විදු නැන නුවණ – Science Literacy for All

හානිකර සූර්ය කිරණ සමට බලපාන හැටි

අප වෙසෙන පෘථිවියේ පමණක් නොව අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම රඳා පැවැත්ම ඇත්තේ සූර්යයා මත බව අප කවුරුත් දන්නා කාරණයකි. සූර්යා නොමැතිව මේ මහ පොළොව මත ජිවය රැඳෙන්නේ නැත. මිනිසුන් ඇතුළු සත්වයන්ට පමණක් නොව ගහ කොළවලට පවා සූර්යාලෝකය නැතිවම බැරිය. සූර්යාලෝකය විටමින් D නිෂ්පාදනය, උත්තේජනය කරයි. (සොරයිසිස් වැනි) ඇතැම් නිධන්ගත රෝග පාලනය කිරීම සඳහා උපකාරී වෙයි. මෙලෙස, සූර්යාලෝකය අපට විවිධාකාරයෙන් ප්‍රයෝජනවත් වෙයි. එහෙත්, සූර්යාලෝකයෙන් අපේ සමට හානි පැමිණිය හැකි වෙයි. අවු පිලිස්සුම (sunburn) වැනි වේදනාකාරී තත්ත්වයන් පමණක් නොව සමේ පිළිකාව, වයස්ගතවන විට සම හා සම්බන්ධ සම හැකිළීම හා අනෙකුත් විපර්යාසයන් මෙන්ම ඇතැම් අසාත්මිකතා පවා ඇති වීමට සූර්යා ලෝකය බලපායි. ඇත්තටම හිරු රැස්වලින් ශරීරයේ අනෙකුත් කෙටස් ආවරණය කරන්නේ  සමයි.

sunburn_2928479b

පාරජම්බුල කිරණ

පාර ජම්බුල කිරණ ඇසට නොපෙනේ. එසේ වුවද සම මත වැඩිම බලපෑමක් ඇති කරන්නේ පාරජම්බුල කිරණයි(Ultra-Violet = UV). තරංග ආයමය මත පදනම්ව UV කිරණ UVA, UVB හා UVC යනුවෙන් වර්ගීකරණය කෙරේ. මේ සියලුම වර්ග වල  UV කිරණ සිරුරේ ජානමය ද්‍රව්‍ය වන DNA වලට හානි පමුණුවයි. එය පසුව පිළිකාවට මග පෑදීමට පුළුවන. අකලට සම වයස්ගතවීම හා හැකිළීම වැනි හානිකර බලපෑම්ද  UV කිරණ නිසා සිදු විය හැකිය.  UV කිරණවලින්, මූලිකවම ගතහොත් UVB කිරණවලින් අවු පිලිස්සුම ඇතිවීමට පුළුවන. UV කිරණවල ආරක්ෂ මට්ටමක්, ඒ කියන්නේ ‘මෙන්න මේ මට්ටමට වඩා අඩු නම් ආරක්ෂා සහිතයි’ යනුවෙන් දැක්විය හැකි මට්ටමක් නැත.

පෘථිවිය මතුපිට කරා එන UV ආලෝකය ප්‍රමාණය එන්ට එන්ටම වැඩි වේ. විශේෂයෙන්ම උතුරු අක්ෂාංශවල මෙම වැඩිවීමට හේතුව ඉහළ වායුගෝලයේ ආරක්ෂිත ඔසෝන් ස්ථරය ක්ෂයවීමයි. ස්වාභාවිකව හටගන්නා රසායනයක් වන ඕසෝන් පෘථිවි පෘෂ්ඨය මතට පතිත වන UV කිරණ  බොහොමයක්ම වළක්වයි. ඕසෝන් සහ ක්ලෝරෝෆුල්රෝකාබන් (පැරණි මාදිලියේ ශීතකරණවල හා විවිධ ස්ප්‍රේ කෑන්වල ඇති ප‍්‍රවාලක) අතර රසායනික ප‍්‍රතිචාර හේතු කොට ගෙන ඕසෝන් ස්තරයේ ඇති ඕසෝන් ප්‍රමාණය හීනකරයි. පෘථිවි පෘෂ්ඨය මතට ළඟාවන UV කිරණ ප්‍රමාණය අනෙකුත් සාධක මත පදනම්ව වෙනස් වෙයි. ගිම්හානයේදී උදෑසන 10.00 ට පමණ සිට සවස 3.00 දක්වා ද, ඉහළම අක්ෂාංශවල මෙන්ම පහළ අක්ෂාංශවලදී ද UV කිරණ වඩාත් තීව්‍රය. වීදුරු සහ ඝන වලාකුළු, දුම සහ ධූමක(smog), UV කිරණ බොහොමයක් පරිස්‍රාවණය කරයි. එහෙත් තුනී වලාකුළු, ධූමිකා(fog) සහ අඩි 1 ක් පමණ ඝන පැහැදිලි ජලය හරහා UV කිරණ කාන්දුවෙයි. ඒවායින් දරුණු පිළිස්සීම් ඇති වෙයි.

sunlight-harms-skinUV කිරණවලට නිරාවරණය වීම නිසා සිදුවන හානියෙන් ආරක්ෂාවීම පිණිස සම ඇතැම් වෙනස්වීම්වලට භාජනය වෙයි. (සමෙහි ඉහළින් ව පිහිටි ස්තරය වන) අපිචර්මය(epidermis) UV කිරණ වළක්වාලන ආකාරයට ඝන වේ. (වර්ණක නිපදවන සමේ සෛල වන) මෙලෙනොසයිට (melanocytes) මගින් වැඩිපුර ප්‍රමාණයක් මෙලනින් නිපදවේ. මෙමගින් සම අඳුරුවීමේ ප්‍රතිඵලයක් ලෙස සම දුඹුරුවේ(tan). අනාගතයේදී UV විකිරණවලට නිරාවරණය වීමට එරෙහිව ස්වාභාවික ආරක්ෂාවක් එලෙස දුඹුරු වීමෙන් සැපයේ. එය සිදුවන්නේ මෙසේයි. මෙලනින් UV කිරණවල ‍ශක්තිය අවශෝෂණය කරන අතර කිරණ මගින් චර්ම සෛල හානිවීම සහ කිරණ පටක ඇතුළටම කාවැදීම වළක්වාලීමට ආධාර වෙයි. ඒ හැරුණු කොට දුඹුරුවීමෙන් ‍වෙනත් සෞඛ්‍යමය වාසියක් සැලසෙන්නේ නැත. දුඹුරුවීමම අරමුණු කරගෙන හිතුමතේට දුඹුරුවීම සෞඛ්‍යයට හානි කරවිය හැකිය. සූර්යාලෝකයට තිබෙන සංවේදිතාව සමෙහි ඇති මෙලනින් ප්‍රමාණය අනුව වෙනස් වේ. කළු පැහැ ගත් ජනතාව සතුව වැඩි මෙලනින් ප්‍රමාණයක් ඇති වන අතර එනිසා සූර්යාගේ හානිකර බලපෑම්වලට එරෙහිව ශරීරය තුළින්ම වැඩි ආරක්ෂාවක් සපයයි.

කෙසේ වෙතත්, තද පැහැ සමක් තිබුණු පළියටම සමට පූර්ණ ආරක්ෂාව සැලසෙන්නේ නැත. එවැනි සමක් සහිත ජනතාවට හිරුගෙන් සිදුවන හානියට තවදුරටත් ගොදුරුවිය හැකි අතර UV කිරණවලට නිරාවරණය වීමේ දිගුකාලීන බලපෑම්වලට ලක්වීමට ඉඩ තිබේ. කෙනෙකුගේ සමෙහි ඇති මෙලනින් ප්‍රමාණය තීරණයවන්නේ ප්‍රවේණිය මත මෙන්ම මෑතක හිරු එළියට නිරාවරණය වූ ප්‍රමාණය මතයි. UV ආලෝකයට ප්‍රතිචාර වශයෙන් සමහර පුද්ගලයන්ට මෙලනින් විශාල ප්‍රමාණයක් නිපදවිය හැකිය. එසේ වෙද්දී සමහරු නිපදවන්නේ සුළු ප්‍රමාණයකි. (වර්ණක නැතිවීයාම නිසා සමෙහි සුදු පුල්ලි මෙන් ඇති වීම) ශවේත චර්මය (vitiligo) වැළැදුනු අයගේ සමෙහි තැන තැන වර්ණක නොමැති ලෙස ඇති වන අතර ඇළි බව ඇති අයට (albinism) ඇත්තේ මෙලනින් ඉතා සුළු ප්‍රමාණයකි. නැතිනම් ඇත්තේම නැත.

MSD Manual Consumer Version යටතේ පළවන Overview of Sunlight and Skin Damage ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: