ස්පිට්සර් අභ්‍යාවකාශ ටෙලස්කෝපය

Posted by

 

ස්පිට්සර් (Spitzer) අභ්‍යවකාශ දුරේක්ෂය සැලසුම් කරන ලද්දේ පෘථිවියේ මතුපිට සිට නිරීක්ෂණය කළ නොහැකි විශ්වය අධෝරක්ත වර්ණාවලියෙහි විශාල කොටසකින් ගවේෂණය කිරීම පිණිසය. ආසන්න අධෝරක්ත සිට දුර අධෝරක්ත දක්වා තරංග ආයාම සඳහා ප්‍රශස්ත මට්ටමකට ගෙනෙන ලද උපකරණ සහිත ස්පිට්සර් දුරේක්ෂය අඳුරුවලාවන් ඇතුළත විවිධ උෂ්ණත්වයන් තුළ තාරකා හා ධුවිලි දෙකටම සංවේදීය. අධෝරක්ත පෙළ කැමරාව (IRAC) ආසන්න/මධ්‍ය අධෝරක්ත කැමරාවකි. අධෝරක්ත වර්ණාවලී රේඛය අධ්‍යයනය සඳහා යෝග්‍ය වර්ණාවලී රේඛයකි. ස්පිට්සර් සඳහා වූ බහු තරංග පථ අනුරූපණ දීප්තමානය (MIPS) කුඩා පෙළ දුර අධෝරක්ත කැමරාවකි.

මෙම උපකරණ මීටර 0.85 ක විෂ්කම්භයක් ඇති දර්පණයකින් පෝෂිතය. ඒවා ශක්තිමත්, බර අඩු බෙරිලියම්වලින් (beryllium) තනා ඇත. එය පහළ මට්ටමේ උෂ්ණත්වයකදී ක්‍රියාකිරීමට යෝග්‍ය පරිදි සැලසුම් කර ඇති අධෝරක්ත නිරීක්ෂණ සඳහා අඩු උෂ්ණත්වය වැදගත් වේ. දුරේක්ෂ හෝ උපකරණ පතුරුවන තාපය අවම කිරීමට ඒවා සමත් වේ. ද්‍රව හීලියම් ශීතක ලීටර් 360ක් පිරවූ ක්‍රයෝ ස්ටැට් (cryostat) උපකරණයක් සැලසුම්කර ඇත්තේ කෙල්වින් 5ක් පමණ දක්වා අඩු මට්ටමක් තෙක් දුරේක්ෂය හා උපකරණ සිසිල් කිරීමටය.

Spitzer orbit

ස්විට්සර් අභ්‍යාවකාශ දුරේක්ෂය පෘථිවිය පසුපස ඇදෙන සූර්ය කේන්ද්‍රීය කක්ෂයට යවන ලද්දේ 2003 වර්ෂයේදී ය. මෙම කක්ෂයේ දී ස්පිට්සෑම වසරකම නක්ෂත්‍ර ඒකක 0.1 ක් පමණ පෘථිවියෙන් ඈත් වෙයි. පෘථිවි ආසන්න කක්ෂයේදී කෙල්වින් 250ක පෘථිවි තාපය මග හැර ගැනීමට එමගින් හැකිවේ. ශීතකය 2009‍ තෙක් වසර 6ක්ම වාගේ රැක ගෙන තබාගැනීමට මෙය ආධාර විය. එතෙක් පටන් කොට එය නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ IRAC කැමරාවේ 3.6 සහ 4.5 මක්ක්‍රෝන පථවල පමණකි. හංස නිතාරිකාවේ ප්‍රදේශය පිළිබඳ ස්පිටිසර් නිරීක්ෂණ ලබාගන්නා ලද්දේ මන්දාකිණි තලයේ විශාල පරිමාණ IRAC සහ MIPS සමීක්ෂණ දෙකක කොටසක් ලෙසය. ඒ, ශීතකය අහවර වීමට පෙරය.

ඒවායේ සාපේක්ෂව ඉහළ උෂ්ණත්වය හේතුවෙන් තාරකා සාමාන්‍යයෙන් නිල් පැහැයෙන් පෙනේ. පුළුල්ව පැතිරුණ කොළ පැහැ දිලියුම මයික්‍රෝන 8.0ක නිහාරිකා විමෝචනය හේතුවෙනි. විශාල අණුවල පාරජම්බුල සැකැබුමෙන් මෙය මතු වෙයි. විසාරි රතු පැල්ම උණුසුම් දූවිලි හේතුවෙනි. ඉතාමත් දීප්තිමත් අධෝරක්ත කලාපය අනුරූපවන්නේ ප්‍රකාශ හංස නිහාරිකාවටයි. ඒවායින් ප්‍රදීපනය කෙරෙන වායු සහ දූවිලිවල රූපාකරය සමග අධෝරක්ත වර්ණ තොරතුරු එක්කාසු කිරීමෙන් හංස නිහාරිකා කලාපයේ තාරකා බිහිවීමේ පරිණාමය පිරික්සිය හැකියි. මේ නිහාරිකා කලාපය සංඝටක තුනකට බෙදා දැක්විය හැකිය. එනම් තරු – මවන අඳුරුවලාවන් වල, තරු මවන නිහාරිකාවේ සිට ශේෂ වූ බුබුළු දක්වා වූ  සංඝටක තුනය.

පළමු කලාපයේ කළු පැල්ලම් ඇතිවන්නේ ඝන, සීතල දූවිලි වලාවන් නිසාය. මෙලෙස ඒවා අධෝරක්ත අනුරූපවල පවා දැක්වෙන්නේ අඳුරුවටය. මෙකී ‘මකර’ (‘dragon’) අධෝරක්ත අඳුරුවලාවන් ආළෝක වර්ෂ 150ක් දුරකට පැතිරෙයි.  මකරා හා සමග තරුණ තාරකා 488 සම්බන්ධ බව විස්තරාත්මක අධ්‍යයනයක් පෙන්නුම් කරයි. අධෝරක්ත වර්ණ මගින් පෙන්නුම් කරනු ලබන්නේ මින් සමහරක දූවිලි කබොල ඇති අතර තවත් සමහරක තැටි ඇති බවයි. මේවායින් දැක්වෙන්නේ තාරකා සෑදීමේ ක්‍රියාදාමයේ විවිධ අවස්ථා හෙවත් අදියරයි.

ඝන වලාවක් තුළ තැන තැන මුල පිරෙන ගුරුත්වාකර්ෂණ බිඳ වැටීම් සමග ක්‍රියාදාමය ඇරඹෙයි. වලාවේ වායු සහ දූවිලි හරහා හැකිළෙත්ම එය රත්වීමට පටන්ගෙන අධෝරක්තයෙන් දැනගැනීමට හැකිවෙයි. මූලතාරකාව (ළදරු තාරකාව) හැකිලෙත්ම එය වේගයෙන් භ්‍රමණයද වෙයි. එමගින් මූල තාරකාව වටා දූලි තැටියක් සෑදෙන්නේ වඩා උණුසුම් අධෝරක්ත සැලකුණක් සමගයි. වසර මිලියන ගණන් ගතවෙද්දී මෙකී දූලි තැටිය ග්‍රහ මණ්ඩලයක් බවට පත්විය හැකියි.

අධෝරක්ත වර්ණ මගින් තාරීය (stellar) ස්කන්ධ ඇස්තමේන්තුවටද මග සැලසේ. ‘මකර’ අදුරුවලාව තුළ අලුතෙන් බිහි වූ O පංතියේ තාරකා නොමැත. බාගවිට O පංතියේ තාරකා සෑදීම මුල් තාරකා පිපිරීමෙන්(starburst) පසුව සිදුවනවා විය හැකිය. ඒවා ආලෝකමත් කරන්නේත් හැඩයක් ගන්වන්නේත් දැවැන්ත තාරකා බොහොමයක විකිරණය සහ සුළං මගිනි. O පංතියේ තාරකා දිවි ඇරඹුණොත් සහ එසේ ඇරඹීමත් සමග මකරා හංස නිහාරිකාවක් බවට පත්විය හැකිය. ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන්නේ වටකෙරුණු, අති දැවැන්ත කාරකා 35 ක පොකුරක් මගිනි. එහි අති දැවැන්ත O පංතියේ තාරකා 9ක් ඇති අතර ඒවා සෑම එකකම 100,000 සිට 1,000,000 ගුණයක සෞර දීප්තතාවයකින් යුක්තයි. O පංතියේ තාරකාවල සුළං මගින් රයිෆල් උණුඩයක් ගමන් ගන්නා වේගය මෙන් 1,000 ගුණයක වේගයකින් අයනීකෘත වායු පිඹියි.

O තාරකා සුළං හා විකිරණය මගින් හංස නිහාරිකාව නැරඹීම සඳහා ප්‍රකාශ කවුළුවක් විවෘත කර දී ඇත. නිහාිකාව ඇතුළත වායු හා දූවිලි ප‍්‍රාකාරයෙහි හැඩ ගැස්මද ඒවායින් පෙන්නුම් කෙරේ. ප්‍රකාශ අනුරූපයකින් මෙම ප‍්‍රාකාරය හබල් මගින් වඩාත් විස්තරාත්මකව දැක්වේ.O තාරකා වාෂ්පීකරණයෙන් වසර මිලියන   ගණනක් යද්දී වායු හා ධූලි කුහර සෑදේ. එවැනි කුහරයක් හංස නිහාරිකාවෙහි වම්පැත්තට වෙන්ට ස්ප්ටිසර් soap-captureමගින් අනාවරණය වෙයි. මෙය වසර මිලියන  2 සිට 5 දක්වා පැරණිය. එය ධනු රාශියෙහි බාහුව පසුකරන්ම හංසයා මෙන් පෙනෙන්ට ඇත. එහි O පංතියේ තාරකා දැන් අහිමිය. නිහාරිකාවද දැන් දුබලය. ඉතිරි තාරකාවලින් කුහරයන් ඇතුළත  අළෝකමත් වේ. මෙම ස්ථානයේ දැවැන්ත තාරකා බිහිවීමේ වකවානු‍වක් අවසන් වී ඇත. එහෙත් සාමාන්‍ය ප්‍රමාණයේ තාරකා බිහිවීම කුහරයේ පැතිරීමෙන් මුල පිරේ. ක්ෂීර පථයේ ධූලිවලාවන් ඇතුළත ප්‍රකාශ දර්ශනයෙන් සැඟැවුණු බුබුළු බොහොමයක් ස්පිටියර් මගින් අනාවරණය කර ඇත.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.