විදු නැන නුවණ – Science Literacy for All

තාරකා වර්ගීකරණය (The Classification of Stars) II කොටස

තාරකා වර්ගීකරණය ගැන නොවැම්බර 11 දා පළවූ ලිපියේ දෙවනි කොටසයි මේ

ප්ලෙයාඩේස් H-R සටහනෙහි O වර්ගයේ සහ ඇතැම් B වර්ගයේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකා ගිලිහී ඇත. එම තාරකා ඒවායේ හරයෙහි හයිඩ්‍රජන් ප්‍රයෝජනයට ගෙන නිමාකර ඇති අතර ප්‍රධාන අනුක්‍රමය ඔස්සේ පරිණාමනය වී ඇත. මෙකී ‘ගිලිහුණු’ ප්‍රධාන අනුක්‍රමයේ තාරකා අතරින් වඩාත්ම දිගු කාලයක් ජීවත් වූ තාරකාව, එම තරු පොකුරේ වයස අපට කියාපෑමට සමත්ය. ප්ලොයාඩේස් ප්‍රධාන අනුක්‍රමයේ වයස වසර මිලියන 100ක් පමණ වේ.

ප්ලෙයාඩේස් ක්ෂිර පථය ගැලැක්සිය තුළ දැකිය හැකි 1,000ක් පමණ වන විවෘත තාරකා පොකුරු අතරින් එකකි. මෙම විවෘත තරු පොකුරු ඒවායේ උප්පත්ති හෙවත් ඡන්මලාභී වලා තුළ හැඩ ගැසෙද්දී ගුරුත්වය මගින් ලිහිල් ආකාරයට බැඳී ඇත. ක්ෂිර පථය ගැලැක්සිය වටා කක්ෂ ගත වෙද්දී තරු පොකුර ක්‍රමයෙන් විසිරී යයි.

ළාබාලතම තරු පොකුරු උපතට මග පෑදූ  වායු සහ දූලි හා සම්බන්ධ වේ. රොසෙටා නිහාරිකා පොකුර වයසින් වසර මිලියන කිහිපයක් පමණකි. එහි O තාරකා දිලිසෙන නිහාරිකා වායුව ප්‍රබෝධනය කරයි.

වසර මිලියන 10 ක් පමණ පැරණිය. කුඩා දුරේක්ෂයකින් බලන කල එහි බහුල  තාරකා මිලියන 10 ක් පමණ පැරණිය. කුඩා දුරේක්ෂයකින් බලන කල එහි බහුල තාරකා විශාල ප්‍රමාණය අලංකාර දර්ශනයකි. හරස් අතට ගත් විට එය පූර්ණ චන්ද්‍රයන් දෙදෙනෙකුගේ පළලින් යුක්තය. දුරින් ආලේක වර්ෂ 7,000 කි.

ආසන්නම තරු පොකුර හයඩේස්ය. එය ඇත්තේ ආලෝක  වර්ෂ 150 ක් ඈතිනි. දළ වශයෙන් එහි ඇති තාරකා තුන් සියය 300 ප්ලෙයාඩේස් සිට පූර්ණ චන්ද්‍රයන් 18 පමණ පළලින් යුක්තය. එහි වයස වසර මිලියන 600ක් පමණ වන අතර O ගේ B වර්ගයේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකා නොමැත. විවෘත පොකුරු අතරින් පැරණිතම එකක් වන NGC188 වසර බිලියන 7ක් වයසැතිය. ආලෝක වර්ෂ 5,000 දුරක් ඇතුළත එහි තාරකා 150 පොකුරු ගැසී ඇත. එහි O, B, A සහ  ඇතැම්  F වර්ගයේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකා නොමැත. සංගෘහිත H-R සටහ නෙහි පොකුරු වෙනස්කම් පැහැදිලිව දැක ගත හැකියි. තරු පොකුර වයසට යද්දී අනුක්‍රම ප්‍රධාන වශයෙන් හැරීම(තාරකාවේ ප්‍රධාන ඉන්ධන අහවර වූවාට පසුව H-R සටහනෙහි ප්‍රධාන අනුක්‍රමයෙන් බැහැරවෙන ස්ථානය) ප්‍රධාන ක්‍රමය ඔස්සේ ක්‍රමයෙන් පහළට බසී.

H-R සටහනෙහි වසර මිලියන 100ක ජීවිත කාලයක් සහිත ප්ලෙයාඩේස් තරු පොකුර දැන් තාරකා බිහිවන වායු සහ ධුලි වලා වෙන් මිදී වලාව බැහැර කරන වයස පසු කර කලක් ගොසින් ය. කෙසේ වෙතත් ප්ලෙයාඩේස් පොකුරෙහිප‍්‍රකාශ අනුරූපවල නීල වලා ඇඳිරිය ක්ෂුද‍්‍ර තරංග විකිරණය දුරස්ථ බවක් පෙනෙන්නට නැත.

m13_AllNebulosity_v3

ප්‍රභාව වැඩිම, ප්‍රභාවෙන් වැඩි තාරකාවක් ආසන්නයේදී ය. පරාවර්තනය නිහාරිකාවකට සැපයිය හැකි කදිම උදාහරණයකි එය. තාරකාවක් ආසන්නයේ ධුලි කණිකා වලාවකින් එය නිර්මාණය වී තිබේ. පතන (incident) තාරකා එළිවලින් සමහරක් එමගින් නිරීක්ෂකයා වෙත යළි යොමු කෙරේ. ධුලි වලාවකට ආසන්නයේ ඇති ප්‍රභාවත් තාරකාවක් ප්‍රභාවත් නිහාරිකාවකට මග පාදයි.

ප්ලෙයාඩේස් තාරකා පිහිටා ඇත්තේ ධුලි වලාවකට ආලෝක වර්ෂයක් හෝ ආසන්න දුරකිනි. එහි නීල වර්ණ ආලෝකය හටගන්නේ එහි ධුලි කර්ණිකා රතු ආලෝකයට වඩා නිල් ආලෝකය විසුරුවන හෙයිනි.  මෙකි  විසිරීම සිදු කරන කුඩා කර්ණිකාවලට ප්‍රමාණයෙන් ගත් කල කෙටි නිල් තරංග ආයම ආසන්නය. පෘථිවියෙහි නිල් අහස සම්බන්ධයෙන් ඇත්තේ ද මෙවන් අදහසකි. වායු අංශු නිල් ආලෝකය අහස පුරා විසුරුවයි. නගින හිරු හෝ බසින හිරු බොහෝ විට රතු පාටින් දිස්වන්නේ ද ‍මෙම හේතුවෙනි.

ක්ෂිර පථය ගැලැක්සිය තුළ පරාවර්තන නිහාරිකා 500ක් පමණ හඳුනාගෙන තිබේ. මායාකාරියගේ හිස(witch-head) නැමැති ඡායාකාන්ත නිහාරිකාව තවත්  ප්‍රකට උදාහරණයකි. එය ආලෝක වර්ෂ 900 පමණ දුරින් ඇති අතර ප්ලෙයාඩේස් නිහාරිකාවට වඩා දීප්තියෙන් අඩුය. නිහාරිකාවේ සිට ආලෝක වර්ෂ 40 ක් පමණ ඈතින් පිහිටි සුපිරියෝධ තාරකාවක් වන නීලවර්ණ රිගෙල් තාරකාව මගින් එය ප්‍රදීප්තය.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: