විදු නැන නුවණ – Science Literacy for All

ගර්භාෂය බද්ධකිරීමේ ප්‍රථම සැත්කමට ඇමරිකාව සූදානම් වෙයි

වඳ භාවයට ප්‍රතිකාර කිරීමේ සහ අවයව බද්ධ කිරීමේ දී නව මං පාදමින් ගර්භාෂයක් නොමැති  කතකට ගර්භාෂයක් බද්ධ කිරීමේ ඇමරිකාවේ ප්‍රථම වතාවට සිදුකරන ‍ශල්‍ය කර්මයකට ක්ලීව්ලන්ඩ්  චිකිත්සාගාර වෛද්‍යවරු සූදානම් වෙති. ගර්භාෂය ලබා ගැනෙන්නේ මිය ගිය කාන්තාවකගෙනි. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නැංවීමට නියමිත මේ නව්‍ය ක්‍රියාදාමය ඩිම්බකෝෂ (ovaries) තිබුණත් ගර්භාෂයක් නොමැති ළඳුන්ට ගැබ්ගෙන දරුවෙකු ප්‍රසූත කිරීමේ වාසනාව පාදාදීමට හැකිවෙයි. මේ සඳහා තෝරා ගැනීමට සුදුසුකම් සෙවීමේ ක්‍රියාවලියට කාන්තාවන් අට දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. මොවුන් එක්කෝ ගර්භාෂයක් නොමැතිව ඉපදුණ අයයි(අලුතෙන් උපදින ගැහැණු දරුවන් 4,500 කට එක් අයෙකුට බලපාන තත්ත්වයකි මෙය). එසේ නැති නම් මොවුන්ගේ සමහරකගේ ගර්භාෂයට හානි පැමිණ ඇති හෝ ගර්භාෂය ඉවත් කළ අයයි.

1297614120287_ORIGINALඑක්සත් ජනපදයෙහිදී මේ ශායනික අත්හදාබැලීම  සිදු කෙරෙන්නේ ප්‍රථම වතාවටය. ඒ ස්වීඩනයේ සිදු කළ ගර්භාෂයික බද්ධකිරීමකින් සජිවී උපතක් සිදු වී වසරකට පසුවය. කෙසේ වෙතත් ස්වීඩනයේ ගර්භාෂ බද්ධය සඳහා යොදා ගන්නේ ජීවතුන් අතර සිටින කාන්තාවන්ගෙන් ලැබෙන ගර්භාෂය. ක්ලීව්ලන්ඩ් වෛද්‍යවරුන් විසින් ගර්භාෂය ප්‍රදානයකරන්නී(donor) ලෙස මිය ගිය කාන්තාවන් තෝරා ගැනීමට තීරණය කරන ලද්දේ සේඛ්‍ය සම්පන්නව සිටින කාන්තාවන් අවදානමට ලක් කිරීම වැළැක්වීමටය. ගර්භාෂය ප්‍රදානය කරන්නියට මෙන්ම ලබන්නියට(recipient) එකම වර්ගයේ රුධිරය සහ පටක තිබිය යුතුය. මෙම ක්‍රියාදාමය 10 වාරයක් සිදු කිරීමෙන් පසුව එය තවදුරටත්  කරන්නේද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීමට වෛද්‍යවරුන් බලාපොරොත්තු වෙති. මෙම ක්‍රියාදාමය සඳහා එක්සත් ජනපදය තුළ සුදුසුකම් ඇති අපේක්ෂිකාවන් 50,000 ක් පමණ  ඇතැයි සැලකේ.

ගර්භාෂය බද්ධ කිරීමේ ක්‍රියාදාමය අවදානමකින් තොරවූවක්ම නොවේ*. ඊට භාජනය වන්නන් ප්‍රබල ප්‍රතික්ෂේපන මර්දක ඖෂධ(anti-rejection drugs) ගත යුතු වේ. ගර්භාෂය බද්ධ කිරිම සඳහා ශල්‍යකර්මවලට භාජනය විය යුතුය. තවද, දරුවෙකු හෝ දෙදෙනෙකු බිහිවීමෙන් අනතුරුව  ගර්භාෂය ඉවත් කිරීම සඳහා යළි ශල්‍යකර්මයකට මුහුණදීමට සිදු විය හැකියි.  (ගර්භාෂය ඉවත් කිරීම සිදුකරන්නේ ප්‍රබල ප්‍රතික්ෂේපන මර්දක ඖෂධ ගන්නා වූ කාලය අඩුකිරීමටයි.) එපමණක් නොව මෙම ක්‍රියාදාමය සංකීර්ණය. එමෙන්ම කාලය වැය කිරීමටද සිදුවන්නකි.  නලස්ත සංසේචනය(vitro fertilization) යොදා ගනිමින් කාන්තාවන්ගේ ඩිම්බ  සහකරුගේ ශුක්‍ර සමග සංශ්චනය කර මිදෙන්නට හරිනු ලැබේ. එම කාන්තාව කළල දහයක් අත්පත් කර ගත්තාට පසුව ඇගේ නම ගර්භාෂ බද්ධකිරීමේ පොරොත්තු ලේඛනයක ඇතුලුකොට තබා ගැනේ. බද්ධකිරීමෙන් වසරක් ගත වීමෙන් අනතුරුව බද්ද කළ ගර්භාෂය තුළ වරකට එක බැගින් කළල තැන්පත් කෙරේ. ගැබ් ගන්නා තුරු බද්ධ කළ අවයවයට එනම් ගර්භාෂයට ඇතිවන පීඩනය අඩුකරනු වස් දරු උපත සිසේරියන් සැත්කමක් මගින් සිදුකෙරෙනු ඇත. අනතුරුව මව තමන්ට දායක කළ  ගර්භාෂය ඉවත් කළ යුතුද යන්න ගැන හෝ ප්‍රබල ප්‍රතික්ෂේපන මර්දක ඖෂධ ගැනීම නතර කරන්නේ ද යන්න ගැන තීරණයක් ගත යුතු වේ. මෙකී ඖෂධ නතර කළ විට බද්ධ කළ ගර්භාෂ්‍ය ක්ෂයවී යාමට පටන් ගනි. එසේ නොමැති නම් දෙවැනි ගැබ් ගැනීමක් ගැන ඇයට තීරණයක් ගත යුතු වේ. අවදානම් අඩුකිරීමේ පියවරක් ලෙස දැනට මේ ක්‍රියාදාමය උපරිම වශයෙන් ගැබ් ගැනීම් ෙදකකට සීමාකිරීමට වෛද්‍යවරු තීරණය කර සිටිති.mitra-300x225

‘ගර්භාෂීය බද්ධ කිරීම් ප්‍රජනක වෛද්‍ය විද්‍යාවේ බලාපොරොත්තු තැබිය හැකි නවීකරණයකට දොර විවෘත කරනවා මෙම ඉදිරි ගමනෙන් අනාගතයේදී දහදහස් ගණන් කාන්තාවන්ට සෙත සැලසෙතැයි අපි විශ්වාස කරනවා. එහෙත් ඒ අතරම චර්යා රටානු ගතව මේ ක්‍රියාදාමය කරගෙන යාමට පෙර මුහුණ දිය යුතු තවත් අභියෝග ඇති බවත් අප වටහා ගත යුතුය’ යි නිව්යෝක් නුවර ලෙනොක්ස් හිල් රෝහලේ ප්‍රජනනක අන්තෝසර්ගවේදී(reproductive endocrinologist) වෛද්‍ය ටෝමර් සින්ගර් පවසයි. ඔහු දකින අන්දමට ජයගත යුතු ප්‍රධාන අභියෝග දෙකකි. බලගතු ප්‍රතික්ෂේපන මර්දක ඖෂධ ගැනීමෙන් මවට මෙන්ම බිළිඳාට අතුරුඵල ඇතිවීමට ඉඩ තිබීම ඉන් එකකි. කළලය සෞඛ්‍ය සම්පන්නව වැඩීම සඳහා බද්ද කිරීමේ ක්‍රියාදාමය තුළ දී සහ ඉන් අනතුරුව නව මාසයක් යන තුරු සාමාන්‍ය රුධිර සැපයුමක් පවත්වාගෙන යාම තවත් අභියෝගයකි.

*(තතු සටහන)

අපගේ ශරීරයට යම් අවයවයක් බද්ධ කළ විට(transplant) ශරිරයේ ප්‍රතිශක්ති පද්ධතිය (පිටතින් ගෙනවුත්) බද්ධ කළ අවයවයට ප්‍රහාර එල්ල කරමින් එය බැහැර කිරීමට වෙර දරයි. ඒ සඳහා වෛද්‍යවරු ප්‍රතික්ෂේපන මර්දක හෙවත් ප්‍රතික්ෂේපනයට විරුද්ධ ඖෂධ(anti-rejection medication) ලබා දෙති. බද්ධ කළ අවයවයෙහි ආයුකාලය තුළට ප්‍රතිරූපිකව මෙම ඖෂධ නොකඩවා ගත යුතු වේ. බොහෝ විට එම ප්‍රබල ඖෂධවල අතුරු ආබාධ පාලනය කිරීමට හෝ ඒවායේ කාර්යයට සහාය වශයෙන් වෙනත්  ඖෂධ ද ලබාදිය යුතු වේ. මෙම කාරණා ගර්භාෂ සැත්කමකදී ද එලෙසම වලංගු වේ.

 

Medlineplus හි First Uterus Transplant Planned in U.S. ලිපිය ඇසුරෙනි.

U.S. National Library of MedicineU.S. Department of Health and Human Services National Institutes of Health Page last updated on 16 November 2015

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: