පෘථීවිය ආසන්නයේ කක්ෂ ගතව තිිබූ අභ්‍යවකාශ සුන්බුන් කොටසක් ශ‍්‍රී ලංකාවට ඔබ්බෙන් දකුණුදිග මුහුදට කඩා වැටෙන බවට කර තිබූ පුරෝකතනයක් නිසා කක්ෂ ගත සුන්බුන් ගැන පොදු ජන අවධානය යොමුවුණා. පසුගිය සෙනසුරාදා එනම් නොවැම්බර 14 දා ඒ ගැන තතු සටහනක් තැබුවා මතක ඇති. සුන්බුන් හානිය ලිහිල් කිරීම(Orbital Debris Mitigation) ගැන අපි අද කතාකරමු.
පෘථිවිය වටා කක්ෂගත කෘතිම අභයවකාශ වස්තු සුන්බුන් වර්ධනයවීම පාලනයකිරීම සඳහා නාසා ආයතනය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයත්, අභයවකාශයේ සරන අනෙකුත් ප‍්‍රධාන රටවලුත් ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබා දෙනවා. පෘථිවිය ආසන්නයේ අභයවකාශය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂත කිරීම එහි අරමුණයි. මෙම ගැටළුව ලිහිල් කිිරීමට ගන්නා පියවර ස්වරූප කිහිපයක් දැකිවිය හැකියි. නව සුන්බුන් බිහිවීම වැළැක්වීම හෝ සීමා කිරීම එක් පියවරකි. කුඩා සුන්බුන් ගැටීමෙන් වන හානියට ඔරොත්තු දෙන මාදිලියේ නව චන්ද‍්‍රිකා සැලසුම් කිරීමද තවත් පියවරක් ලෙස දැක්වේ. සුන්බුන් අඩු කක්ෂ රෙජිම භාවිත කිරීම, සුවිශේෂී අහස්යානා ආකල්ප දැරීම, සුන්බුන් හා ඝට්ටන වැලැක්වීමේ අරමුණින් කක්ෂගත සුන්බුන් ලිහිල් කිරීමේ සර්වග‍්‍රාහී මාර්ගෝපදේශ සංග‍්‍රහයක් ලෝකයේ ප‍්‍රථමවරට හඳුන්වාදුන් අභ්‍යවකාශ නියෝජිත ආයතනය නාසා ආයතනයයි. ඒ 1995 දිය. ඊට වසර දෙකකට පසුව නාසා ආයතනයේ මාර්ගෝපදේශ පදනම් කරගනිමින් එක්සත් ජනපද රජය කක්ෂගත සුන්බුන් ලිහිල් කිරීමේ සම්මත භාවිතයන් මාලාවක් ගෙන ආවේය. ජපානය, ප‍්‍රංශය, රුසියාව මෙන්ම යුරෝපීය අභ්‍යවකාශ නියෝජිත ආයතනය ආදී රටවල් හා සංවිධාන ද අනතුරුව එවැනි මගකට යොමුවූහ.
වසර කිහිපයක ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිඵලයක් ලෙස, 2002 වසරේ දී යුරෝපීය අභ්‍යවකාශ නියෝජිත ආයතනය මෙන්ම රටවල් 10 ක අභ්‍යවකාශ නියෝජිත ආයතන එක්ව පිහිටුවා ගත් අන්තර් ඒජන්සි අභ්‍යවකාශ සුන්බුන් සම්බන්ධීකරන කමිටුව (Inter-Agency Space Debris Coordination Committee IADC), සුන්බුන් වර්ධනයවීම ලිහිල් කිරීම අරමුණු කරගෙන සැලසුම් කළ මාර්ගෝපදේශ මාලාවක් සම්මත කරගත්තා. 2007 පෙබරවාරී මාසයේදී පිටත අභ්‍යවකාශය සාමකාමී ප‍්‍රයෝජන සඳහා යොදාගැනීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කමිටුවේ ( United Nations’ Committee on the Peaceful Uses of Outer Space COPUOS) විද්‍යාත්මක හා තාක්ෂණ උප කමිටුව ක‍්‍රියාකාරී සැලස්මක් සම්පූර්ණ කළා. එමගින් පිළිගත් මාර්ගෝපදේශ මාලාව 2008 ජනවාරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අනුමත කෙරුණා.
මෙම ක‍්‍රියාමාර්ග වලින් පැහැදිලිවන්නේ කක්ෂගත අභ්‍යවකාශ සුන්බුන් ගැන අන්තර්ජාතික වශයෙන් අවධානය නිරතුරුව යොමුව ඇතුවා පමණක් නොව අභ්‍යවකාශ සුන්බුන් හානිය ලිහිල් කිරීමට ද පියවරගන්නා බවයි.
NASA Orbital Debris Program Office හි Orbital Debris Mitigation ලිපිය ඇසුරෙනි