හංස නිහාරිකාව

Posted by

ප‍්‍රකාශ දුරේක්ෂයක් තුලින් විස්තරාත්මකව බැලූ කළ පෙනෙන අයුරු ක්ෂීර පථයෙහි බොහෝ සෙයින් ඇති අඳුරු වලාවන් දිලිසෙන වායු නිහාරිකා හා සම්බන්ධව ඇත. ආලෝක වර්ෂ 7,000 ක දුරක දී ආලෝක වර්ෂ 20 ක විශ්කම්භයක් සහිත හංස නිහාරිකාව ආකාශයෙහි වඩාත් ම දීප්තිමත් වායුමය නිහාරිකා අතුරෙන් එකකි. එය තාරකා බිහිකරන අඳුරු වලා සංකීර්ණයක කොටසකි. දිගින් ආලෝක වර්ෂ 200 කට අධිකව දිවෙන මෙම වලා සංකීර්ණයෙහි සම්පූර්ණ ස්කන්ධය අපේ සූර්යයාගේ මෙන් 200,000 ගුණයකට වැඩියි. ස්පිට්සර් (Spitzer)අභ්‍යවකාශ දුරේක්ෂයේ හංස නිහාරිකාවෙහි අධෝරක්ත දසුනෙන් එහි ධූලි වායුමය වලාකුළුවල අභ්‍යන්තරයෙහි විවිධ වූ විස්තර පුළුල් ආකාරයකට අනාවරණය කරයි. එම විස්තර ප‍්‍රකාශ තරංග ආයාමයන්ට හසු නොවේ.

නිහාරිකා අතුරෙන් වඩාත්ම දීප්තිමත් නිහාරිකාව

අප අතරින් සැලකිය යුතු පිරිසක් සැබැවින්ම අඳුරු හෝ කළුවර ස්ථානයක සිට රාත‍්‍රී අහස ඇත්තටම දැක ඇතුවාට සැකයක් නැත. එවැනි දසුනක කැපී පෙනෙන අංගය වනුයේ පියවි ඇසට කොපමණ නම් තරු විශාල ප‍්‍රමාණයක් දැක ගත හැකි ද යන්න ය. එවැනි දසුනකින් පැහැදිලිවන තවත් කාරණාවක් ඇත. එනම් අහස හරහා (පුරා) තාරකා විසිරී ඇත්තේ අහඹු ලෙස නොවන බවයි. තිරසින් තිරසට විහිදෙන කාවැදුන අඳුරු ලප සහිත විසාරී(diffuse) ආලෝක පථයක් නොදැක සිටීමට අසීරුය. විශේෂයෙන්ම මෙකී ආලෝක පථය තමයි ක්ෂීර පථය ලෙස හඳුන්වන්නේ. තාරකා බිලියන 300කට මෙන් ම අපේ මේ ගැලැක්සියෙහි තැටිය සමන්විත වන ධූලි සහ වායු අඳුරු වලාවන්ට නිවහන මෙයයි.

මන්දාකිණි මධ්‍ය දිසාවට වෙන්නට ක්ෂීර පථයේ අතරේ ධනු රාශිය ලෙසද හඳුන්වන තාරකා මණ්ඩලය (රාශිය) ඇත. එහි දීප්තිමත් ම තාරකා තේ පෝච්චියක ස්වරූපයෙන් පියවි ඇසට පහසුවෙන්ම හඳුනාගත හැක. හංස නිහාරිකාව පිහිටා ඇත්තේ තේ පෝච්චියට උඩින් අංශක 9 ක් පමණ හෝ පූර්ණ චන්ද්‍රයන් 18 ක් පළලිනි.

සූර්යයා, ක්ෂීර පථය ධූලි තැටිය ඇතුළත ස්ථානගතව සිටින හෙයින් අපට මේ මන්දාකිණියේ ව්‍යුහය පිළිබඳ ලබාගත හැකි ප‍්‍රකාශ දර්ශනය එක්තරා දුරකට සීමිත ය. කෙසේ වෙතත්, අධෝරක්ත හා රේඩියෝ නිරීක්ෂණය ඇතුළු විවිධ ශිල්ප ක‍්‍රම අපට මන්දාකිණිය සිතියම් කිරීමට මග පාදා ඇත. හරහට ආලෝක වර්ෂ 100,000 ක් පළලින් යුතු වූවත් ක්ෂීර පථ මන්දාකිණියට ඇත්තේ තුනී (ආලෝක වර්ෂ 1000 ක් පමණ වන) තාරීය තැටියකි(stellar disk). මන්දාකිණි මධ්‍යයේ සිට අපේ සූර්යයා පිහිටා ඇත්තේ අලෝක වර්ෂ 28,000 ක් එහායිනි. මන්දාකිණි කේන්ද්‍රයේ සිට ආලෝක වර්ෂ 3,500 ක් යනතුරු තාරක නෙරුමක් කේන්ද්‍රය වටකොට ඇත. තැටිය වටා ඇත්තේ එතරම් ඝන නොවූ තාරීය ප‍්‍රභා මණ්ඩලයකි. මින් වඩාත් කැපී පෙනෙන්නේ 200 ක් පමණ වන ‘තාරකා දූපත ’ ගෝලීය තරු පොකුරයි.

ප‍්‍රභා මණ්ඩලය(halo) හරහා අනෙකුත් මන්දාකිණි නිරීක්ෂණය කළ හැකිය. දුර සිට ක්ෂීර පථය මන්දාකිණිය ඔස්සේ දෙස බැලීමෙන් දැකිය හැකි මන්දාකිණියකට නිදසුන් ලෙස  NGC 891 වැනි මන්දාකිණි දැක්විය හැකිය. එය දිස්වන්නේ මැද නෙරුමක් සහිත තුනී, ධූලි, තාරීය තැටියක් ලෙස ය. එක එල්ලේ බලද්දී එවැනි මන්දාකිණි සර්පිලාකාර ව්‍යුහයක් පෙන්නුම් කරයි.  M74 සර්පිලාකාර මන්දාකිණියක් පිළිබඳ කැපී පෙනෙන නිදසුනකි. උණුසුම්, තරුණ, දැවැන්ත තාරකා මගින් එහි සර්පිලාකාර බාහු නිල් පැහැයෙන් පිරික්සිය හැකි ය. එහි රතු වර්ණ බාහු  ප‍්‍රදේශ ඇතිවීමට හේතුව උණුසුම් තාරකා අසල පිහිටි නිහාරිකා ය. ධූලි පිරි, අඳුරු වලාවෙන් පිරි කලාප ද මන්දාකිණි බාහු තුළ දැකිය හැකිය. මින් පැහැදිලි වන්නේ ද මන්දාකිණි බාහු තාරකා බිහිවීම හා සම්බන්ධ බවයි.

M17-swan-feraක්ෂීර පථයේ සර්පිලාකාර තැටි ව්‍යුහය ගැන හයිඩ‍්‍රජන් වායු පිළිබඳ රේඩියෝ නිරීක්ෂණ සහාය සැලසේ. එහි ආසන්න බාහු, උණුසුම්, තරුණ තාරකා, නිහාරිකා ආදියෙන් පිරික්සිය හැකි ය. ක්ෂීර පථය එවැනි සර්පිලාකාර මන්දාකිණිවල ව්‍යුහයත් සර්පිලාකාර බාහු සමග තාරකා බිහිවීමත් අතර ඇති සම්බන්ධය හොඳින් අවබෝධ කරගත හැක්කේ ඝනත්ව තරංග ලෙස සැලකිල්ලට ගනිමිනි. කැරකෙන තැටි මන්දාකිණි වර්ධනය වන්නේ ස්කන්ධ ඝනත්වය වඩාත් වැඩි තැන්වලය. මෙම ඝනත්ව තරංග කැරකැවෙන්නේ තරංගවලට පිටතින් පිහිටි තාරකා හා වායුවලට වඩා සෙමින් ය. තරංග මුනගැසෙන විට තාරකා මෙන්ම වායු කැරකීම ද මන්දගාමී වෙයි.

සම්පීඩිත වායු හා ධූලි වලාවන් තාරකා හැඩගැසීම ආරම්භ කරයි. වඩාත් කැපී පෙනෙන්නේ තරුණ, දීප්තිමත්, රත්වූ උණුසුම්, නිල් වර්ණාවලී පංතියේ OBගණයට අයත්       තාරකා ය. ඒවායේ අධෝරක්ත විකිරණ ආසන්නයේ ඇති වායුමය නිහාරිකාවන් රත් කරයි. තාරකා ඝන වලා බාහුව පසුකර යත්ම, ඒවා(තාරකා) හැඩගැසීම පිරිහේ.  දීප්තිමත් නිල්  OBගණයට අයත් තාරකා මුලින් ම (ඒ කියන්නේ වසර මිලියන කිහිපයකින්) මිය යයි. එලෙස, බාහු (රතු නිහාරිකා සමග) නිල් පැහැයෙන් මතු වී පෙනෙයි.

ප‍්‍රකාශ තරංග ආයාමවලදී නරඹන විට, දකුණු අහස් ගෝලයේ පිහිටි ධනු රාශිය(Sagittarius) වශයෙන් හඳුනවනු ලබන තාරකා පංතියේ  බාහුවේ පවතින හංස නිහාරිකාව හා සම්බන්ධ කර සලකන අඳුරු වලා අඩු තාරීය ඝනත්වයකින් යුත් කලාප ලෙස දෘශ්‍යමාන වෙයි. මෙම කලාප තුළ දැකිය හැකි තාරකා සංඛ්‍යාව, ආලෝක වර්ෂ 7,000 ක ඈතින් ධනු රාශි අඳුරු වලා සංකීර්ණ සඳහා අපේක්ෂිත තාරීය ඉදිරි දසුන හා සංගතය. ධූලි වලාවන් ඇතුළතට හා ඉන් ඔබ්බට එබිකම් කිරීමට අධෝරක්ත නිරීක්ෂණයන් ට ඇති බලය ඉදිරිපස තාරකා නොමැති අසල ඇති, කුඩා, අඳුරු වලාවකින් මනාව පෙන්නුම් කෙරේ. උදාහරණයක් දක්වතොත් බර්නාඞ්(Barnard) 68 අලෝක වර්ෂ 500 ක් ඈතින් පිහිටා ඇති අතර හරහට ආලෝක වර්ෂ 0.5 කි. තරංග ආයාම අධෝරක්ත දක්වා වැඩිවෙද්දී වලාව හරහා තවත් තාරකා දිස්වේ.

වලාවෙහි ධූලි, අධෝරක්ත තරංග ආයාමවලට වඩා ප‍්‍රකාශ තරංග ආයාම වඩා කාර්යක්ෂමව අවශෝෂණය හා විසිරීම සිදු කරයි. කණිකා (grains) වැඩිපුරම උප මයික්‍රෝන ප‍්‍රමාණයේ කාබන්, ඔක්සිජන් හා සිලිකන්(smog ධූමිකා) අංශුය. එවැනි කුඩා අංශු මගින් දිග තරංග ආයාමයෙහි අධෝරක්ත විසිරුවනු ලබන්නේ අඩුවෙනි.

ප‍්‍රකාශ තරංග ආයාමවලට වඩා අධෝරක්ත ආයාම සිසිල් වස්තූන් කෙරෙහි ද වඩාත් සංවේදීය. තාරකා, ග‍්‍රහයන් සහ ධූලි කෘෂ්ණ වස්තු විකිරක ලෙස සමීපව සම්බන්ධකිරීම  හෙවත් සන්නිකර්ෂණය කළ හැක. එවැනි වස්තුවල වර්ණාවලී උෂ්ණත්වයේ ශ‍්‍රිතයක් ලෙස උච්චායනය වේ. කෙල්වින් 5,800 ක මතුපිට උෂ්ණත්වයක් සහිත සූර්යයා උච්චායනය වන්නේ ප‍්‍රකාශ තරංග ආයාමයන් වලදීය. මෙයට හාත්පසින් ම වෙනස් වූ ධූවිල්ලෙන් සැඟව ගිය මූල තාරකාවක(protostar) උෂ්ණත්වය කෙල්වින් 500 ක් පමණ වේ. එවැනි වස්තුවක් සොයා ගත හැකි වන්නේ අධෝරක්ත තරංග ආයාමයක දී පමණය.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.