ප්ලෙයාඩේස් පරාවර්තන නිහාරිකාව අපට කියන්නේ එම තරු පොකුර ආසන්නයේ ධුලි තිබෙන බවයි. ධුලි මගින් විසිරුණු නිල් තරු එළියේ ප්‍රකාශ දර්ශනය වඩාත්ම සංවේදී වන්නේ ප්‍රභාවත්ම නිල් තාරකාවලට ආසන්නතම කණිකාවලටයි. මෙයට ප්‍රතිවිරුද්ධව ස්පිටිසර් අභ්‍යාවකාශ ටෙලස්කෝපයෙන් ලැබෙන අධෝරක්ත දර්ශනය, ප්ලෙයාඩේස් කලාපය පුරාවටම ඇති උණුසුම් ධුලි මගින් සිදු කරන විමෝචනය කරන ලද විකිරණයේ ගැඹුරු අනුරූපයක් සපයයි.
ස්පිට්සර් අනුරූපයෙන් වර්ග අංශක 1ක් ආවරණය වෙයි. ඒ කියන්නේ අහසේ පූර්ණ චන්ද්‍රයන් හතරක් පමණ ආවරණය වන බවයි. ස්පිට්සර් මධ්‍ය අධෝරක්ත IRAC සහ දුර අධෝරක්ත MIPS කැමරා මගින් ගන්නා ලද අනුරූප 4.5-, 8.0-, සහ 24.0- මයික්‍රෝන් පථයේ අනුරූප ඊට ඇතුළත්ය. මෙම තරංග ආයාමයන්ට පිළිවෙළින් නිල් කොළ සහ රතු වර්ණ පවරා තිබේ.
ඒවායේ සාපේක්ෂව ඉහළ උෂ්ණත්වය නිසා තාරකා සාමාන්‍යයෙන් නිල් පැහැයෙන් දර්ශනය වේ. ප්ලෙයාඩේස් කලාපය පුරාවමට දැකිය හැකි විසරණය (diffuse) වූ කොළ පැහැ ආලෝකය පැන නගින්නේ බහු චක්‍රීය ඇරෝමැටික හයිඩ්‍රොකාබන් යනුවෙන් හැඳින් වෙන (polycyclic aromatic hydrocarbons = PAHs) විශාල අණු මගිනි. මෙම අණු මයික්‍රෝන 8.0 ආසන්නයේ තරංග ආයාමවලදී දිලිසුම් වෙන අයුරු පාර ජම්බුල තාරකා ආලෝකය මගින් සංක්ෂෝභ (excites) කෙරේ. රතු කලාප ඇතිවන්නේ ධූලි විමෝචනය හේතුවෙනි. විවිධ කහ සහ තැඹිලි පැහැයක් එන්නේ ධූලි සහ PAH මිශ්‍රනවලිනි.
ප්ලෙයාඩේස් පුරාවටම කුඩා කැටි වන සූත්‍රිකමය ව්‍යුහය වලා ඇඳිරිය පොදු බව පෙනී යයි. මෙම ව්‍යුහයේ ප්‍රභවය කිසිසේත්ම පැහැදිලි නැත. ප්ලෙයාඩේස් තරු පොකුරේ මිරෝප් තාරකාව ඇත්තේ, වලා ඇඳිරියෙහි වඩාත්ම ඝන සහ ධුලි හා වායු වලට අනුරූප වන ස්පිට්සර් අනුරූපයෙහි ප්‍රභාමත්ම කහ සහ තැඹිලි අතරේයි. මිරෝප් වටා ආලෝක වර්ෂ 15 ක කලාපයෙහි සමීපරූපයක් මගින් වඩාත් විස්තරාත්මකව සූත්‍රිකා හෙළිකෙරේ. නක්ෂත්‍ර ඒකක 400 ක් පමණ වන විභේදනයකින් අපට විස්තර දැක බලා ගත හැකිය. මෙයින් හැඟවෙන්නේ තාරකාව සමග නිහාරිකාවේ අන්තර් ක්‍රියාකාරිත්වයයි.
ප්‍රකාශ අනුරූප මිරොප් ආසන්නයේ ප්‍රභාමත් නොටයක් (knot = IC 349) පෙන්නුම් කරයි. එය පිහිටා ඇත්තේ තාරකාවට නක්ෂත්‍ර ඒකක 3,500 පමණ දකුණෙනි. නක්ෂත්‍ර ඒකක 10ක් පමණ විභේදනයකදී හබල් දුරේක්ෂය මගින් IC 349 අනුරූපනය කරනු ලැබ ඇත. අනුරූපනයෙහි මුදුනේ විසිරුණු තාරකා ලෝකයේ කිරණ ඇත්තේ ටෙලස්කෝප (දුරේක්ෂ) ප්‍රකාශ විද්‍යාත්මක කාරණා හේතුවෙනි. මෙකී කුඩා පරාවර්තන නිහාරිකාව පුදුම එළවන සුළු කුඩා පරිමාණ ව්‍යුහයක් පෙන්නුම් කරයි. කුඩා කැටිවන් එහි ප්‍රධාන වස්තුව ඉක්මව්‍මින් සිහින් දිග ආරෝහක හෙවත් අත් පහුර විහිදෙයි. විකිරණ පීඩනය මගින් වස්තුවක කුඩා කණිකාවන් මන්දගාමී කෙරේ. චිත්‍රයෙන් දැක්වෙන්නේ තරකාවට සාපේක්ෂව වලාව චලනය වන බවයි. අනෙකුත් ප්ලෙයාඩේස් තාරකා සහ පරාවර්තන වලා ඇඳිරිය හා සම්බන්ධිත වායු සඳහා ඩොප්ලර් ආචරණ මගින් වර්ණාවලීක්ෂානුකූලව මනින ලද ප්‍රවේගයන් හා IC 349 මිරෝප්ට සාපේක්ෂව දැනගන්නට ඇති චලනය සමානුයෝගී වේ. මෙය අපට කියන්නේ තරු පොකුර නිහාරිකාවට සාපේක්ෂව තත්පරයකට කිලෝමීටර් 11 ක වේගයෙන් චලනය වන බවයි. පොකුරෙහි චලනය සහ එහි වයස ගත් කළ එය ඡන්ම වලාවක් () නොවේ. ඇත්තටම, ප්ලෙයාඩේස් විසරණ වලාවක් හරහා ගමන් කරමින් සිටිනවා පමණකි.
ගැඹුරු, පුළුල් ක්ෂේත්‍ර දර්ශනයක් මගින් අනෙකුත් මලානික වලාවන් පෙන්නුම් කරයි. එය චලනය වෙද්දී එමගින් මේවායින් සමහරක් වසර මිලියනකට අඩු කාලයකදී ප්‍රභාමත් කිරීමට ඉඩ ඇත. වසර මිලියන සිය ගණන් ගතවෙමින් කල් යත්ම එහි බී තාරකාවන් ප්‍රධාන අනුක්‍රමයෙන් පරිණාමය වීමට ඉඩ තිබේ. මේ අනුව පරාවර්තන නිහාරිකාවේ විභවය හීන වනු ඇත.
තවද එවැනි කාලවකවානු තුළ එය ක්ෂිර පථය හරහා බොහෝ දුරක් ගමන් කරනු ඇත. සෑම වසර මිලියන 200කට වරක් එය ගැලැක්ෂීය ‘කක්ෂක්’ සම්පූර්ණ කරනු ඇත. එය වඩාත් ඝන වලාවන් සහ වෙනත් තාරකා සමග අන්තර් ක්‍රියා කරනු ඇත. කාලයාගේ අවෑමෙන් ගුරුත්වය මගින් තාරකා එකක් යන්නට එකක් ගලවා දමනු ඇත.
අපේ සූර්යයා, වසර බිලියන 46 කට පෙර බිහිවන්නට ඇත්තේ තාරකා පොකුරක සාමාජිකයෙකු ලෙසටය. ක්ෂිර පථය ගැලැක්සියේ මධ්‍යය වටා කක්ෂගතව එය දැන් තනිවම තත්ත්පරයකට කිලෝමීටර් 240 ක වේගයෙන් ගමන් කරයි. සූර්යයාගේ සහෝදර සහෝදරියන් බොහෝ කලකට පෙර පරිණාමය වන්නට හෝ විසිරීයන්නට(අපකිරණ වන්නට) හෝ ඇත.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි.