පෘථිවිය කක්ෂගතව අභ්‍යවකාශයේ ඇති සුන්බුන්

Posted by

                           නොවැම්බර් 13 දා කඩා වැටුනු සන්බුන් කොටස නිසා අවදිවුණු

                            කුතුහලය තුළ සිතට තැගිය හැකි ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු

ප‍්‍ර. කක්ෂගත සුන්බුන් කියන්නේ මොනවටද?

පි. අභ්‍යවකාශයේ කක්ෂගත සුන්බුන් කියන්නේ මිනිසුන් විසින් යවන ලද, පෘථිවිය වටා කක්ෂ ගතව ඇති තවදුරටත් ප‍්‍රයෝජනවත් නොවන ප‍්‍රයෝජනවත් කාර්යයක් ඉටු නොකෙරෙන මිනිසා අතින් තැනුණු වස්තූන්වලටයි

ප‍්‍ර. කක්ෂගත සුන්බුන්වලට නිදසුන් දක්වතොත්…?

පි. අත්හැර දැමූ අභ්‍යවකාශ යානා සහ අභ්‍යාවකාශ ගතකිරීමේ යානාවල ඉහළ අවධි, අභ්‍යාවකාශ  යානා අභ්‍යාවකාශ ගතකිරීමේ යානාවලින් මිෙදන අවස්ථාෙව් හිතාමතාම මුදා හරින සුන්බුන්, අභ්‍යවකාශ යානා අභ්‍යාවකාශ ගතකිරීමේ යානාවල ඉහළ අවධි, හෝ  පිපිරීමේදී හෝ ඝට්ටනයවීමේදී බිහිවන සුන්බුන්, ඝන රොකට් මෝටර අපද‍්‍රව්‍ය සහ තාප පීඩනයෙන් හෝ කුඩා අංශු ඝට්ටනයෙන්  මුදාහැරෙන තීන්ත ක්ෂුද‍්‍ර කොටස්.

orbital-debris-web-banner2

ප‍්‍ර. අභ්‍යවකාශගත සුන්බුන් කොපමන ප‍්‍රමාණයක් වර්තමානයේ පෘථිවිය වටා කක්ෂ ගතව තියෙනවාද?

පි. දැනගැනීමට ඇති පරිදි සෙමි 10ට වඩා විශාල සුන්බුන් 21,000 කට වැඩි ප‍්‍රමාණයක්  කක්ෂ ගතව තිබෙනවා. කක්ෂ ගතව ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන සෙමි 10ත් 1ත් අතර අංශු ප‍්‍රමාණය 500,000 පමණ වෙනවා. සෙමි 1ටත් අඩු අංශු නම් මිලියන 100 ඉක්මවනවා.

ප‍්‍ර. අභ්‍යවකාශගත සුන්බුන් සංඛ්‍යාව නිර්ණය කරන්නේ කොහොමද?

පි. විශාල ප‍්‍රමාණයේ ඒ කියන්නේ සෙමි 10ට වැඩි කක්ෂගත සුන්බුන්  ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ අවේක්ෂණ ජාලය(U.S. Space Surveillance Network) මගින් චර්යානුගතව නිරික්සනු ලබනවා. මහ පොළව මත ඇති රේඩාර් මගින් මිමි 3ක් තරම් කුඩා වස්තූන් අනාවරණය කරගත හැකියි. එ මගින් ඒවායේ සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තුවක් කිරීමට පදනම සපයනවා.  මිමි 1ට අඩු  කක්ෂගත සුන්බුන්   ගහණය තක්සේරුව ආපසු පැමිණෙන අභ්‍යවකාශ යානාවල මතුපිට පෘෂ්ඨය මත ඝටටනවල ලක්ෂණ පිරික්සීමෙන් සිදු කළ හැකියි. කෙසේවෙතත් මෙය කිමි 600ට පහළ උන්නතාංශයන්හි ක‍්‍රියාකාරීවන අභ්‍යවකාශ යානාවලට පමණක් සීමාවෙනවා.

ප‍්‍ර. විශාල ප‍්‍රමාණයේ කක්ෂගත සුන්බුන්වල  ප‍්‍රධානතම මූලය හෙවත් ප‍්‍රභවය කුමක්ද?

පි. චන්ද‍්‍රිකා පුපුරා යාම් සහ ගැටීම්ය. ක‍්‍රි.ව. 2007 ට පෙර ප‍්‍රධාන මූලය වූයේ අවශේෂ ප‍්‍රචාලක සහ අධි පීඩන තරල වැනි ගබඩා කෙරුණු ශක්ති ප‍්‍රභවයන් සහිත අභ්‍යාවකාශ ගතකිරීමේ යානාවල ඉහළ අවධිවල  පුපුරායාම්ය. 2007 දී චීනයේ ෆෙන්ජියුන් අයිසී කාලගුණ වන්ද‍්‍රිකාව සිතාමතාම විනාශ කර දැමීම සහ 2009 දී අමරිකානු හා රුසියානු සංනිවේදන වන්ද‍්‍රිකාවල අහම්බෙන් සිදු වූ ගැටුම විශාල ප‍්‍රමාණ කක්ෂගත සුන්බුන්වල      වර්ධනයට මග පෑදීය. එම සුන්බුන් දැන් කැටලොග් ගතකර ඇති කක්ෂගත සුන්බුන්  සියල්ලෙන් තුනෙන් එකක් නියෝජනයකරයි.

83-12r_nasa-image_low-earth-orbit-debris_372x372

ප‍්‍ර. කක්ෂගතව ඇති සුන්බුන් සියල්ල පෘථිවිය වටා ඒකාකාරව විසිරී පවතිනවාද?

පි. සුන්බුන් බොහොමයක් පවතින්නේ පෘථිවි පෘෂ්ඨයේ සිට කිමි 2,000 ක් ඇතුළතයි.  මෙම පරිමාව තුළ සුන්බුන්   උන්නතාංශයත් සමග සැළකිය යුතු ලෙස වෙනස්වෙනවා.    සුන්බුන් වැඩිම ප‍්‍රමාණයක් සාන්ද‍්‍රගතව ඇත්තේ උසින් කිමි 750-800 ආසන්නයේය.

ප‍්‍ර. කක්ෂගත සුන්බුන් කොපමණ වේගයකින් ගමන් ගන්නවාද?

පි. පහළ පෘථිවි කක්ෂයකදී කිමි 2,000ට අඩු සුන්බුන් පෘථිවිය වටා ගමන් කරන්නේ තත්පරයකට කිලෝ මීටර 7 සිට 8ක හෙවත් 7-8 ත/කිමි වේගවලින්.  කෙසේවෙතත්, වෙනත් අභ්‍යවකාශ වස්තුවක් සමග සාමාන්‍යය ගැටුම් වේගය 10 ත/කිම පමණ වෙනවා.  මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සුන්බුන් කුඩා කැබැල්ලක් සමග වුව ඇතිවන ඝට්ටනයකට  සැලකිය යුතු ශක්තියක් අදාලවේ.

ප‍්‍ර. මෙම සුන්බුන් පෘථිවිය වටා කක්ෂ ගතව කොපමණ කාලයක් පවතීද?

පි. උන්නතාංශය ඉහළ වන්නට වන්නට සාමාන්‍යයෙන් පෘථිවිය වටා සුන්බුන් වැඩි කාලයක්  කක්ෂ ගතව පවතියි. කිමි 600ට අඩු කක්ෂ තුළ පවතින සුන්බුන් වසර කිහිපයක් ඇතුළතම සාමාන්‍යයෙන් පෘථිවියට වැටෙනවා. කිමි 800 උන්නතාංශයක ඇති  සුන්බුන් කඩා වැටීමේ කාලය මනින්නේ දශක වලින්. කිමි 1,000ක  උන්නතාංශයක කක්ෂ ගතව තිබෙන සුන්බුන් ශතවර්ෂයක් හෝ වැඩි කාලයක් පෘථිවිය වටා ගමන් කරාවි.

ප‍්‍ර. යළි පෘථිවිය වෙත එන සුන්බුන්වලින් පෘථිවිය මත ජනතාවට සහ හෝ දේපළ වලට හානි පැමිණීමේ අවදානමක් තියෙනවාද?

පි. පෘථිවි වායුගෝලයට යළි ඇතුල්වීමේදී ඇතිවන අධික තාපය හේතුකොට ගෙන සුන්බුන් සැලකිය යුතු ප‍්‍රමාණයක් විනාශ වී යනවා. ඉන් ගැලවෙන සංඝටක කඩාවැටීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ මහා සාගර හෝ විශාල ජලාශ හෝ කැනඩා තුන්ද‍්‍රාව,  ඕස්ටේ‍්‍රලියාවේ ජනශූන්‍ය පෙදෙස් සහ රුසියාවේ සයිබීරියාව වැනි ජනයා අඩු ප‍්‍රදෙශ වලටයි. පසුගිය වසර 50 තුළ ගතහොත් දිනකට එකක සාමන්‍යයක් සහිතව සුන්බුන් කැබලි පොළව මත පතිත වෙනවා. එහෙත් දරුණු පුද්ගල අනතුරු හෝ දේපල හානි සිදුවූ බවක් සනාථ වී නැහැ.

NASA Orbital Debris Program Office වෙබ් අඩවියේ    Orbital Debris Frequently Asked Questions ලිපිය ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.