සැමට විදු නැන නුවණ – Science Literacy for All

ශාරීරික ව්‍යායාම වෙනුවට ගත හැකි පෙත්තක්?

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගෙවීම සඳහා ශාරීරික ව්‍යායාමයෙහි වැදගත්කම මින් පෙර කිසිදාකට වඩා වර්තමානයේ ඉස්මත්තට පැමිණ ඇත. අද ජනතාව අතරින් සෑම ස්තරයකම පිරිස් මේ බව වටහාගෙන සිටිති. මහළු සහ මැදිවයස් පිරිස් පමණක් නොව තරුණ කොට්ඨාශයද බහුලව ඊට යොමු වෙති. ව්‍යායාම කිරීම පිණිස  වෙනමම පිහිටවූ ස්ථාන සෑම තැනකම පාහේ දක්නට ඇත. යෝග්‍යතා මධ්‍යස්ථාන (fitness centers) හා ශාරීරික ව්‍යායාම යන්ත්‍ර හා මෙවලම් බහුලය. ස්ථුලබව අඩුකරගැනීමට මෙන්ම දිය වැඩියාව, ක්ලොරොස්ටෝල් බහුලතාව අඩු කර ගැනීම පිණිස ශාරීරික ව්‍යායාමයෙහි ඇති වැදගත්කම වෛද්‍යවරුන් පමණක් නොව මාධ්‍ය මගින්ද නිතර හුවා දැක්වූවත් මේ කාර්යයට යොමු වීම කම්මැළි බවක් දක්වන්නන්ද අඩුවක් නැත. සමහරුන්ට ඒ සඳහා  අවශ්‍ය වේලාව සොයා ගත නො හැකිය. තවත් සමහරු ව්‍යායාම් කිරීම සඳහා කායිකව සහ හෝ මානසිකව සුදුසු නැත. දැනට ව්‍යායාමවල යෙදෙන ඇතැම් අය පවා එසේ කරන්නේ ‘කළ යුතු වෙන දෙයක් නොමැති’ කම නිසා ය. මේ අයට සුබ ආරංචියක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවේ.

Cell Metabolism මේ ඔක්තෝබර් මස  සඟරාවෙහි පළ කෙරෙනු ලිපියක් අනුව, ව්‍යායාමය වෙනුවට යොදා ගත හැකි පෙත්තක් නිපදවීම විද්‍යාඥයෝ ක්‍රියා කරමින් සිටිති. ව්‍යායාම මගින් ශරීරය තුළ ඇති කරනු ලබන අණුක විපර්යාසයන් අනුකරණය කරන  ඖෂධයක් නිපදවීම මේ පිටුපස ඇති අදහසයි. එම සඟරාවට ලිපියක් සපයන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ විද්‍යාඥයන් කියා සිටින්නේ ශාරීරික ව්‍යායාමයේදී සිරුර තුළ ඇතිවන ක්‍රියාවලිය අනුකරණය සම්බන්ධයෙන් පැහැදිලි ඉදිරි පිම්මක් ලෙසය.

මේ පර්යේෂණයේදී, ‘පුහුණුවක් නොලත්’ එහෙත් සෞඛ්‍ය සම්පන්න පිරිමි හතරදෙනෙකුට විනාඩි 10 ක් තිස්සේ අධි තීව‍්‍රතාවකින් යුත් ව්‍යායාමවල යෙදීමට සලස්වන ලදී. අනතුරුව ඔවුන් ස්කන්ධ වර්ණාවලී මානන (mass spectrometry) නම් ශිල්පක්‍රමය යොදා පරීක්ෂාවට ලක්කෙරුණේ ඔවුන්ගේ සිරුර පුරාවට සෛලවල ප්‍රෝටීන් ක්‍රියාකාරීත්වයට ව්‍යායාම බලපාන ආකාර විශ්ලේෂණය කිරීමටයි.  ඔවුන්ට පෙනී ගියේ සුළුවේලාවක් තුළ සිදුකෙරෙන ශාරීරික වෙහෙසවීමකදී පවා බොහෝ දේවල් විශේෂයෙන් කියතොත් මාංශපේශීන්වල එකිනෙකට වෙනස් අණුක වෙනස්කම් (විපර්යාස) 1000ක් පමණ සිදුවන බවයි. ඉන් ව්‍යායාමයේ යෙදීමේ පරිපූර්ණ නිශ්චිත සැලැස්මක් ලබාගැනීමට සැබෑවටම ප්‍රථම වතාවට පර්යේෂකයන්ට හැකි විය. මෙලෙස සියලු සෛලමය ක්‍රියාකාරිත්වයෙන් අනුකරණය කරමින් ඖෂධයක් නිපදවීම ප්‍රධාන ෙපළේ කර්තව්‍යයක් බව පැහැදිලි විය. මෙම අධ්‍යයනයේදී සොයා ගැනුණු පරිදි ව්‍යායාම හේතුවෙන් මානවයන්ගේ මාංශපේශී අතරේ අතිශය සංකීර්ණ ප්‍රතිචාර සමූහයක් ඇති වන බව මෙකී වාර්තාවෙහි සඳහන් වෙයි. මෙසේ සොයාගනු ලැබූ අණුක ප්‍රතිචාර බොහොමයක් මින් පෙර ව්‍යායාම් සමග සම්බන්ධ නොකෙරු‍ණි.

innovations_exercise_pill

මේ මාසයේම මුල ‍Trends in Pharmacological Sciences නම් සඟරාවෙහි පළ කෙරුණු ලිපියක් මගින් ව්‍යායාම ඖෂධ පර්යේෂණයෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සඳහන් කර තිබුණි. එම පර්යේෂණවලින් වැඩියක් අවධානය යොමු වී ඇත්තේ එක්තරා සුවිශේෂී ප්‍රෝටීනයක ක්‍රියාකාරිත්වය පිළිබඳවය. එමගින්, ශරිරයෙහි ශක්ති තුලන‍ය පවත්වාගෙන යාමේදී වැදගත් කාර්ය භාරයක් ඉටු කෙරෙනවා පමණක් නොව ව්‍යායාම  මාංශපේශී සෛලවල ඇතිකරවන්නා වූ වෙනසට සමාන මාංශපේශීවල වෙනස්කම් ඇති විය හැකි බව ලිපියෙන් පෙන්වා දෙයි. මහා බ්‍රිතාන්‍යයේ සදම්ප්ටන් සරසවියේ විද්‍යාඥයන්  පිරිසක් විසින් නිපදවන ලද අණුවක් ගැන එහි නිදසුනක් ලෙස දැක්වේ. එය නම්කර ඇත්තේ 14 සංයෝගය(compound 14) ලෙසය. එය එක්තරා රසායනික ප්‍රතිචාරයක් මුදා හරියි. ඉන් අවසානයේ සිදුවන්නේ  බලශක්තිය හීන වී ඇති බවට දැනෙන සේ සෛල මුලාවට පත් කිරීමයි. ඉන් සිදුවන්නේ තම පරිවෘත්තීය වර්ධනය කිරීමට හා ඒවා ලබාගන්නා ග්ලුකෝස් ප්‍රමාණය ඉහළ දැමීමට සෛල පෙළඹවීමයි. පර්යේෂකයන් 14 සංයෝගය මීයන් කණ්ඩායම් දෙකක් වෙත ලබා දුන් අතර ඉන් එක කණ්ඩායමකට සාමාන්‍ය ආහාර සපයා අනෙක් කණ්ඩායමට මේද අධික ආහාර ලබා දුනි. එම කණ්ඩයමට අයත් මීයන් ස්ථුල බව පෙන්නුම් කළ අතර ග්ලූතෝස් ඔරොත්තු නොදෙන බවත් පෙන්නුම් කළහ. සාමාන්‍ය ආහාර වේලක් ලබාදුන් 14 සංයෝගයෙන් ප්‍රතිකාර කළ මීයන්ගේ රුධිර ග්ලුකෝස් මට්ටම සාමාන්‍ය මට්ටමට වාගේ පහළ වැටිණ. අනතුරුව මේදය අධික ආහාර සැපයූ මීයන්ට සැම දිනකම එක බැගින් දින හතක්  තිස්සේ 14  සංයෝගය දෙන ලදි. ඔවුන් තුළ ග්ලුකෝස් ඔරොත්තුදීම වර්ධනය වූ අතර ඔවුන්ගේ ශරීර බර දළ වශයෙන් 5%කින් අඩු විය.

මිනිසුන්ගේ සිරුර තුළත් 14 සංයෝගය ඒ ආකාරව ක්‍රියා කරන්නේ නම් ස්ථුලතාව හා II වර්ගයේ මධුමේහයට ප්‍රතිකාර පිණිස යොදා ගැනීමට හැකිවෙනු ඇත. එමෙන්ම, ව්‍යායාමයෙහි යෙදීමට ශාරිරිකව යෝග්‍ය නොමැති අවයව කැපු අය, පිට කොන්දෙහි ආබාධ ඇතිවුවත්, අංශභාග රෝගීන් වැන්නවුන්ට මෙම ව්‍යායාම පෙත්තෙන් සෙත සැලසෙනු ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරති. එහෙත්, අප බොහෝ දෙනෙකුට නම් සැබෑ ව්‍යායාමයන්හි යෙදීමෙන් අත්වන වාසි සියල්ල කිසියම් පෙත්තකින් ලබා ගැනීමට හැකිවෙතැයි නුදුරු අනාගතයේදී නම් සිතිය නොහැකිය.

SMITHSONIAN.COM යන වෙබ් අඩවියේ   Scientists Are Working on a Pill That Just Might Replace Exercise ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: