විදු නැන නුවණ – Science Literacy for All

ජලය උරා ගන්නා නව කොන්ක්‍රීට් වර්ගයක්

වර්ෂාව අධික කාලයට නගර බද ප්‍රදේශ ජලයෙන් යටවීම සුලබ සිද්ධියක් බවට පත්වී හමාරය. කානු, වතුපිටි, පමණක් නොව පාරවල් දිගේද ජලය දෝර ගලයි. ජලාපවහන පද්ධතිය නිසියාකාරව සැලසුම් නොකිරිම, නඩත්තුව හා අලුත්වැඩියාව නිසි වෙලාවට නිසි පිළිවෙළට සිදු නොවීම, පොලිතීන් භාවිතය වැඩිවීම ආදී කරුණු  ගණනාවක් අපේ රටේ නම් මේ සඳහා බලපායි. හදිසි ජලගැල්ම (flash flood) යනුවෙන් හැඳින්වෙන තත්ත්වයකදී ලෝකයේ සෑම රටක්ම පාහේ මේ අත්දැකීමට මුහුණ දෙයි. හදිසි ජලගැලීම්වලට වැඩියක්ම ගොදුරු වන්නේ නාගරික ප්‍රදේශය. ඇස්පැලට් (asphalt)  වැනි මිනිසා විසින් සාදන ලද පෘෂ්ඨයක් මත කුණු  අවශෝෂණය වන තරමට ජලය උරාගන්නේ නැත. එහෙයින් අධික වර්ෂාව කඩා හැලෙන විට ක්ෂණිකව කාණු අැතුළු අපවහන පද්ධතිය පිරී ගිය විට ඊළඟට ජලය ගලා බැසීමට පටන් ගන්නේ පදික වේදිකා, ඇවිදින මංතීරු හා පාරවල් ඔස්සේය.

ලෝකයේ දිගින් දිගටම නාගරිකරණයට ලක්වෙද්දී මේ මහා පොළොව අනිර්වේධ්‍ය(වැද්ද නොදෙන impervious) පෘෂ්ඨයන්ගෙන් වැසී තිබෙන වපසරිය එන්ට එන්ටම වැඩිවෙයි. ඒ අනුව, ජල ගැලීමේ ප්‍රශ්නය තවත් බරපතළ විය හැකියි. මෙම කාරණාව එක්සත් රාජධානියේ සමාගමක නව නිෂ්පාදනයක් කෙරෙහි ලෝක අවධානය යොමු වන්නට හේතු වූවා වන්නට පුළුවන. Topmix Permeable නමින් වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මේ නිෂ්පාදනය ඉක්මනින් දිය බහවන කොන්ක්‍රීට් වර්ගයකි. එය කොන්ක්‍රීට් වර්ග මීටරයක් තුළ විනාඩියකට වතුර ගැලුම් 1,000 දක්වා උරා ගැනීමට හැකිය. මෙම කොන්ක්‍රීට් එක මත හලන ජලය ක්ෂණිකව බැස යන්නේ සැඟැවුණු සිදුරකින් ගලා යන්නාක් මෙනි.

mqdefault

පාර අතුරන ද්‍රව්‍ය අාකෘතිකව නිපදවා ඇත්තේ බාදනයකින් එකට එක් කර තබන විශාල සහ සියුම් මඞින ලද ගල් මිශ්‍රනයකිනි. එහෙත් නව නිෂ්පාදනයේදී සියුම්ව මඬින ලද ගල් හෝ වැලි භාවිතා කරන්නේ නැත. මේ නිසා ජලය විශාල ප්‍රමාණයක් උරා ගැනීමට හැකිවන පරිදි එම නිෂ්පාදනය සවිවරය. මේ නිෂ්පාදනයේ එක් තට්ටුවක් මැඩවුම් ගල් සමහරක් යටිපාදකයක් (sub-base)  මත අතුරනු ලැබේ.  යටිපාදකය සාමාන්‍යයෙන් පස මත පවතී. වැසි ජලය ඉහළම පෘෂ්ඨය හරහා කාන්දු වී සමාකාර තට්ටුව මත එකතුවෙයි. අනතුරුව ජලය සෙමින් පසට මුදා හැරේ. නව නිෂ්පාදනයේ මිලද වෙළඳපොළේ අනෙකුත් කොන්ක්‍රීට්වලට සමානය. මෙය මාර්ගවල වාහන නැවතුම්පොළවල, ඇවිදින හා පාපැදි මංතීරුවල ආදී ස්ථානවල භාවිත කළ හැකිය. මේ නව හඳුන්වාදීම මගින් ගංවතුර හානිය අඩුකර ගැනීම මෙන්ම වියපත් අපවහන පද්ධති මත ඇතිවන පීඩනය අඩුකිරීමටද මං සැලසේ. එපමණක් නොව වැසි ජලය ස්වාභාවික භූ ජලධර (aquifers) වෙත  යළි යොමු කිරීමෙන් ජල හිඟයටද එක්තරා අන්දමක පිළියමක් සැපයිය හැකිවෙයි. ඉතා  අධික වර්ෂාවල දී පදික වේදිකාව හෙවත් පෙව්මන්ට් එක ජල රඳනයක් හෙවත් ජලාශයක්  (reservoir) ලෙස ක්‍රියා කරන අතර, එහි පහළ තට්ටුව ජලය රඳවාගෙන සිටිමින් භූමියට ඔරොත්තු දෙන අන්දමට සෙමින් පසට ජලය මුදා හැරේ. සවිවර ගල් තට්ටු කිහිපයක් ඇති නිසා මෝටර් රථ තෙල් ආදිය පෙරීමට හැකි යෝධ පෙරහනක් ලෙසද ක්‍රියා කරයි.

නව නිෂ්පාදනය, මේ ආකාරයේ ප්‍රථම පදික වේදිකා පද්ධතිය නොවේ. මෙම සමාගමේම පාරගම්‍ය අතුරන ගල් අල්ලු පදික මං සඳහා භාවිතයේදී ජනප්‍රිය තේරීමක් බවට පත්ව ඇත. සවිවර ඇස්පැලට් සාර්ථකව යොදා ගෙන ඇති පෝට්ලන්ඩ්,  ඔරිගාන් ආදී පුරවල. වාහන නවතා තබන මං තීරු මෙම ද්‍රව්‍ය යොදා අතුරා ඇත. එහෙත්, සවිවර ඇස්පැල්ට්වල ඇතැම් සීමාවන් ඇත. වාහන වැඩි ප්‍රදේශ සඳහා භාවිතයට එය දුර්වල වැඩිය. කැටිති, රළු වැලි ආදියෙන් මතුපිට ඇහිරියාම වැළැක්වීම පිණිස නිරතුරුව පිරිසිදු කළ යුතු වේ. තවද, ජල පද්ධතියට මෝටර් රථ තෙල් ඇතුළු එක්වීම වැළැක්වීමට එය අසානායක්ය නව නිෂ්පාදනයෙහි ද මෙකී දුර්වලකම් සමහරෙක් ඇත. වාහන භාවිතය වැඩි ස්ථානවල යොදා ගැනීමේ දී එම නිෂ්පාදනයේ මතුපිට තට්ටුව හඳුන්වන්නට පටන් ගනී. එහෙත්, සිමෙන්ති කලවම් කිරීමේ ක්‍රියාදාමය හා බදනයෙහි ස්වභාවය නිසා අනෙකුත් නිෂ්පාදනවලට වඩා ශක්තියෙන් වැඩියි. මෙය ඉතා ඉහළ ‘හිඩැස් අවකාශයක්’ බවට පත්කිරීමට හැකිවිනැයි සමාගමේ වාණිජ අධ්‍යක්ෂ පවසයි. මෙම කර්මාන්තයේදී අතුරන නිෂ්පාදනයක වා අවකාශය හඳුන්වනු ලබන්නේ හිඩැස් අවකාශ (void space) යනුවෙනි. නව තාක්ෂණය වර්ෂාව වසර පුරා අධිකව ලැබෙන රටවල් මංමාවත් පදික වේදිකා වාහන නැවතුම් පොළවල් ඇතිරීම සඳහා ඵලදායීව යොදා ගැනීමට හැකි වේ.

Smithsonian: This Concrete can absorb a flood ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: