අපේ සූර්යයා බඳු තාරකාවක් වටා ගමන් කරන අපේ පෘථිවිය වැනි ලෝකයක් අන්තිමේදී සොයා ගැනීමේ මුල් පියවරවීමට ඉඩ ඇත්තේ සංක්‍රාන්ති ක්‍රමය විය හැකියයි පසුගිය ලිපියේ සඳහන් විය. නාසා ආයතනය කෙප්ලර් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අභ්‍යවකාශ ගත කළේ, පෘථිවි ප්‍රමාණයෙ බහිර් ග්‍රහයන් සුලබ දැයි තීරණය කිරීමේ මූලික අරමුණක් ඇතිවයි.
2013 ජනවාරි වන විට කෙප්ලර් යානය මගින් බහිර් ග්‍රහයන් බවට පත්විය හැකි වස්තු 2740ක් සොයා ගෙන තිබුණි. ඒ එහි මුල් මාස 22 හි දත්ත පදනම් කර ගනිමිනි. සෑම වාර්ෂික දත්ත නිකුත්කිරීමක් සමගම කුඩා ප්‍රමාණයේ ග්‍රහයන් සොයා ගන්නා සංඛ්‍යාව ඉහළ යයි. මේ ප්‍රවණතාව පෙන්නුම් කරන්නේ කුමක්ද? දිගුකල් කාල පදනමකට තව තවත් ඒ ඒ සංක්‍රාන්ති එක්කිරීම සහ කුඩා ග්‍රහයන් ගේ ග්‍රහණ මගින් සිදුවන යාන්තමට ආලෝකය අඩුවීම හඳුනාගැනීම් මගින් සපයනු ලබන වැඩි සංවේදිතාවයි.
මෙකී කුඩා ග්‍රහයන් සුලබ බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. ඇත්තටම සූර්යයා බදු තාරකා අතුරෙන් 20%කට දින 150කට අඩු කක්ෂ කාල ඡේදයක් සහිත සුපිරි පෘථිවි ඇති අතර සූර්යයා බදු තාරකාවලින් 17%කට කක්ෂ දින 25 ට අඩු පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයන් ඇත.
කාලය ගෙවී යත්ම වඩා දිගු කක්ෂ කාලයක් සහිත පෘථිවි ග‍්‍රහ ලෝක කෙප්ලර් මගින් සොයා ගනු ලබනු ඇත. මේ සියල්ලෙන් කියැවෙන දෙය නම් ක්ෂිර පථය තුළ බිලියන ගණනක් පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයන් ඇති බවයි. එහෙත්, පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයන් පෘථිවිය වාගේමද? ග්‍රහමණ්ඩලයක් තුළ ජිවීන්ගේ වාසයට සුදුසු කලාපයක් බවට පත්වෙන්නේ ද්‍රව ජලය මතු පිට පැවතිය හැකි තරම් දුරකින් පිහිටි කක්ෂ කලාපයකි. අනෙකුත් සාධක අතර කාර්ය දීප්තිය, ග්‍රහලෝකයේ වායුගෝලය ආදිය වේ. අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලය තුළ වාසභූමික කලාපයක පිහිටි එකම ග්‍රහයා පෘථිවියයි.
කෙසේ වෙතත්, කෙප්ලර් මගින් මෙතෙක් සොයාගෙන ඇති පෘථිවි ලෝක ඒවායේ (ධාරක) තාරකාව අතර දුර හිරු සහ බුද අතර දුරට වඩා අඩුය. ඉන් එකක් වත් වාසභූමික කලාපයෙහි පිහිටා නැත. මෙම කාරණාව වඩා පැහැදිලි කිරීමට හොඳ නිදසුනක් වන්නේ කෙප්ලර් 20 නමින් දැක්ෙවන ග්‍රහලෝක පද්ධතියයි. එය පෘථිවිය සමාන ග්‍රහයන් දෙදෙනෙකුගෙන් සමන්විතයි. එනම් කෙප්ලර් 20e සහ කෙප්ලර් 20f යන ග්‍රහයන් ය. ඒවා මැදිවී ඇත්තේ වඩාත් විශාල ග්‍රහයන් තිදෙනෙකු අතරය. ඒ ග්‍රහලෝක පහම බුද සූර්යයා අතර දුරට වඩා එහි ධාරක තාරකාවට ඇත්තේ අඩු දුරකි. මෙකී කෙප්ලර් 20e මතුපිට උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 760ක් වන අතර කෙප්ලර් 20f මතුපිට සෙන්ට්‍රිග්‍රේඩ් 430කි.
වාසභූමික කාලපයකදී සොයා ගත් ප්‍රථම සංක්‍රාන්තික ග්‍රහයා වන්නේ කෙප්ලර් 22bය. කෙප්ලර් 22b කක්ෂ ගතව ඇත්තේ එහි සූර්යයා බඳු තාරකාවේ සිට නක්ෂත්‍ර ඒකක 0.85 දුරකිනි. එහි, වායුගෝලය පෘථිවියේ බඳු එකක් නම් එහි මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 ක් පමණ වේ. එහි ස්කන්ධය හා සංයුතිය දුර්වලව සංරෝධය වී හෙවත් බලකෙරී ඇත් නම් එය සාගර ලෝකයක් විය හැකිය.
කෙප්ලර් 22b නිදසුන සංක්‍රාන්ති ක්‍රමයේ ප්‍රධාන සීමාවීමක් මතු කර පෙන්වයි: එනම්, එය ඩොප්ලර් ක්‍රමය මගින් සිදු කෙරෙන්නාක් මෙන් බහිර් ග්‍රහයෙකුගේ ස්කන්ධය මත තදබල සංරෝධයක් ඇති නොකරයි. බහිර් ග්‍රහයෙකුගේ ප්‍රමාණය හා ස්කන්ධය යන දෙකම මිනිය හැකිනම් ව්‍යුත්පන්න ඝනත්වය මත පදනම්ව එහි සමස්ත සංයුතිය ඇස්තමේන්තු කළ හැකිය. නිදසුනක් දක්වතොත් ජලමය ලෝකයක් ඒ හා සමාන ස්කන්ධයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයට වඩා විශාල වේ. එවැනි ජලමය ලෝකයක උෂ්ණත්වය මත පදනම්ව එවැන්නක් වාෂ්ප ලෝකයක්, සාගර ලෝකයක් හෝ අයිස් ලෝකයක් බවට පත්විය හැකිය. ජීවය පැවතීම ගැන අපට වඩාත්ම බලාපොරොත්ත= තැබිය හැක්කේ දළ වශයෙන් පෘථිවිය ප්‍රමාණයෙන් යුතු උණුසුම් පාෂාණ හෝ සාගර ලෝකයයි.
වාසභූමිබවට පත්වීමේ හැකියාව ඇති බහිර් ග්‍රහයන් 25 ක ලැයිස්තුවක් වර්තමානයේ පවතී. කෙසේ වෙතත්, ඉන් එකක්වත් පෘථිවි ප්‍රමාණයේ නොවේ. ඒ සියල්ල සුපිරි පෘථිවි ලෝකය. ඉන් බොහොමයක්, ඒ කියන්නේ 25 න් 18 ක් ම ප්‍රමාණයෙන් පමණක් කෙප්ලර් බහිර් ග්‍රහ අපේක්ෂක ඝනයට වැටෙයි. එවැනි අපේක්ෂක ග්‍රහයන් 70% වැඩි ප්‍රමාණයක් අවසානයේ තහවුරු කෙරිණ.
2013 ජනවාරි වන විට සකසා තිබුණු පෘථිවි ප්‍රමාණ කෙප්ලර් බහිර් ග්‍රහ සිතියමෙන් පෙන්නුම් කරන පරිදි ඒවා සියල්ලම වාසභූමි බවට පත්වීමට නොහැකි තරමට ඒවායේ ධාරක තාරකාවට ආසන්නයේ පිහිටා ඇත. එහෙත් වඩාත් ඈතට වන්නට තවත් පෘථිවි ප්‍රමාණ ග්‍රහයන් ඉක්මණින්ම සොයා ගැනෙනු ඇත. ඉන් සමහරක් දැන ගත හැකි ස්කන්ධයන් සහිතව වාසභූමි කලාපවල පිහිටා තිබෙනු ඇත. එවිට, සිතියම උණුසුම් පාෂාණ සහ සාගර ලෝකවල ඉලක්ක ලැයිස්තුවක් වනු ඇත.
අනාගත දුරේක්ෂයක් මගින් මෙකී බහිර් ග්‍රහයන්ගේ අධෝරක්ත භූතානු රූප ලබාගැනීමට සමත් වෙනු ඇත. එවැනි භූතානුරූප ඒවායේ වායුගෝල අධ්‍යයනයන් සඳහා ඉඩ සලසනු ඇත. එවිට අපට ඒවා පෘථිවිය සිකුරු හා අඟහරු ග්‍රහලෝක සමග සැසදිය හැකිය. එමගින් ජලය, ඕසෝන්, මීතේන්, කාබන් ඩයොක්සයිඩ් ආදිය ගැන කරුණු අනාවරණය කරනු ඇත. මෙම වායුගෝලවල සාපේක්ෂ සම්මිශ්‍රණය අපට සැබෑ පෘථිවිය සොයාගැනීමට ආධාර වනු ඇත. එපමණක් නොව ඒවා මගින් ජීවය පිළිබඳ ප්‍රබල සාක්ෂිද සපයනු ඇත.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්