සැමට විදු නැන නුවණ – Science Literacy for All

අප මානවයන් වූයේ කෙසේද යන්න ගැන අදහස වෙනස් කළ ෆොසිල සොයා ගැනීම

නලෙඩි ෆොසිල සොයා ගැනීමත් සමග මානවයන්ගේ ආරම්භය ගැන උනන්දුව යළි දැල් වී තිබේ. (කියවන්න තතු ලිපි : මානව වර්ගයාගේ නිජ බිම කොහිද? දකුණු අප්‍රිකාව මෙන්ම නැගෙනහිර අප්‍රිකාවද හිමිකම් පායි 2015 සැප් 21). එහෙත් අප මානවයන් වූ ආකාරය පිළිබඳ අදහස් වෙනස කිරීමට මග පෑදු එක් තනි ෆොසිලයක් ගතහොත් ඒ ලූසී ෆොසිලයයි. මානව පරිණාමය ගැන හදාරද්දී අපට ලූසී කෙසේවත් අමතක කළ නොහේ.

ලූසී සොයා ගැනුනේ 1974 දී ය. මානව විද්‍යාඥ, මහචාර්ය ඩොනල්ඞ් ජොහැන්සන් හා ඔහුගේ ශිෂ්‍ය ටොම් ගේ‍්‍ර මේ සොයා ගැනීම සිදු කළේ උතුරු ඉතියෝපියාවේ හඩාර් හි කඳුරු යායක දී ය. වැලි, අළු සහ රොන්මඩ අතරේ සත්ව ඇටකටු සොයමින් සිටි මේ දෙදෙනාට හදිසියේම අතක අස්ථියක ඉතා කුඩා කැබැල්ලක් හමු වී තිබේ. දුටු සැණින් එය ආදී මානවයකුට(hominid හොමිනිඩායි පවුලට අයිති ප‍්‍රිමේටයෙක්) අයත් බව ජොහැන්සන් වහා වටහා ගත්තේ ය. බෑවුමේ තව දුරටත් ගවේෂණය කරද්දී ඔවුන් දෙදෙනාට තවත් ඇට කැබලි දැක ගත හැකි විය : ඉළ ඇට, කශේරුකා, කලව ඇට (ඌර්විකය) හා හනුවක කොටසක් ඒ අතර විය. අවසානයේ දෙදෙනා ඇටසැකිල්ලක අස්ථි 47 ක් මතු කර ගැනීමට සමත් වූහ. ඒ කියන්නේ, මෙයට වසර මිලියන 3.2 කට පෙර විසූ ආදී මානවයෙකුගේ හෝ මානවයෙකු බඳු (humanlike) සතෙකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලකින් 40% තරම් ප‍්‍රමාණයක්. ඇට සැකිල්ලෙහි කුඩා ප‍්‍රමාණය සහ ශ්‍රෝණී (pelvis)  හැඩය සැලකිල්ලට ගනිමින් එය ගැහැණු ඇට සැකිල්ලක් බව තීරණය කළ ඔවුහු පසුව ෆොසිලයට ලූසී යන නම තැබූහ. (ආපසු කඳවුරට ගොස් නව සොයා ගැනීමේ ප‍්‍රීතිය භුක්ති විඳිමින් සිටිනා විට බීටල්ස් ගායක කණ්ඩායමේ ගීතයක් සවණට වැකීිමෙන් මේ ලූසී යන නම යෙදු බව කියැවේ. Beatles song: ‘Lucy in the Sky with Diamonds).

330px-Lucy_(Frankfurt_am_Main)චිම්පන්සියෙකුට මෙන් ලූසීට ද තිබුණේ කුඩා මොළයක්, දිගට එල්ලෙන අත්, කෙටි පාද සහ කේතුවක හැඩගත් උරසක් (thorax) මෙන් ම විශාල බඩකි. එහෙත් ඇගේ ශ්‍රෝණියෙහි හා දණහිස්වල ව්‍යුවහය ගත් කළ ලූසී, අප මෙන් ම, සිරස් ලෙස කඳ උඩ අතට කෙළින් කර තබා(upright) ඇවිද්ද බව දැක්විණ. මෙයාකාර සංචරණය හැඳින්වෙන්නේ ‘දෙපාවන් බව’ (bipedalism) ලෙසට යි. මෙම සංචරණය, මානවයන් හා වානරයන් අතර ඇති වඩාත් වැදගත් එක් තනි වෙනස්කම ලෙස දැක්වේ. ඒ අනුව ලූසී ස්ථිරවම මිනිස් පවුලට වැටිණ.

ඉතියෝපියාවේ ලූසී හමු වූ හඩාර් පළාතේ කොටස අනුව අෆාර් කොටස (Afar) ‘අෆාර් හි දකුණු දිග වානරයා’ (southern ape of Afar) යන තේරුම ගෙන එන පරිදි මහාචාර්ය ජොහැන්සන් ලූසී අයත් විශේෂය  ඔස්ට‍්‍රලොපිතිකස්    අෆාරෙන්සිස් (Australopithecus afarensis) යනුවෙන් නම් කළේය. මීට වසර මිලියන 3.5 කට පෙර ඔවුන් සවානා තණ බිම් හා වනපෙත් මිශ‍්‍ර ප‍්‍රදේශයක පළතුරු ගෙඩි වර්ග හා ඇට වර්ග සොයා සැරිසරන්නට ඇත. අෆාරෙන්සිස් ඇතැම්විට සත්ව ප්‍රෝටීන ලබා ගන්නට ඇත්තේ වේයන් හෝ කුරුලූ බිත්තර කා දැමිමෙනි.

1975 දී ජොහැන්සන්ගේ ශිෂ්‍යයෙකු වන මයිකල් බුෂ් ඇෆාරෙන්සිස් පුද්ගලයන් 13 දෙනෙකුට වැඩි පිරිසකගේ සිරුරු සොයා ගැනීමට සමත් විය. මොවුන්ගේ සිරුරු එක තැන වලදා තිබූ අතර සමහර විට හදිසි ජල ගැල්මක් වැනි ස්වාභාවික ආපදාවකින් මිය ගිය අයවළුන් විය හැකියි. මෙම සොයා ගැනීම ඇෆාරෙන්සිස් විශේෂයේ සමාජ සංවිධානය ගැන වැදගත් තොරතුරු ගෙන ආවේය. ‘‘එය පැහැදිලිව ම තරුණ සහ මහළු අයගේත් කුඩා සහ ලොකු අයගේත් මෙන් ම ගැහැණු හා පිරිමි කිහිප දෙනෙකුගෙත් එකතුවක්. එය අප චිම්පන්සි අතරේ දකින මාදිලියේ කණ්ඩායමක සංයුතිය පෙන්නුම් කරනවා ’’ යනුවෙන් ජොහැන්සන් පැහැදිලි කරයි.

ලූසී කඳ කෙළින් තබාගෙන ඇවිද ගිය බවට සැකයක් නැත. එහෙත් නිව්යෝක් හි ස්ටෝනි බෲක් සරසවියේ රැුන්ඩෝල් සුස්මාන් වැනි ඇතැම් විද්‍යාඥයන් මානවයන් පරිද්දෙන් ම ලූසී කෙළින් වූ කඳ සහිතව ගමන් කළා ද යන්න ගැන සැක පහළ කරති. ඒ වෙනුවට චිම්පන්සි කඳ කෙළින් තබා  ඇවිදින විට කරන්නාක් මෙන් ඇය ද උකුළ හා දණහිස් නවා තබා ගන්නට ඇතැයි ඔවුහු තර්ක කරති. චිම්පන්සි සාමාන්‍යයෙන් හතර ගාතයෙන් ඇවිදින අතර කෙටි කාල ෙඡ්දවල දී කඳ කෙළින් තබාගෙන ගමන් කරයි. ලූසීගේ කංකාලයෙහි අනුපාතයන් පදනම් කර ගනිමින් ලූසී ගමන් කළ ආකාරය යළි ගොඩනැංවීම පිණිස පරිගණක ආකෘතියක් යොදා ගත් ලිවර්පූල් සරසවියේ මහාචාර්ය රොබින් කොම්ප්ටන් කියා සිටින්නේ ලූසී චිම්පන්සි මෙන් උකුල හා දණහිස නවාගෙන     ඇවිදින්නට ඇත. නැතිනම් මිනිස් අප මෙන් පාද කෙලින් තබාගෙන ඇවිදින්නට ඇත යනුවෙනි. මිනිසුන් ඇවිදින ආකාරයට ඇවිදීම ලූසීට යාන්ත‍්‍රිකව ඵලදායි වන්නට ඇති බව කොම්ප්ටන් සොයා ගෙන ඇත.

අපේ ළඟම ඥාතීන් වන්නේ චිම්පන්සින් ය. චිම්පන්සින්ට සහ මානවයන්ට පොදු පූර්වජකයෙකු (common ancestor) සිටි බවත් ඒ පූර්වජයා මෙයට වසර මිලියන 7 කට 8 කට පෙර අප‍්‍රිකාවේ වැසි වනාන්තරවල ජීවත්වන්නට ඇති බවත් ප‍්‍රවේණි විද්‍යා අධ්‍යයනවලින් පෙන්නුම් කරයි. මේ පොදු පූර්වජයාගෙන් පැවත එන්නන් වංශාවලී දෙකකට බෙදෙන්නට ඇත. එනම් චිම්පන්සින් බවට පත් වංශාවලිය හා මානවයන් බවට පත් වංශාවලිය යනුවෙනි. මානව වංශාවලියේ සාමාජිකයන් අතර දෙපාවන් බවට පත්විමට හෙවත් රුක් මුදුනින් බැස පොළවෙහි ජීවත්වීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රමෝපායන් ලෙස නිරතුරුව පුරුද්දක් ලෙස දෙපයින්(routine bipedalism) ඇවිදීම වර්ධනය වීමට බලපෑ එක්තරා (දේශගුණික) සාධකයක් විය. දේශගුණික විපර්යාසයන් නිසා වනාන්තර       විනාශ වී යාමෙන් භූමිය මත ඉතිරි වූයේ ගස් නොමැති විවෘත බිම් තීරු ය. ගස්වලින් බිමට බැස පොළව මත ජීවත්වන්නට පටන් ගත් අපේ ආදිතමයන්ට, දෙපයින් ගමන් කිරීම සඳහා පෙළඹවීම මේ සාධක නිසා ලැබෙන්නට ඇතැයි කොම්ප්ටන් කියයි. ‘‘ පුරුද්දක් ලෙස දෙපයින් ගමන් කිරීමට උචිත ලෙස උකුල් සන්ධිය හා දණහිස් සන්ධිය හැඩගැසීම ආරම්භවීමෙහි ලා මේ චර්යාව මූලික වන්නට ඇති’’ ඔහු පවසයි. තම ශරීර ව්‍යුහය හා චර්යාවන් දෙපයින් ඇවිදීමට යෝග්‍ය අයුරින් හැඩ ගැසී තිබූ ආදිතමයන් ට තම සම පදස්ථයන්ට වඩා ප‍්‍රජනන වාසියක් ලැබෙන්නට ඇත. භෞමික පරිසරයේ දී ඔවුන් ලැබු වාසිය කොපමණවී ද යත් අදටත් ඒ කියන්නේ වසර මිලියන ගණනාවකට පසුවත් අපි හතර ගාතෙන් නැතුව දෙපයින් ඇවිදීමට පුරුදුව සිටිමු.

BBC Science and Nature හි  Mother of man – 3.2 million years ago  ලිපිය අැසු ෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: