විදු නැන නුවණ – Science Literacy for All

ගහකොළ අවට සිටීමෙන් අපට සුවයක් දැන්නේ ඇයි?

 

ගස්වැල් පරිසරයේ ඇති දූෂක ඉවත් කිරීමට උදව් වනවා පමණක් නොව භාවාත්මක         වශයෙන් ගත් කල අපට සුබදායී හැඟීමක් ගෙනදීමට සමත් බව මෑතක පර්යේෂණවලින් හෙළිවෙයි.

සුලබ වායු දූෂක හා විෂ වායු හයක් හසුකර ගැනීමෙන් ගස් අප අවට වාතයේ ගුණාත්මක බාවය වැඩි දියුණු කිරීමට ඉවහල් වන බව දන්නා කාරණාවකි. භූමිය මට්ටමේ ඕසෝන්, අංශුමය ද්‍රව්‍ය, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ, සල්ෆර් ඔක්සයිඩ සහ ඊයම් එම දූෂක හයයි. ඇත්ත වශයෙන්ම එක් තනි ගසක් වසරක් පාසා වායු දූෂක රාත්තල් 10 ක් අවශෝෂණය කර ගනියි.  ගිය වසරේ (2014) නිකුත් කළ  අධ්‍යයන වාර්තාවකට අනුව ඇ.එ.ජ වන සේවා විද්‍යාඥයන් සහ ඔවුන් හා සහයෝගීව කටයුතු කරන්නන් ගණන් බලා ඇත්තේ වසරකට ජීවිත 850ක් ගලවා ගැනීමටත් තීව්‍ර ස්වසන ලක්ෂණ 670,000ක් වළක්වා ගැනීමටත් ගස් සමත් වන බවයි. වායු දූෂණය අඩුවීමේ හේතුවෙන් මානව සෞඛය කෙරෙහි ඇති කරන බලපෑම්වල අගය සෑම වසරකම ඩොලර් බිලියන 7කට ආසන්න බවයි පර්යේෂකයන් පවසන්නේ.

Tree 2

“පොදුවේ ගත් කල, රුක් ආවරණය වැඩිවෙත්ම දූෂක ඉවත් කිරීම ඉහළ යනවා, දූෂක ඉවත් කිරීම ඉහළ යත්ම මානව සෞඛ්‍යමය යහපතද වැඩි වෙනවා” යයි වන සේවාවේ ඩේව් නොවැක් පවසයි.

පාරිසරික වසංගතවේද පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Research in Environmental Epidemiology 2015) සිදු කළ අධ්‍යයනයක් අනුව ස්පාඤ්ඤයේ බාසිලෝනාහි සිය පාසල හා වටා පිටාවෙහි වන නිල්ලට රුක් නිල්ලට ළමුන් නිරාවරණය වූ ප්‍රමාණය චන්ද්‍රිකා අනුරූප මගින් මැන බලා ඇත. එසේ නිරාවරණය වූ ළමුන් අවධානය යොමු කිරීමේ  කුසලතා වඩා හොඳින් ප්‍රදර්ශනය කළ බවත් ස්මෘතිය සංවර්ධනයද සිදු වී ඇති බවත් පෙනී ගියේය. මේ  සම්බන්ධය අර්ධ වශයෙන් වායු දූෂණය  අඩුවීමේ හේතුවෙන් සිදු වුණද ඊට සම්පූර්ණ වශයෙන් බලපාන්නේ වායු දූෂණය  පමණක් නොවේය යන්න අධ්‍යාපනයේ කතුවරයකු වන මාක් නිව්වෙන්හුයිසෙන් කියා සිටියි. ‘මම නම් හිතන්නේ ඒක එක්තරා අන්දමක ඍජු බලපැමක්, මානසික සෞඛ්‍ය කෙරෙහි හරිත වර්ණ අවකාශයෙහි බලපෑමක්’.

ගහකොළ හා ස්වාභාවධර්මයට නිරාවරණය වීමේ ධනාත්මක බලපෑම් ගැන මෑතක සිදු කළ අධ්‍යයන ගණනාවකටම අවධානය යොමු කෙරිණ. කැනඩාවේ මහා ටොරොන්ටෝ ප්‍රදේශයේ පදිංචිකරුවන් 31,109 ක් යොදා ගනිමින් කළ අධ්‍යයනයකින් හෙළිවූයේ වීථිවල ඝණ රුක් ආවරණයක් සහිත ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍යය සංජානනය යහපත් තත්වයක පැවති බවයි. එවැනි අධ්‍යයන ජීවාශක්ත උපන්‍යාසය’ (biophilia hypothesis) හා අනුරූපක වේ. මේ උපන්‍යාසය ඇමරිකානු මනෝවිශ්ලේෂක එරික් ප්‍රොම් සහ හාවඩ් පරිණාමක ජිව විද්‍යාඥ එඩ්වඩ් විල්සන් හා සම්බන්ධයය. ඒ මගින් කියැවෙන්නේ, මිනිසුන්ට ස්වාභාවික ලෝකය හා ඇදුනු ජීව විද්‍යත්මක සහ මනෝ විද්‍යාත්මක පරිණාමීය අවශ්‍යතා ඇති බවයි. අතොරක් නැතුව සිදු කෙරෙන පාරිසරික විනාශය මිනිසාගේ මනෝවිද්‍යාත්මක හා ආධ්‍යාත්මික ජීවන ගුණය කෙරෙහි  කැපීපෙනෙන බලපෑමක් ඇති කරන බව නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි.

Tree 3

ඇමරිකාවේ ජනතාවගෙන් සියයට 80ක්ම ජීවත් වන්නේ නාගරික ප්‍රදේශවලය. සුපෝෂිත ශාරීරික සහ මානසික සෞඛ්‍යය සඳහා නාගරික ප‍්‍රදේශවල රුක් රෝපනය කිරීමේ මෙන්ම එවැනි රුක් ආවරණයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙම අධ්‍යයනයෙන්  අවධාරනය කෙරේ.

 

 

EarthTalk.org යන වෙබ් අඩවියේ  How is that being around trees & other plants can help us feel good? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: