මානව චර්යාවෙහි හා ඥානනයේ බොහෝ අංග මෙන් ම බුද්ධිය ද සංකීර්ණ ගති ලක්ෂණයකි. මෙම ගති ලක්ෂණය කෙරෙහි ජාන මෙන් ම පාරිසරික සාධක යන දෙකම බලපායි. බුද්ධිය ගැන අධ්‍යයනය කිරීම අභියෝගාත්මක කාර්යයකි. ඊට බලපාන හේතුවේ කොටසක් ලෙස බුද්ධිය විවිධාකාරයෙන් අර්ථ විවරණය කිරීමටත්, මැනීමටත් හැකිවීම සැලකිය හැකියි. අත්දැකීම් වලින් උගෙන ගැනීමට ඇති හැකියාව සහ වෙනස්වන පරිසරයන්ට අනුගතවීම බුද්ධිය ගැන කෙරෙන අර්ථ විවරණ බොහොමයක ඇතුළත් කර ඇති කරණා අතරවේ. විචාරයට, සැලසුම් කිරීමට, ගැටළු විසඳීමට, විචාර ශක්තියට සහ සංකීර්ණ අදහස් තේරුම් ගැනීම බුද්ධියෙහි මූලිකාංග වලට ඇතුළත් වේ. මේ පිළිබඳ අධ්‍යයන බොහොමයක විශ්වාසය තැබෙන්නේ බුද්ධි ඵලය (intelligence quotient= IQ) ලෙස දැක්වෙන බුද්ධිය මැනීමේ මිම්ම මතය.
බුද්ධිය කෙරෙහි බලපාන ජාන සෙවීම පිණිස පර්යේෂකයන් නොයෙකුත් අධ්‍යයන සිදු කර ඇත. මෙවැනි අධ්‍යයන බොහොමයක දී විශේෂයෙන් ම (දරුකමට) හදා වඩා ගන්නා දරුවන් සහ නිවුනන් ගැන විමසිලිමත්වෙමින් පවුල් ඇතුළත බුද්ධි ඵලයෙහි සමානකම් මෙන් ම අසමානකම් කෙරෙහි අවධානය යොමු කර තිබේ. පුද්ගලයන් අතර බුද්ධියෙහි වෙනස්කම් වලින් සියයට 50 කට ම පාදක වී ඇත්තේ ජානමය සාධක බව මෙකී අධ්‍යයන මගින් හැඟවේ. අනෙකුත් අධ්‍යයන මගින් පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ සමස්ත ජෙනෝම පුරාවට ඇති විචල්‍යතා පරීක්ෂා කෙරිණ. එම අධ්‍යයනවල අභිප්රායවන්නේ ජෙනෝමයේ විශේෂිත ප්‍රදේශ කිසිවක් බුද්ධි ඵලය හා සම්බන්ධතාවන් දක්වන්නේ ද යන්න නිර්ණය කිරීමය. (මෙම ප්‍රවේශය හඳුන්වනු ලබන්නේ ජෙනෝම-පුරා සංඝටන අධ්‍යයන යනුවෙනි).බුද්ධියෙහි වෙනස්කම්වලට පාදක වන ජාන කිසිවක් ඒකාන්තව හඳුනා ගැනීමට මෙම අධ්‍යයන අපොහොසත් වී ඇත. පුද්ගලයෙකුගේ බුද්ධියට සුළු වශයෙන් පමණක් දායකවන එක් එක් තනි ජාන විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වන්නට ඉඩ තිබෙනවා විය හැකිය.
බුද්ධියට, පරිසරයෙන් ද ඉතා ප්‍රබල බලපෑමක් ඇතිවේ. ළමයෙකුගේ නිවසේ පරිසරය හා දෙමාපියන් දරුවා ඇති දැඩිකරන ආකාරය, අධ්‍යාපනය සහ ඉගෙනීම සඳහා සම්පත් පැවතීම මෙන් ම පෝෂණය ද මීට සම්බන්ධ සාධක අතර වේ. මේ සියල්ල බුද්ධිය වෙත දායක වේ. පුද්ගලයෙකුගේ පරිසරය මෙන් ම ජාන ද එකිනෙක කෙරෙහි බලපෑම් ඇති කරන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එමෙන් ම, පරිසරයේ බලපෑම ජානවල බලපෑමෙන් වෙන්කොට හඳුනා ගැනීම අභියෝගාත්මක කාර්යයක් බව ඔවුන්ගේ අදහසයි. නිදසුනක් ගෙන බැලූවොත්, ළමයෙකුගේ බුද්ධිඵලය (IQ) එම ළමයාගේ දෙමාපියන්ගේ බුද්ධි ඵලයට සමාන නම්, එම සමානතාවට හේතුව දෙමාපියන්ගෙන් දරුවාට උරුම කෙරුණු ජානමය සාධකද? හවුලේ පරිහරණය කරන පරිසරයද? එසේත් නැතිනම් මේ දෙකෙහිම සම්මිශ්රනයක්ද? කෙසේවෙතත් බුද්ධිය නිර්ණය කිරීමේ දී පාරිසරික මෙන්ම ජානමය සාධක වැදගත් කාර්ය භාරයක් ඉටුකරන බව පර්යේෂකයන්ගේ අදහසයි.
Genetics Home Reference හි Is intelligence determined by genetics? ලිපිය ඇසුරෙනි