විදු නැන නුවණ – Science Literacy for All

වනාන්තර පෝෂණයට කාන්තාරයෙන් වැලි

                                         අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරන මහා දූවිලි වලාව

මේ මහ පොළොව මත වඩාත් ම කටුක දේශගුණික පරිසර අතර සහරා කාන්තාරයට ලැබෙන්නේ ප‍්‍රමුඛ තැනකි. එහි නිසරු සානු, පාෂාණ මුදුන් හා තැනින් තැනට මාරුවෙන වැලි උතුරු දිග අප‍්‍රිකාවේ තුනෙන් එකක් වසාගෙන පවතී. සහරාවේ වැසි ඉතාමත් දුලබය, තුරුලතා හා ජීවය දැකිය නොහැකි තරම්ය. අත්ලාන්තික් සාගරය හරහා භූමි භාගයක ඇත්තේ ලෝකයේ විශාලතම වැසි වනාන්තරයයි. දකුණු ඇමරිකාවේ ඊශාන දිග පිහිටි මේ භූමිය ගහ කොළ පිරි, සශ‍්‍රීකව වැඩුණු, ඇමොසාන් ද්‍රෝණියයි. එය අද්විතීය පාරිසරික විවිධත්වයකින් යුක්තයි. ඉතින්, මේ එකිනෙකට වෙනස් දේශගුණික කලාප දෙකටම පොදු වන්නේ කුමක්ද?

ඒ කලාප දෙක සැතපුම් 10,000 ක් දිග සවිරාම වායුගෝලීය ධූලි ගංඟාවකින් සම්බන්ධිත ය. සෑම වසරකම සහරානු තීව‍්‍ර සුළං මගින් අති විශාල ධූවිලි වලාවන් අත්ලාන්තික් සාගරය හරහා ඇමොසාන් ද්‍රෝණිය වෙත යවනු ලැබේ. මේ ධූලි වලින් වැඩි කොටසක ප‍්‍රභවය චැඞ් රාජ්‍යයෙහි ආදී කාලීන විල් පත්ලකි. ඇමොසාන් බලා යන දූවිල්ල පොස්පරස් වලින් පොහොසත් ය. මියගොස් බොහෝ කාලයක් ගතවන ජීවින්ගේ සිරුරු කොටස් ධූලි කොටස් සමග එක් වී අන්තර් අත්ලාන්තික සවාරිය අවසානයේ මහා වැසි වනාන්තරයේ ජීවමාන තුරුලතාදියට අවශ්‍ය පෝෂණ කොටස් සපයයි. ශාකවල වැඞීමට අවශ්‍ය පොස්පරස් ඇමොසාන් කලාපයේ හිඟය. වසරක් පාසා එහි ගොඩ ගැසෙන කාන්තාර ධූවිලි එම හිඟය පියවීමට උපකාරී වේ.

කලාප දෙක අතර මේ සහ සම්බන්ධය ගැන නාසා පර්යේෂකයන් අධ්‍යයනයක යෙදී සිටින්නේ, එම සම්බන්ධය ක‍්‍රියාත්මක වන්නේ කෙසේද? එමෙන් ම දේශගුණ විපර්යාසයන් ඊට බලපාන්නේ කෙසේද යන්න ගැන සොයා බැලීමට ය. ‘‘ධූවිලි සුවිශේෂී ආකාරයෙන් වැදගත් බව අපි දන්නවා. බොහොම සංකීර්ණ ආකාරයට ධූලි දේශගුණයට බලපානවා වගේම දේශගුණයේ වෙනස්වීම ධූලි වලට බලපානවා’’ යයි මේරිලන්ඞ් සරසවියේ වායුගෝලීය විද්‍යාඥ හොංබින් යු  කියා සිටියි. ‘‘අපි පර්යේෂකයන් වශයෙන් මූලික ප‍්‍රශ්ණ දෙකක් අහනවා. ¥විලි කොපමණ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය වෙනවාද? ඒ වගේම, අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරන දූවිලි ප‍්‍රමාණය කෙරෙහි දේශගුණ විපර්යාසයන් බලපාන්නේ කෙසේද? යන්න එම ප‍්‍රශ්න දෙකයි.

ක‍්‍රි:ව: 2006 දී අභ්‍යවකාශ ගත කළ නාසා ආයතනයේ කැලිප්සෝ (CALIPSO) චන්ද්‍රිකාව බාගදා මීට පිළිතුරු සැපයීමට සමත්වෙනු ඇත. අන්තර් මහාද්වීප ගමනෙහි යෙදෙන දූවිලි ප‍්‍රමාණය ප‍්‍රථම වතාවට මැනීමට කැලිප්සෝ සමත් ව සිටියි. එම සම්බන්ධය සැබැවින් ම පුදුම එළවන සුළු ය: සෑම වසරක ම දූවිලි ටොන් මිලියන 182 ක් සහරාවෙන් පිටව යයි. ඉන් මිලියන ටොන් 27.7 ක් ඒ කියන්නේ පිටව යන ප‍්‍රමාණයෙන් 15% ක් ඇමොසාන් ද්‍රෝණිය පුරා විසිරෙයි.

කැලිප්සෝ මගින් හෙළි කරගනු ලැබූ එක් දෙයක් වන්නේ,සම්බන්ධතාවයේ විචල්‍යභාවයයි. 2007 සහ 2011 අතර 86% තරම් ප‍්‍රමාණයක වෙනසක් දැක්විණ: එසේ වන්නේ ඇයි? සමහර විට ඊට පිළිතුරු ඇත්තේ සහෙල් වල විය හැකි ය. සහරාවේ දකුණු දිග දේශ සීමාවේ අර්ධ-ශුෂ්ක භූමි තීරුවක් වන සහෙල් හි වර්ෂාපතනය හා අත්ලාන්තික් සාගරය හරහා යැවෙන දූවිලි ප‍්‍රමාණය අතර තිබිය හැකි සම්බන්ධයක් යූ සහ ඔහුගේ සගයන් විසින් සොයා ගනු ලැබ ඇත. සහෙල්  හි වර්ෂාව ඉහළ මට්ටමකට ආ විට යැවෙන ¥විලි පරිමාව පහළට යයි.

මේ සහ සම්බන්ධතාවට හේතුවන නිශ්චිත කාරණාව සොයාගෙන නැතත් යූ යම් අදහස් කිහිපයක් ගොඩ නගාගෙන ඇත. වර්ෂාව ඉහළ යාම හේතුවෙන් සහෙල් හි වෘක්ෂලතාදියෙ හි වැඞීමක් ඇතිවේ. එවිට බලගතු සුළංවලට අනාවරණය වන වැලි ප‍්‍රමාණය අඩුවේ. තවත් හේතු කාරකයක් සුළං මත රඳයි. වර්ෂාව පතිත වන ප‍්‍රමාණය, සහරාවෙන් සහ සහෙල් රාජ්‍යයෙන් ඉහළ වායුගෝලයට ධූලි එකතු කරන සුළං රටාව හා සහ සම්බන්ධය. සහරාවේ සිට ඇමොසාන් දක්වා දූවිලි ගෙන යන සුපිරි මහ මග පිහිටියේ මෙම ඉහළ වායුගෝලයෙහි ය. අනාගතයේ දී දේශගුණය කෙරෙහි දූවිලි බලපාන අන්දම මෙන් ම දූවිලි දකුණු ඇමරිකාවේ සශ‍්‍රීක වෘක්ෂලතාදිය අද දින පෝෂණය කරන ආකාරය පුරෝකතනය කිරීම සඳහා වූ ආකෘති ගොඩ නැගීමට කැලිප්සෝවෙන් ලබාගත් වායූගෝලිය ධූලි පිළිබඳ ත‍්‍රිමාණ නිරීක්ෂණ විද්‍යාඥයන්ට පිහිට වෙයි.

 

NASA Science, Science News  හි  Desert Dust Feeds Amazon Forests

ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: