විදු නැන නුවණ – Science Literacy for All

අපේ ගැලැක්සියේ අනුරූප අපට දැකගන්න පුළුවන් වන්නේ කෙස්ද?

 

ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්. හරියට විශාල ගෙයක් ඇතුළේ ඉඳගෙන මුළු ගෙයම හසුවන ඡායාරුපයක් ගන්න බැරාවා වාගේය. අපේ මහ පොළොවද ඇතුළත් සෞර ග්‍රහ මණ්ඩලය තිබෙන්නේ ක්ෂීර පථය  කියන ගැලැක්සියේ හෙවත් මන්දා කිණියේ කියලා අප බොහෝ දෙනා දන්නා කාරණාවකි. ක්ෂිර පථය යෂ්ටි සහිත සර්පිලාකාර  ගැලැක්සියක් කියලත් අප දන්නවා. ඉතින් එම හැඩයෙන්  තිබෙන ක්ෂිරපථයේ අනුරූප අප දැකලා තියෙනවානේ. ඇත්තටම ඒවා ඡායාරුප නොවෙයි. චිත්‍ර ශිල්පීන් විද්‍යාත්මක දත්ත උපයෝගී කරගෙන අඳින යථාරූපී චිත්‍රයි. ඒවායින් දැක්වෙන්නේ අප‍ෙ ්ක්ෂිරපථය ගැලැක්සියෙන් පිටත සිට බැලුවොත් එය පෙනෙන ආකාරයයි. හඳට හැර වෙනත් අභ්‍යාවකාශ වස්තුවකටවත් ගිහින් නැති මිනිස් අපි කොහොමද ක්ෂිර පථයෙන් එළියට යන්නේ නේද?

පෘථිවියේ සිට ක්ෂිර පථය දකිනා විට පේන්නේ ඒ චිත්‍රශීල්පීන්ගේ චිත්‍ර වලට වඩා බෙහෙවින් වෙනත් ආකාරයකටයි. අපේ පියවි ඇසට පේන තාරකා සියල්ලම මේ ගැලැක්සියට අයත් එව්ා ළඟම තාරකා පේන්නේ ගැලැවුණු නැතිනම් වෙන්වුණු තාරකා ලෙසටයි. දුර ඈත තාරකා කළුවර අහසේ දීප්තිමත් පථයක් හෝ පටියක් (belt) ලෙස අපට දැක බලා ගන්න පුළුවන්. අපි ඇයි ඒවා පථයක් ලෙස දකින්නේ? ඇයි ඒවායින් මුළු අහසම ආලෝකමත් නොවන්නේ? ඒකට හේතුව ක්ෂීර පථය තැටියක් බඳු වීමයි. තාරකා වැඩි ප්‍රමාණයක්  ඇත්තේ පැතැලි පෘෂ්ඨයකයි.

Braintainment (November/December 2015)  How is it possible that we have images of our entire galaxy?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: