සැමට විදු නැන නුවණ – Science Literacy for All

සඳ සමහර වෙලාවට එක එක පාටින් පේන්නේ ඇයි?

අදත් පුර පසළොසවක් දිනයක්. පසළොසවක දින අහසේ පුර සඳ දකින විට ලොකු කුඩා කාටත් පාහේ දැෙනන්ෙන් මහත් සතුටක්. අද කුඩාවුන් වුණත් හඳ මාමා ගෙන්  කිරි පැණි නොඉල්ලුවත් සුදු පාටින් අහසේ බබලන පුර සඳ බලන්න නම් අකමැති වන්නෙ කවුද? ඒත් හැම තිස්සේම හැම තැනදීමත් සඳ සුදුපාටම නැහැ. සඳ තැඹිලි පාටින් වගේම වෙනත් පාට වලින් පායා තිෙබනවා බාගදා ඔබත් දැක ඇති. ඉතින් ඇයි එහෙම වෙන්නේ? සඳ සැරින් සැරේ පාට වෙනස් කරනවාද? ඇත්තටම අපි සඳ එළිය කියලා දකින්නේ සූර්යයාගේ ආළෝකයේ පිළිඹ්බුවයි.    ඒ හන්දා වසර පුරාවටම පාට එකයි. පාට සැරින් සැරේ වෙනස් වෙනවා වගේ අපට දැනෙන්නේ අප බලන කෝණය සහ පෘථිවියේ වායුගෝලයේ සංයුතියේ හේතුවෙන්.

total-lunar-eclipse

දීප්තිමත් තැඹිලි වර්ණෙයන් සද බබලනවා සමහරවිට ඔබ දැක අැති. එම පාටින් දකින්ෙන් සඳ නැගඑද්දි හෝ බැස යද්දී, පහළ සිතිජය ආසන්නයේ සඳ තිබෙන විටයි. මැතිවරණයක් ආසන්නයේ ඇතැම් දෙශපාලඥයන් පක්ෂ, පාට මාරුකරනවා වාගේ හඳත් මෙින් සැරේ පාට වෙනස්කරනවා වත්ද? නැත,නැත.

ඔය තැඹිලි පාට වෙන්න හේතුව පෘථිවියේ වායුගෝලය මගින් ආලෝකය ප‍්‍රකිරණය කිරීමයි. ඒ කියන්නේ ආළොක කිරණ විසිරීමයි. චන්ද‍්‍රයා සිතිජය ආසන්නයේ තිබෙන විට චන්ද‍්‍රාලෝකයට චන්ද‍්‍රයා මුදුන්ව තිබෙනවාට වඩා වායුගොලයේ වැඩි ප‍්‍රමාණයක් හරහා ඒමට සිදුවෙනවා. ඉතින් ඒ අන්දමට චන්ද‍්‍රාලෝකය අපේ නෙත් දක්වා එනවිට පියවි ඇසට පෙනෙන කොළ, නිල්, දම් යන ආළෝකයේ කොටස් වායුගෝලයේ වායු අණු මගින් විසුරුවා දමා අවසන්. අපට එවිට දකින්නට ලැබෙන්නේ කහ, තැඹිලි හෝ රතු පමණයි.

download (2)

සිතිජය ආසන්නයේ දී එහෙම වෙනවා කිව්වාට හඳ මුදුන් වෙලා තිබෙන ඇතැම් අවස්ථාවල දීත් තැඹිලි පාටින් බබළනවා ඔබත් දැක ඇති. එහෙම වෙන්නෙ ඇයි? වායුගෝලයේ දූවිලි, දුම හෝ දූෂක අධිකව තිබෙන විට එහෙම පෙනෙන්න පුළුවන්. මෙම අංශුවල ප‍්‍රමාණය අනුව ඔබ දකින වර්ණය තීරණය වෙනවා. ඉතින් සමහර අවස්ථවල හඳ රතු, තැඹිලි හෝ නිල් පාටින් පේනවා.

වසරේ ඇතැම් කාලවලත් හඳෙහි පාට වෙනස් වෙන බව නිරීක්ෂණයවෙනවා. නිදසුනක් ගෙන දැක්වුවහොත්, සරත් විෂූවයට සමීප පසළොස්වක හඳ විශාලයටත් තැඹිලි පාටටත් පේනවා. මේකට හේතු දෙකක් බලපානවා. ආකාශය හරහා සඳ ගමන් කරන මාර්ගය සහ පෘථවියේ දේශගුණික තත්ත්වයයි. වසරේ  සමහර කාලවල සඳ නැගෙන්නේ, බැසයන්නේ වෙනස් කෝණවලින්. ඒ අනුව සමහර අවස්ථාවල සඳ මුදුන් වී ගමන් කරන්නේම නැහැ.  එමෙන්ම ඇතැම් කාලවල පෘථිවි වායුගෝලයත් වෙනස්කම්වලට බඳුන්වෙනවා. සමහර මාසවල දූවිලි අංශු අනිත් කාලවලට වඩා වැඩියි. වැඩිපුර අංශු තිබෙනවා කියන්නේ ආළෝක කිරණ විසිරීම වැඩියි කියන එකයි. වායුගොලයේ දූෂණයෙන්ද මෙලෙස සඳේ පාට වෙනස් විය හැකියි.

 

WINDOWS TO THE UNIVERSE හි  Why does the Moon have an orange color in the Fall? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: