පියවි ඇසින් පහසුවෙන් දැක ගැනීමට හැකි තරමට ප්ලෙයාඩේස් දීප්තිමත් බව පසුගිය සතියේ (නොවැම්බර 4දා) පළ වූ ලිපියෙහි අපි සඳහන් කළෙමු. මේ අනුව, අහසේ අනෙක් තාරකා හා සංසන්දනය කරද්දී, ප්ලෙයාඩේස් තරු පොකුර සාපේක්ෂව වඩාත් ළඟින් පිහිටා ඇතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. කෙසේ වෙතත් තාරකාවක පෙනෙන්නට ඇති දීප්තිමත් බව එම තාරකාවේ දුර සහ එහි නිසර්ග දීප්තිමත් බව යන දෙකෙහි ශ්‍රීතයකි. අප මේ සාධක තෝරා බේරා ගන්නේ කෙසේ ද?
වාසනාවකට මෙන් අසළ ඇති තාරකාවලට ඇති දුර තීරණය කිරීමෙහිලා බෙහෙවින් ඍජු ක්‍රමයක් පවතී. ඊට අදාළ වන්නේ තාරීය අසම්පාතය යි(stellar parallax): එ නම් දෘෂ්ටි කෝණ දෙකකදී තාරකාවක පිහිටීමෙහි වෙනස්වීම මැනීමයි. පෘථිවිය සූර්යයාට විරුද්ධ පැතිවල තිබියදී ජනවාරියේ සහ ජූලියේ අප තාරකාවන් නිරීක්ෂණය කරන්නේ යයි සිතමු. අසළ ඇති තාරකාවක පිහිටීම දුර පිහිටි තාරකාවකට අදාළව වෙනස් වේ. අසම්පාතය හරි හැටි යොදා ගත හැක්කේ අසළ තාරකාවන් සම්බන්ධයෙන් පමණකි. ප්ලෙයාඩේස් අසම්පාත දුර පාසික (parsec=ආලෝක වර්ෂ 3.26ට සමාන නක්ෂත්‍ර ඒකකයන්) 130ක් හෙවත් ආලේක වර්ෂ 420 පමණ වේ. මේ අනුව එය ආසන්නයේම පිහිටා ඇති තරුපොකුරෙන් එකකි.
ප්ලෙයාඩේස් සහ අසළ අනෙකුත් තාරකාවන්ට ඇති දුර දැන ගැනීම ඒවායේ දීප්තිමත් බව තීරණය කිරීමටත් ඒවා අනෙකුත් තාරීය ගතිලක්ෂණවලට සම්බන්ධ කිරීමටත් උපකාරී වේ. තාරකාවේ ප්‍රභාව මිනීමටත්(brightness), දුර නිර්ණය කිරීමටත් හැකි නම් තාරකාවේ දීප්තිය දැනගත හැකිවෙයි. තාරකාව ප්‍රභාව තරංග ආයාමයේ ශ්‍රීතයක් ලෙසද මිනිය හැකිය. තාරකා ආලෝකය දේදුන්නක මෙන් වර්ණවලට බෙදීමට ප්‍රිස්මයක් යොදා ගැනීමට පුළුවන. එවැනි තාරීය වර්ණාවලීන්, තාරකාවේ වායුගෝලයේ පරමාණු සහ අණු හේතුවෙන් ඇතිවන (තාරීය අලෝක වර්ණාවලියේ කළු පැහැති රේඛාවන් වන) අවශෝෂණ රේඛා හෙළි කරයි.
තාරකාවල ප්‍රකාශ වර්ණාවලී පෙනුම පදනම් කරගෙන තාරකා වර්ගීකරණය කළ හැකිය. OBAFGKM යන වර්ණාවලී වර්ග (spectral types) සම්බන්ධ වන්නේ තාරකාවේ පෘෂ්ඨයෙහි උෂ්ණත්වටයි. උණුසුම් නීල O වර්ගයේ තරකාවල අතිශය අයණීකෘත රේඛා ඇති අතර ශීතල රක්ත M වර්ගයේ තාරකාවල ඇත්තේ අණුක රේඛාය.
දීප්තිය මෙන්ම වර්ගයද සංසන්දනය කරද්දී රටා ඉස්මතු වේ. එවැනි ඛාණ්ඩාංක තල හඳුන්වන්නේ (මූලික වශයෙන් තාරකාවල භෞතික ස්වාභාවය අනුව වර්ගීකරණය සඳහා ඉදිරිපත් කෙරෙන)හර්ට්ස්ප්‍රන්ග්-රසල් සටහන(Hertzsprung-Russel diagram)ලෙසටය බොහොමයක් තාරකා ප්‍රධාන අනුක්‍රමණය යන (main sequence) පටියේ හෙවත් පථයේ දැක ගත හැකිය. තරකා සිය ශක්ති නිපදවන ආයුකාලයක් වැඩි කොටස ගත කරන්නේ එහිය. (අප සූර්යයා ද ප්‍රධාන අනුක්‍රමයේ තරුවකි.) ප්‍රධාන අනුක්‍රමයේ තාරකා බලගැන්වෙන්නේ හයිඩ්‍රජන් හීලියම් බවට හරවන හරයෙහි න්‍යෂ්ටික විලයනයෙනි.
ප්‍රධාන අනුක්‍රමයේ තාරකා වර්ගයේ ශ්‍රීතයක් ලෙස ගුණයෙහි වර්ණාවලියක් ප්‍රදර්ශනය කරයි. මෙකී ගුණ තීරණය කෙරෙන්නේ නිරීක්ෂණ සහ තාරිය ආකෘති මගිනි. වැඩිම ස්කන්ධයක්, වැඩිම දීප්තියක් සහ කෙටිම ආයු කාලයක් ඇත්තේ O වර්ගයේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකාවලිටය. අනෙක් අතට අඩුම ස්කන්ධයක්, අඩුම දීප්තියක් සහ වැඩිම ආයු කාලයක් ඇත්තේ M වර්ගයේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකාවලටය. අපේ සූර්යයා මැදි වයසේ G වර්ගයේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකාවකි. වසර බිලියන 10ක ප්‍රධාන අනුක්‍රමයේ ජීවිත කාලයෙන් එය දැනට වසර මිලියන 4.6ක් ගෙවා ඇත.
සාරය වශයෙන් ගත් කල පැවසිය හැක්කේ, තාරකාවල ජීවන පුරාවෘත්ත සටහන් කිරීම සඳහා හර්ට්ස්ප්‍රන්ග්-රසල් සටහන යොදා ගත හැකිය. සාමාන්‍යයෙන් තරු පොකුරක තාරකා එකම වේලාවක (කාලයක) උපදින නිසා H-R සටහන ඇති ප්‍රධාන අනුක්‍රමයේ තාරකා ගහණය මගින් තරු පොකුරේ වයස අනාවරණය කිරීමට පුළුවන.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්