මුළු රැයම ඇඳේ ගතකළත් උදේට වෙහෙසකර ගතියක් දැනේද?

Posted by

රාත‍්‍රියේ නින්දට යාමෙන් අප කවුරුත් පාහේ බලාපොරොත්වන්නේ දවසේ වෙහෙස සංසිඳී පසු දින අළුයම හෝ උදේ උදේ්‍යාගීමත්ව, නැවුම් ගතියකින් යුතුව ප‍්‍රබෝධයෙන් අළුත් දවසට මුහුුණ දීමටයි. අළුත් දවස අරඹන්ටයි. එහෙත් ඒ බලාපොරොත්තුව සැමටමත්, සැමවිටමත් එලෙසම ඉටුවෙන්නේ නැහැ. රාතී‍්‍රය පුරාවට නිදියාගෙනත් උදේ නැගිටිද්දී ඔබට මහන්සියක්, කෙඩෙත්තු ගතියක් දැනෙනවාද? බයවෙන්න එපා. ඔබ පමණක් නොවෙයි  එලෙස අළුයම අවදිවන විට වෙහෙසත් දැනෙන තව බොහෝ අය ඉන්නවා. ඔබට වගේම එම පිරිසටත් මෙහෙමවෙන්නේ ඇයි? අපි සොයා බලමු.

what-are-reasons-you-wake-up-tired-83916259-dec-13-2012-1-600x400

නිදි වර්ජිතව එහෙම නැතිනම් නොනිදා පහන් කළවිට සිරුරට අධිකතර වෙහෙසක් දැනෙන බව අප කවුරුත් පාහේ අත්දැකිමෙන් දන්නා දෙයක්. නින්දට ගොස් මුළු රැයක්ම ගතකර උදේ ඇඳෙන් නැගිටින විටත් දැඩි වෙහෙසකර ගතියක් දැනෙන්න හේතුවත් ඒකමයි. හේතුව තමයි: ගුණාත්මක බවින් යුත් නින්දක් නොලැබම(quality sleep). ඔබ රැයම පහන් කළේ නිදි යහනේ විය හැකියි. එහෙත් වෙහෙසකර ගතියක් දැනෙන්න හේතුව ඔබට ‘සැප‘ නින්දක් නොයන්න ඇති. දැන් සිතට එන ප‍්‍රශ්නය තමයි ඇයි එහෙම වෙන්නේ කියන එක. ඒකට හේතු කිහිපයක් තිබිය හැකියි.

අපි මුලින්ම සලකා බලමු ඔබට ලැබෙන නින්දේ ගුණාත්මක බව කියන්නේ කුමකටද කියා. අප බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් පැය 8ක නින්දක් ප‍්‍රමාණවත් බවයි පිළිගැනිම. එහෙත් ඇතැමුන්ට, විශේෂයෙන්ම ළමුන්ට රැයකට පැය අටකට වැඩි නින්දක් අවශ්‍යයි.

සමහරු පැය හත අට නිදි යහනේ ගත කළත් ඔවුන් ලබන නින්දෙහි ගුණාත්මක බව අඩුවෙන්න පුළුවනි. ඇතැම් අයට නිදි ඇප්නියාව(sleep apnea) හෙවත් ෙෙනරානය  වෛද්‍ය විද්‍යාත්මක ව්‍යාධි තත්ත්වයක් තියෙනවා. ඇප්නියාව නින්දේදී අප හුස්ම ගන්නා ආකාරය කෙරෙහි බලපෑමක් ඇතිකරනවා. මේ නිසා ඔවුන්ගේ නින්දට බාධා සිදුවෙනවා. එ නිසා තමයි යහනෙහි රැයම ගත කළත් අළුයම වෙහෙසකර ගතියක් දැනෙන්නේ.

11752502-one-young-woman-in-bed-awakening-tired-insomnia-hangover-in-a-white-sheet-bed-on-white-background-Stock-Photoඇප්නියාවට අමතරව නින්දෙහි ගුණාත්මක බව කෙරෙහි බලපාන තවත් සාධක තිබෙනවා. ඒ අතර තුර පරිසර සාධක ද අයත්. නිදන කාමරය වේවා තමන් නිදන වෙන තැනක් වේවා දීප්තිමත් හෝ උණුසුම් වැඩිවෙන්න පුළුවනි. එවිටත් නින්දට බාධා ඇතිවෙනවා. එලෙසම. තේ, කෝපි ආදියෙහි ඇති උත්තේජක ඇල්කලොයිඩයක් වන කැෆේන් පානය, රූ බෝවී වෙලාව ගත වීමෙන් පසුව වැඩියෙන් ආහාර ගැනීමත් නින්ද ළගාවීමට මෙන්ම නින්දේ දිගටම පසුවීමටත් බාධා වෙනවා. ශාරීරික ව්‍යායාමවල යෙදෙන්නේ නම් වෙලාසනින් එසේ කිරීමයි සුදුසු. මන්ද, රාත‍්‍රියේ පසුවී ව්‍යායාමවල යෙදුනහම ශරීර ක‍්‍රියාකාරීකම වැඩිවී නින්දට වැටීම හෙවත් නින්දට පිවිසීම දුෂ්කර විය හැකියි.

නිදා ගැනීමේ ගැටළුවලව මුල ශාරීරික සාධක නොවේ නම් මානසික හේතු සාධකත් වෙන්න පුළුවනි. විශේෂඥයන් පවසන අන්දමට මානසික ආතතිය හෙවත් ක්ලමථය, කාංසාව, විෂාදය සහ විඩාව එම සාධක අතර දක්වන්නට හැකියි.

ඉතින් මෙලෙස නින්දට බලපාන ශාරීරික සහ මානසික බාධා මග හරවා ගන්නේ නම් සැප නින්දකට මග පෑදී උදේට වෙහෙසකර ගතියකින් තොරව ප‍්‍රබෝධමත්ව අවදිවන්න පුළුවනි.

අවදිවන්න, අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ….

WONERPOLIS හි Do You Ever Wake Up Feeling Tired?  ලිපිය ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.