සැමට විදු නැන නුවණ – Science Literacy for All

ගොවිතැනට ඉමහත් විනකරමින් හෝමන අනුකරණය කරන සතුන්

පියවි ඇසට නොපෙනෙන, ශාක පරපෝෂිතයන් වන නෙමටෝඩාවන් වට පණුවන් කෘෂිකර්මාන්තයට බලවත් තර්ජනයක් වී තිබේ. නෙමටෝඩාවන් මගින් වසරක් පාසා සිදුවන අලාභය බිලියන ගණනාවකි. මෙම ජිවීන් ශාකවලට ප්‍රහාර එල්ල කිරීමට උපයෝගී කර ගන්නා එක් ක්‍රමයකට සම්බන්ධ ප්‍රථම ජානමය සාක්ෂිය සොයා ගැනීමට ඇමරිකාවේ මිසුරි සරසවියේ සහ ජර්මනියේ බොන් සරසවියේ ශාක විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිති. මේ ක්‍ෂුද්‍ර පණුවන් ශාකයෙන් තමනට ආහාර සපයා ගැනීමට උපකාරී වන හෝමෝනයක් යොදාගන්නා බව ඔප්පු කිරීමට විද්‍යාඥයන්ට හැකිවී තිෙබ්. මේ මහත් හානිකර කෘෂිකාර්මික පළිබෝධයන්ට දක්වන ප්‍රතිරෝධ ඉහළ මට්ටමක නැංවූ භෝග ශාකයන් වැඩිදියුණු කිරීමෙහි දී ශාක විද්‍යාඥයන්ට මෙම පර්යේෂණ මහෝපාකාරි වේ.

“ශාක වර්ධනයේ වැදගත්ම අංගය වනුයේ සෛල චක්‍ර නියාමනයයි.  (සත්කාරක) ධාරක ශාකයෙක් පෝෂණ කොටස් සපයා ගැනීම පිණිස නෙමටෝඩාවන් විසින් භෝජන ස්ථාන සකසා ගනු ලැබීමේ දී ප්‍රථමයෙන්ම ස්වරූපය වෙනස් කරන්නාවූ කටයුත්තක් වන්නේ ‍මෙයයි’ යනුවෙන් මෙලිසා ගොලීනර් මිචම් පවසයි. මිචම්, මිසූරි සරසවියේ ශාකවිද්‍යා අංශයේ සහායක මහාචාර්යවරියකි. ශාකවල සෛල විභේදනය ප්‍රවර්ධනය කරන්නා වූ හෝමනයකි, සයිෙටාකිනින්. නෙමටෝඩා පරපෝෂිතයන් භෝජන ස්ථාන සකසා ගැනීමේදී මේ හෝමෝනය වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව මෙම පර්යේෂකයෝ සැක කරති.

නෙමටෝඩවන්නේ ආසාදනයකට ප්‍රතිචාර ලෙස සෛල ප්ලාස්ම විභාජනයෙහි විවිධ අංගෝපාංග ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි සොයා බලනු ලැබුවේ පර්යේෂණයේ කොටසක් ලෙසිනි. මෙම අංගෝපාංග නොමැති නොයෙකුත් ශාක පර්යේෂකයන් විසින් ඇගැයීමකට ලක් කරනු ලැබූ අතර එම ශාක, නෙමටෝඩයනගේ ආසාදනයට ලක්වීමේ හැකියාව අඩු බව පෙනී ගියේ ය. මෙකී වට පණුවන් ශාකයේ වැඩිමට හා වැඩිදියුණුවට  වැදගත්වන ශාක හෝමෝන ඉඟිකරන මං පෙ‍තෙන් කොටස් උපයෝජනය කරනවා පමණක් නොව ඔවුන් එය ඉටුකරන්නේ ශාකයට රෝගය හට ගැනීමට ඉඩ සැලසෙන ආකාරයට බව මෙකී ප්‍රතිඵල මගින් පර්යේෂකයන්ට පැහැදිලි වුණි.

මිචම්ගේ කණ්ඩායම බොන් සරසවියේ පිරිසක් සමග එක්ව සෛල ප්ලාස්ම විභාජනය හා නෙමටෝඩාවන් අතර සම්බන්ධය තවදුරටත් විශලේෂණය කළහ. එහිදී ඔවුනට සොයා ගැනීමට හැකි වූයේ  නෙමටෝඩාවන්  ඔවුන්ගේම ශාක සෛල ප්ලාස්ම ස්වරූපයක් නිපදවන බවත් හොමෝනය කෙළින්ම ශාකයන්ට වෑස්සීමෙන්  (ස්‍රාව කිරීමෙන්)  ඔවුන් ක්‍රියාකාරිවම සෛල චක්‍රය පාලනය කරන බවත් ය. මෙය නෙමටෝඩාවන්ට ප්‍රශස්ත භෝජන ස්ථාන නිපදවීමට මග පාදන බවද ජෙනී ගිය කාරණයකි. දීර්ග කාලින පරපෝෂිතභාවයට මග පාදන කාර්ය බද්ධ ශාක හෝමෝනයක් සංස්ලේෂණයට හා ස්‍රාවය කිරීමට  සතෙකුට ඇති හැකියාව මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මගින් දැක්වේ.

agricultural+pests_catapillars_155115629

ස්වකීය යහපත තකා ශාක නෙමටෝඩාවන් ධාරක ශාක සිය පාලනයට ගන්නා ආකාරය හරිහැටි අවබෝධ කර ගැනීම බෙහෙවින් වැදගත්ය. මෙකී අතිශය හානිකර පළිබෝධයන්ට ඇති ප්‍රතිරෝධය වර්ධනය කිරීමක් සහිත නව තාක්ෂණ සොයා ගැනීමේ අත්‍යවශ්‍ය මුල් පියවරක් ලෙස එම අවබෝධය සැලකිය හැකියි” යයි මිචම් කියයි.

ඇමරිකාවේ හා ජර්මනියේ පර්යේෂකයන්ට අමතරව, චෙක් සමූහාණ්ඩුව, පෝලන්තය සහ ජපානය යන රටවල විද්‍යාඥයෝ මෙම අධ්‍යනයට සිය දායකත්වය සපයති.

මිසූරි සරසවි ෙය් වාර්තාවක් පදනම් කරෙගන Scence News හි පළවූ වාර්තාවක් අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: