බේකන්, සොසේජස්, හැම් වැනි සකස් කළ ආහාර පිළිකාව ඇතිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO – World Health Organization) පවසයි. සකස් කළ මස් ග්‍රෑම් 50ක් (ඒ කියන්නේ බේකන් පෙති දෙකකට අඩු ප්‍රමාණයක්) දිනකට ආහාරයට ගැනීමෙන් පිළිකාව වර්ධනය වීමේ අවස්ථාව 18%ක් වැඩි වන බව එම සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි. ‘රතු මස්’ බොහෝ විට පිළිකා කාරකයක් විය හැකි වුවත් ඒ ගැන ඇති සාක්ෂි සීමිත බව ද වාර්තාවේ සඳහන්ය. එමෙන්ම මාංශ ආහාරවල සෞඛ්‍යමය අතින් වාසිදායක ඇති බව ද එමගින් අවධානය කෙරේ. රතු මස් සහ සකස් කළ ආහාර මුළුමනින්ම කපා හරිනු වෙනුවට ඒවා පරිභෝජනය අඩු කිරිම සිදු කළ යුතු බවට අදහස් කෙරෙන්නේ මේ හේතුව නිසාය. ඇරත් ඉද හිට බේකන් සැන්විචයක් ආහාරයට ගැනීමේ හානියක් ඇතිවිය නොහේ.
සකස් කළ මස් කියන්නේ මොනවාටද?
සකස් කළ මස් යනු එක්කෝ අෙළවිය සඳහා තිබෙන කාලය දීර්ඝ කිරීම සඳහා හෝ නැතිනම් රසය වෙනස් කිරීම සඳහා හෝ විශේෂයෙන් සකස් කල මාංශ ආහාරය. එසේ සකස් කරන ප්‍රධාන ක්‍රම වන්නේ දුම් ගැසීම හෝ ලුණු නැතිනම් (යමක් කල්තබා ගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ ද්‍රව්‍ය) සුරක්ෂක(preservatives) එක්කිරීමයි. මින්සරයක් දමා මස් කුඩා කැබලි කරගත් පමණින්ම ඒවා සකස් කළ මස් බවට පත් නොවේ. එය සකස් කළ මස් බවට පත්වන්නේ කිසියම් ආකාරයකින් තවදුරටත් සකස් කළොත් පමණකි. සකස් කළ ආහාර ගණයට බේකන්, සොසේජස්, හොට් ඩෝග්(මෘදු පාන් රෝලක කටට සැර සොසේජස් වැනි දෑ දැමූ කැවිල්ලක්), සලාමි(ඉතාලි ලිංගුස්) කෝන් බීෆ් හැම් මෙන්ම ටින් කළ මස් සහ මස් පදනම් වූ සෝස් වර්ග ද අයත් වේ. පිළිකාව ඇති කිරීමේ අවදානම ඇති විය හැක්කේ මස් සකස් කිරීම සඳහා යොදා ගන්නා රසායනික නිසා විය හැකිය. බාබක්‍යු(barbeque)හෙවත් පලහා ගත් මස් වැනි අධික උෂ්ණත්වයකින් ආහාර පිසීම මගින් ද පිළිකාකාරක රසායනික නිපදවීමට හැකිය. එක්සත් රාජධානිය ගතහොත්, සෑම 100 දෙනෙකුගෙන්ම හය දෙනෙකුට ජීවිතයේ කිසියම් අවස්ථාවක හෝ බඩවැල් පිළිකාවට ගොදුරු වේ. ඔවුන් සියලු දෙනාටම දිනපතා අතිරේකව බේකන් ග්‍රෑම් 50 ක් ජීවිතයේ ඉතිරි කාලය තුළ ලබා දුනහොත් අවදානම 18%කින් ඉහළ යන අතර පුද්ගලයන් සෑම 100 කටම හත්දෙනෙකුට පමණ බඩවැල පිළිකාව වැළඳේ.
තත්ත්වය කොපමණ බරපතළ ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙකී නිගමනවලට එළමී ඇත්තේ පිළිකාව පිළිබඳ පර්යේෂණ සඳහා වූ අන්තර්ජාතික ඒජන්සියේ උපදෙස් මතයි. මේ සංවිධානය දැනට මේ සම්බන්ධයෙන් ඇති හොඳම සාක්ෂි ඇගැයීමට ලක් කරයි. සකස් කළ මස් හා ප්ලුටෝනියම් දැන් එකම ප්‍රවර්ගයකට ලා එම ආයතනය සළකන අතර මධ්‍ය සාරය ද ඊට ඇතුල් කර ඇත්තේ ඒවා ස්ථිරවම පිළිකාවට දායක විය හැකි බැවිනි. කෙසේ වෙතත් මේවා එක ලෙසම අන්තරයාකර යයි ඉන් කියැවෙන්නේ නැත. බේකන් සැන්විචයක් දුම්පානය කිරීම තරම්ම අහිත කර නොමැත. ‘සකස් කළ මාංශ අනුභවය නිසා පුද්ගලයෙකුට බඩවැල් පිළිකාව සෑදීමේ අවදානම සුළුයි. එහෙත් පරිභෝජනය කරන ප්‍රමාණය අනුව මෙම අවදානම ඉහළ යනවා’යයි ලෝක සෞඛය සංවිධානයයේ වෛද්‍ය කර්ට් ස්ට්රෙෆ් පවසයි.
පිළිකා සෑදීමේ දී සකස් කළ මාංශ සහ දුම්කොළ දායකත්වය සැසඳීම:
සකස් කළ මස් බඩවැල් පිළිකාවලින් 21% කට හේතුවෙන්නේ
සකස් කළ මස් හෝ රතු මස්
දුම්කොළ ළය පිළිකාවෙන් 86% කට හේතු වන්නේ දුම්කොළය
සියලු ආකාරවල පිළිකා අතුරෙන් 3% කට දායකවන්නේ සකස් කළ හෝ රතු මස්ය
සියලු ආකාරවල පිළිකා අතුරෙන් 19%කට වගකිව යුත්තේ දුම් කොළය
පිළිකාවෙන් සෑම වසරකම සිදුවන මරණ එක් මිලියනය හා සසදන විට මධ්‍ය සාරය නිසා මිය යන සංඛ්‍යාව 600,000 කි.
හානිය සුළුයි
“ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණයෙන් කියැවෙන්නේ රතු මස් හෝ සකස් කළ මස් අනුභවය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි යන්න නොවෙයි. ඒත් දැනට විශාල ප්‍රමාණයක් අනුභවයට ගන්නවා නම් අඩු කළ යුතුයි යන්නයි” යනුවෙන් පවසන්ෙන් එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ සහ ඔක්ස්පඞ් සරසවියේ මහාචාර්ය ටිම් කී ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ උපදේශිකාවක් වන ආචාර්ය ටෙරේසා නොරැට් පෙන්වා දෙන්නේ බඩවැල් පිළිකාවට සාධක ගණනාවක්ම බලපාන බවයි. එම නිසා සකස් කළ මාංශ අනුභවය සීමා කරන අතරම තන්තු, පලතුරු හා එළවළු බහුල ආහාර වේලක් ගැනීමටත් සිරුරේ බර ජිවිතය පුරා ප්‍රමාණවත්ව තබා ගැනීමටත් මධ්‍යසාරය සීමා කිරීමට හා ශාරිරිකව ක්රියාකාරිවීමටත් ජනතාව වගබලා ගත යුතුයි පවසයි.
BBC Science News හි Processed meats do cause cancer – WHO ලිපිය ඇසුරෙනි