායම 2002 වසරේ සිට 2012 අතරතුර හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපයෙන් ලබාගත් අදුරු හා හිස් ලෙස පෙනෙන පික්සල්වල තීව‍්‍රතාවෙහි උච්චාවචනයන්(අඩුවැඩිවීම්)  ගැන සොයා බැලූහ. තමන් මේ දකින්නේ හුදු ඝෝෂාව (noise) නොව විශ්වය බිහිවූ අවධියේ හටගත් මුල්ම තාරකාවලට සම්බන්ධිත අපැහැදිලි හෝ අදුරු සංඥා බව සංඛ්‍යාලේඛනාත්මකව නිර්ණය කිරීම පිණිස පර්යේෂණ කණ්ඩායමට එකී උච්චාවචනයන් උපකාරී විය. අනතුරුව ඔවුහු අපේ ක්ෂීරපථය මන්දාකිණිය ඇතුළත තාරකාවලින් එකතුවෙන කිසියම් එළියක්වේද, එමෙන්ම අසල්වැසි මන්දාකිණිවලින් එකතුවෙන එළි සහ තම සත්කාරක මන්දාකිනියෙන් හැලීගොස් දැන් මන්දාකිණි අතර අවකාශයේ සරන වල්වැදුණු තාරකාවල එළි පවා අඩුකරමින් විශ්වයේ මුල්ම කාලයට අයත් ආළෝකය වෙන්කොට හදුනාගැනීමට ක‍්‍රියා කළහ.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපය 2018 දී අභ්‍යවකාශගත කළ විට තවත් හෝඩුවාවල් මතුකර ගන්නට හැකිවෙනු ඇත.

Scientific American හි  Light from Universe’s First Stars Spotted in Hubble Photos  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.