සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඉතා කුඩා ජීවින්ගේ මන බඳින ලෝකය

පෘථිවිය මත සත්ව ජීවීන් අතර මුල්ම ස්වරූපය වන්නේ අපෘෂ්ඨවංශියන් (invertebrates)  හෙවත් කොඳු ඇට පෙළ රහිත සත්වයන් ය. ඉතාමත් ම පැරණි සත්වයන් ද ඔවුන් ය. එමෙන්ම, දැනට දන්නා ජීව ස්වරූප අතරින් වඩාත් ම බහුල වන්නේ ද අපෘෂ්ඨවංශියන් ය. පනුවන්, මුහුදු ඇනිමොනියන් (anemones) හා ලොඩියන්(jellyfish)   වැනි ඇතැම් අපෘෂ්ඨවංශියන්ට ඇත්තේ මෘදු දේහ ය. ඒ නිසා ඔවුන් මෘදු දේහධාරීන් ය (softbodied). කෘමීන්, කවචයන් හෙවත් ත‍්‍රස්ටේසියාවන් (crustaceans) වැනි අනෙක් අය දෘඪ දේහධාරීන් ය (hard-bodied). ලොඩියන් ද ඇතුළු සමහරු ජලයේ ජීවත්වන අතර නිදහසේ පීණා යති. කෙසේ වෙතත්, කොරල් සහ ඇනිමොනියන් වැනි අනෙක් අය එක තැනක ස්ථාපිත ය. ඉතා කුඩා ජීවින්ගේ මේ සිත් වශීකරන ලෝකයෙහි ඉතා පුළුල් විවිධත්වයක් සහිත හැඩ හා පරිචයන් හෙවත් හුරුපුරුදු ඇත්තාවූ විශේෂයන් 15 ලක්ෂයකට (මිලියන 1.5ක්) වැඩියෙන් ජීවත් වෙති.inverts 1

කෘමීන්ගෙන් වඩාත්ම වැදගත් අය අතර මීමැස්සෝ ද වෙති. ඔවුන් මල් පැණි සකස්කොට තනන මී පැණි මිනිස් අපි රසකාරකයක් හා පෝෂණ ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන්නෙමු. මී පැණි වල අඩංගු පෝෂණීය කොටස සරල සීනි ස්වරූපයේ පවතින ශුද්ධ කාබොහයිඩ්‍රේට් ය. ඒවා කෙළින්ම ශරීරයට අවශෝෂණය වේ. ක්‍ෂණික බලය ශක්තිය ලබා දෙන මූලයක් ලෙස මී පැණි වලට ක‍්‍රියා කළ හැක්කේ මෙම ගුණය නිසයි. මී මැස්සන් පමණක්් නොව ජීවත්වන්නා වූ සියළුම සත්වයින්ගේ ජීවිත සම්බන්ධයෙන් මූලික කාර්ය භාරයක් බඹර දෙබර මැස්සන් විසින් ද ඉටුකරනු ලැබේ. බොහෝ ශාක සිය පුෂ්ප පරාගණය ඉටු කරගැනීම සඳහා රඳා පවතින්නේ ඔවුන් මතයි. මොවුන්ගේ සේවය නොලැබෙන්නට මිනිස් අපට (හා සෙසු සතුන්ට)පරිභෝජනය සඳහා ලොව පවතින පළතුරු හා එළවළු බොහෝ දුරට සීමා වෙනු ඇත.

මී මැස්සන් හා අනෙකුත් කෘමීන් අතර එක් වෙනසක් වන්නේ මී මැස්සන් විසින් පිහිටුවනු ලබන සංවිධිත ගණවාස බව ඔබ දැන සිටියේ ද? කෘතිම මී වදයක පදිංචිකරුවන් 30,000 ක් සිටින්නේ යයි සිතන විට, ඔවුන් අතර විනයක් පිළිවෙලක් තබා ගැනීමේ ක‍්‍රමයක් පැවතිය යුතු අතර එය කළ යුතු ආකාරය මී මැස්සෝ සහජයෙන් ම දනිති. මී මැසි රැුජින, පිරිමි මැස්සෝ සහ දාසියෝ යනුවෙන් ප‍්‍රජාව තුළ සිය භූමිකාව හා කාර්ය භාරය මනාව දනිති. සිය ගණවාසය ආරක්ෂා කිරිමේ දී කුහුඹුවන් මෙන් ම ඔවුහු ද සිය දිවි පරදුවට තබා ක‍්‍රියා කරති. කුහුඹුවන් ද විනය හා ඵලදායිතාව අතින් ගත් කල සැබෑ ලෙස පෙරමුණෙහි සිටින්නන් ය. කෘමින්ගේ ලෝකය තුළ කුහුඹුවන් ලබා ඇති පරිණාමීය දියුණුවේ මට්ටම ඉතා ඉහළ අඩියක තිබෙන බව සඳහන් කිරීම වටී. සත්ව ලෝකයේ (යමක්) සාර්ථකව ඉටුකරන්නන්(achievers) අතර මුදුන් පෙත්තෙහි සිටින්නේ ඔවුන් ය. ඔවුන් මුළු ලෝකය පුරාම ජීවත් වන අතර පැවැත්ම සඳහා ඔවුනට ආහාර අවශ්‍ය වන්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි. එමෙන් ම ඉතා ඉහළ මට්ටමකට දියුණු කරගන්නා ලද සංචරණ (locomotion) මාර්ග යොදා ගනිමින් විලෝපියන්ගෙන් ගැලවී ගැනීමට සමත් වෙති.

කෘමීන් සියල්ලන්ටම, එකට බැඳි පාද සහ ආරක්ෂාව සඳහා බාහිර සැකිල්ලක් ඇත. මේ ඉතා කුඩා ජීවින්ගේ ලෝකය තුළ සමනළයන්ගේ පියකරු බව රස විඳීම මෙන් ම ජීවිත කාලය තුළ ඔවුන් පසුකරන විවිධ අවස්ථා ගැන හැදෑරීම ආස්වාදජනක ය. මැස්සෙකුගේ ඇසින් ලෝකය දකින්නට ඇත්නම් එය කෙතරම් අපූරු දැයි ඔබ සිතා බලා තිබෙනවාද? හඳුනාගෙන ඇති මකුළු විශේෂ 35,000 අතුරෙන් ඇත්තටම විෂ සහිත වන්නේ විශේෂ 30 ක් පමණක් බව බාගදා ඔබ දැන නොසිටින්නට ඇත. එම විශේෂ විෂ සහිත නොවන්නට අපට ජීවත්වන්නට සිදු වන්නේ කෘමී ‘සාගරයක් ’ තුළ ය. ඒ තරමටම තවත් සිත් අලවන කාරණයක් වන්නේ මකුළුවන්ගේ ‘දැල් බැඳීඹ’ අධ්‍යයනය කිරීමය.  උගුල් ඇටවීමට, ජෝඩුවීමට, එහෙ මෙහෙ ගමන් කිරීමට, සහ සිය ගුල් හෝ බෙන වැසීමට යොදා ගන්නා විිවිධාකාරයේ මකුළු දැල් අප දැක තිබේ.

අප සමග මේ මහ පොළව බෙදා හදා ගෙන ජීවත්වන අපෘෂ්ඨවංශියන්ගේ අපූරු ලෝකයෙහි රසමුසු තැන්, ගුප්ත කරුණු කාරනා මෙන් ම ත‍්‍රාසය දනවන සිද්ධි ද එමටය. නිදසුනක් ගතහොත් ඉතා කුඩා වුවත් මදුරුවන්ට ක්‍ෂීරපායින්ගේ සම පසාරු කරමින් විද ලේ උරා බීමට හැකි ය. පිහාටු රහිත ඉතා කුඩා සතෙකු වූ මැක්කන් ට මෙලොව කිසිම මලල ක‍්‍රීඩකයෙකුට නොහැකි තරමට පැනීමට පුළුවන. ඔවුන් ජීවත් වන්නේ පක්‍ෂීන්ගේ හා ක්‍ෂීරපායින්ගේ ලේ උරා බීමෙනි. කෘමීන් ගැන පවසන විට ගෙදර දොර සිටිය යුතු තබා ගත යුතු වැඩදායක කෘමින් සිටිනා අතරම ගෙදරින් පළවා හැරිය යුතු ‘අහළකටවත් නොගත යුතු’ කෘමීහු ද සිටිති. invertebratesඔවුන් බොහෝමයක් අපට ලෙඩ රෝග බෝ කරති. මිහිකත මත මේ ඉතා කුඩා සතුන් ජීවත්වන ආකාරය, වෙනස්වන, වැඩෙන හා සංනිවේදනයෙහි යෙදෙන ආකාරය ගැන හැදෑරීම ඉතාමත් චමත්කාරජනක අත්දැකීමක් වනාවා පමණක් නොව ඔවුන් ගෙන් ලෝකයට වන සේවය න්සියාකාරව ඇගැයිමට, එම සේවය වඩාත් කා්යක්ෂමව ඉටුකරවා ගැනීමට සමගම එවුන්ගෙන් ආරක්ෂාවීමට අපට උපකාරී විය හැකිය, මේ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ලෝකයෙන් අපට උගෙන ගැනීමට හැකි පාඩම්, ආදර්ශ ද බොහෝ ය.

මේ ලෝකයේ ජෛව විවිධත්වය අවබෝධ කරගැනිම, පිළිගැනීම සහ සුරැුකීමට දායක වීම අපේ යුතුකම වන්නේය.  එපමණක් නොව එය අප ඇතුළු ජීවීන් කාටත් වැඩදායකය.

Britannica Illustrated Science Library(2008) හි Invertebrates ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: