ප්ලෙයාඩේස් තරු පොකුරෙහි ඒපිට්සර් අනුරූපය මගින් රාත්‍රී අහසේ සුන්දරතම දසුනක් පිළිබඳ වෙනස් පර්යාලෝකයක් සැපයේ. ප්‍රකාශ තරංග ආයාමවලදී, වලා ඇඳිරිය(nebulosity) මධ්‍යයේ මෙම තරු පොකුරෙහි දීප්තිමත් නිල් තාරකා කැපී පෙනෙයි. වර්ණ-වර්ධිත අධෝරක්තයේදී මෙකී තරුදූවිලි පටලයට මුල් තැනක් හිමිවෙයි. මේ අහඹු හමුව දීප්තිමත් නිල් තරුව සමග ආළෝකමත් වූ තරු දූවිලි වලාකුළක් දිස්නය දෙන අධෝරක්ත වේලයක් බවට හරවා ඇත. පෙනී යන පරිදි වඩාත්ම දැවැන්ත තාරකා ඊටත් වඩා ප්‍රබල බලපෑමක් ඒවායේ වටපිටාව වෙත යොමු කරයි.
ප්ලෙයාඩේස් (The Pleiades) සපත්තර්ෂී : හත්දින්න
හදුනාගත හැකි රටා සොයමින් අප රාත්‍රී අහස සිසාරා බලද්දී, අපේ ඇස් ස්වාභාවිකවම යොමුවන්නේ දීප්තිමත්ව තාරකා වෙතය. පුරාතන කාලයේ සිටම විවිධ වූ සංස්කෘතීන් විසින් එවැනි රටාවන් හා ගැළපෙන ආකාරයකට අහස සිතියම් ගත කොට ගවේෂණය කර ඇත. එම සම්ප්‍රදායන් මත පදනම්වෙමින්, නූතන තාරකා විද්‍යාඥයන්ද ගෝලීය ආකාශ සිතියමක් පිහිටුවා ඇත්තේ එවැනි තාරීය රාශී හෙවත් තාරකා මණ්ඩල 88ක් ආවරණය වන පරිදියි.
තාරකා මණ්ඩලයක් මෙන් නොව තරු පොකුරක් යනු භෞතික වශයෙන් එකිනෙක හා සම්බන්ධ තාරකා සමූහයක් හෙවත් කණ්ඩායමක්ය. වඩාත්ම දීප්තිමත් එමෙන්ම වඩාත්ම ප්‍රකට තරු පොකුර ප්ලෙයාඩේස්ය. (හත්දින්නතරු ලෙස ද එය වඩාත් ප‍්‍රකටය.) එය පියවි ඇසට පහසුවෙන් හඳුනාගත හැක්කේ අඩු තරමින් තාරකා 6කින් සමන්විත ළංව පිහිටි කණ්ඩායමක් හැටියටයි. එය පිහිටියේ (ගොනාගේ ඇස යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන ටෝරස් (Taurus=වෘෂභ) රාශීයේ දීප්තිමත්ම තරුව වන) ඇල්ඩිබැරන් තාරකාවේ සිට පූර්ණ චන්ද්‍රයන් 20ක පමණ පළලක් ඇති දුරකින්ය. ප්ලෙයාඩේස් තරු පොකුරේ දීප්තිමත්ම තාරකා නම් කර ඇත්තේ ග්‍රීක ජන පුරාණයේ සොයුරියන් හත්දෙනා (the Seven Sisters) සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ නම්වලිනි. මෙකී තරුපොකුර අනාදිමත් කාලයක සිට වෙනත් බොහෝ නම්වලින් හඳුන්වනු ලැබීය. ජපානයේදී සුබාරු යන නමද ඒ අතරවේ.
මහ පොළාව මත ප්‍රකාශ දුරේක්ෂයකින් විස්තරාත්මකව නරඹන විට ප්ලෙයාඩේස් තරු පොකුරු සමන්විතවන තරු දහස් ගණනින් තවත් බොහොමයක් තාරකා පෙනෙන්නට පටන් ගනී. මීටත් වඩා කැපී පෙනෙන සිද්ධියක් වන්නේ දීප්තිමත්ම තාරකා හා සම්බන්ධ නිල්වන් වලා ඇඳිරියයි. ස්පීට්සර් අභ්‍යවකාශ ටෙලස්කෝපයෙන් අධෝරක්ත තරංග ආයාමවලදී නිරීක්ෂණය කළ විට මෙම වලා ඇඳිරිය ප්ලෙයාඩේස් කලාපයේ පැතිරෙන ස්වාභාවයක් පෙන්නුම් කරයි. ඇත්තටම, පෙනී යන පරිදි සොයුරියන් හත්දෙනාගේ තරු පොකුර, පොකුරෙහි තාපනය වු (රත්වූ) තරු දූවිලි තැටිවන් වේලයකින්(වැස්මකින්) ආවරණය වී ඇත. හංස නිහාරිකාවෙහි මෙන්(ඔක්තෝබර් 21 තතු බලන්න), ඒවායේ වායු සහ දූවිලි අන්තස්තාරිය ජනනය කරන වලාවන් අතරින් ප්ලෙයාඩේස් තාරකා මතුවන අවස්ථාවන්ද අප මේ නිරීක්ෂණ කරන්නේ? එසේ නොමැති නම් මෙය තරු පොකුරක් සහ එහි මගෙහි අන්තස්තාරීය වලාවක අහඹු හමුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ පියකරු අනුරූපයක්ද?
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්