විදු නැන නුවණ – Science Literacy for All

රෝස් පදුරු තුළට යවන විදුලි පරිපථ

මලේ ‍බලේ (flower-power) ගැන කතා බහ කලක් ලොව ජනප්‍රියව පැවතුණි.  අද තතු ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන නොව මල් බල ගැන්වීමක් ගැනයි. ඒ හපන්කම කරමින් ඉන්නේ ස්විඩනයේ විද්‍යාඥයන් පිරිසකි. ඔවුන් රෝස ශාකයකට සුනම්‍ය විදුලි පරිපථ සවි කිරීමට සමත්ව ඇත. පසුව මෙම පරිපථ ක්‍රමය, ගොවීනට සිය බෝග වගාවන් ගැන දුරස්ථව සිටිමින් සොයාබැලීමට පමණක් නොව බෝග ‘පැසීම’ පාලනය කිරීමට පවා මග පෑදිය හැකි යයි පර්යේෂකයන් විශ්වාස කරති. මීටත් එහාට යතොත්  ගහකොළ, පදුරුවලින් බලශක්තිය ලබා ගැනීමටත් හැකියාව ලැබේ. ඒ ඒවා කපා දමා ඉන්ධන හැටියට යොදා ගැනීමෙන් නොව ශාකවල ප්‍රභාසංලේෂණ යාන්ත්‍රණයට කෙළින්ම සම්බන්ධ වීමෙනි.

සුනම්‍ය විද්‍යුත් මෙවලම් තනා ඇත්තේ නම්‍යශීලී ද්‍රව්‍යවලිනි. එහෙයින් ඒවාට පටක හා ගැලපීමේ හැකියාව ලැබෙන අතර ලෙඩ රෝග විනිශ්චයට සහ ඒවාට ප්‍රතිකාර කිරීමේ දී භාවිත කිරීමේ ප්‍රයත්නවලට එමගින් මුල පිරී ඇත. ඓන්ද්‍රීය ඉලෙක්ට්‍රොනික විද්‍යාව වෛද්‍ය උපකරණ ක්ශේත්‍රය තුළ ඉදිරියට ගොස් ඇතයි මැග්නස් බර්ග්‍රෙන් පවසයි. ඔහු ස්වීඩනයේ ලින්ෙකාපිංග් සරසවියේ ද්‍රව්‍ය විද්‍යාඥයෙකු හා  විදුලි ඉංජිනේරුවරයෙකු ද වෛද්‍ය උපකරණ සැකසීමේ ප්‍රධානියෙකුද වෙයි.

ශාක තුළ සිදුවන ජීව රසායනික ක්‍රියාදාමය සොයා බැලීම පිණිස ශාක අභ්‍යණ්තරයෙහි ඉලෙක්ට්‍රොනික සවි කිරීමේ හැකියාව ගැන සොයා බලන්නැයි මෙයට වසර 15 කට පමණ පෙර බර්ග්‍රෙන්ගේ ශාක ජීවිවද්‍යා සගයෙක් මෙයට වසර 15කට පෙර ඔහුගෙන් ඉල්ලීමක් කර තිබුණි. එවැන්නක් කළ හැකි නම්, උදාහරණයකට කීවොත්, ශාකයේ මල් හට ගන්නා කාලය පාලනය කළ හැකිවේ. මෙය කළ නොහැක්කක් ලෙස මුලින් බර්ග්‍රෙන් කල්පනා කළේය. ජීව විද්‍යාඥයන් ශාක තුළ ජීව රසායනාත්මක කාර්යයන් අසීමිත සංඛ්‍යාවක් පාලනය සඳහා වූ ප්‍රවේණි ඉංජිනේරුමය තාක්ෂණ ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටින බව ඇත්තකි. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදයේදීට වඩා විකරණය කළ ශාක ස්වීඩනයේදී අනුමත කරවා ගැනීම අපහසුය. එනිසා වසර දෙක තුනකට පෙර බර්ග්‍රෙන් හා සගයෝ ඉලෙක්ට්‍රෙනික ශාක ගැන නැවත සලකා බැලීමට තීරණය කළෝය.

ඔවුන්ගේ අදහස වුණේ ශාකයන් අභ්‍යන්තරයේ උපකරණ සවිකිරීමේ දී ශාකවල හැඩරුව මෙන්ම ශාකවල ජෛව විද්‍යාව සහාය කරගැනීමය. මෙසේ කිරීම පිණිස ඔවුන් අරමුණු කළේ ශාකයේ ශෛලමයේ (xylem දැව පටකය) ඇතුළත පොලිමර් පාදක ‘රැහැන්’ ඇසිරීමටය. ශෛලම යනු ශාකයේ කඳ දිගේ උඩට පත්‍ර දක්වා ජලය රැගෙන  යන නාලිකා හෙවත් නල වැනි මාර්ගයයි. විදුලිය සන්නායනය කරන පොලිමර් තැනුම් ඒකක ජලයේ දිය කර හැකි නම් ශාකය මගින්, පෙර කී නල මග ඔස්සේ පොලිමර් සහිත ජලය උඩට ගෙන යමින් රැහැන් ලෙස ඒවා ඒකට එකතු කරනු ඇතැයි ඔවුහු කල්පනා කළහ. එහෙත්, සියලුම පොලිමර් තැනුම් ඒකක කඳෙහි මුල කැටි ගැහීම හෝ රැහැන් ලෙස එකතු නොවීම නිසා ප්‍රයත්නය අසාර්ථක විය.

ZVapfwq

අවසානයේ ඔවුහු PEDOT-S:H නමැති ඓන්ද්‍රීය ඉලෙක්ට්‍රොනික තැනුම් ඒකකය අත්හදා බලන්නට තීරණය කළහ. කෙටි බාහු සහ සන්නායනමය ෙඑන්ද්‍රීය අණු කෙටි පූනරාවර්තන දාමයකින් මේ සැම තැනුම් ඒකකයක්ම සමන්විතය. මේවා ජලයේ  තැබූ විට රෝස ශාකයේ කඳ පහසුවෙන් ම ශෛලම නාලික ඔස්සේ උඩට අද ගත්තේය. මුල් මගින් ද මේ කාර්යය සිදු කරන නමුත් එය බෙහෙවින් මන්දගාමී විය. මේ කුඩා බාහු සෑම එකකම හයිඩ්‍රජන් පරමාණුවකට සම්බන්ධ ගෙන්දගම් අඩංගු කාණ්ඩවිය. ශාකය ඇතුළත දී නාලිකාවල රසායන ක්‍රියාවලිය මගින් කෙටි බාහුවෙන් හයිඩ්‍රජන් පරමාණු ඇද ගත් අතර මේ විපර්යාසය, ගෙන්දගම් කාණ්ඩ අසල්වැසි දාමයන්ගෙන් ගෙන්දගම් කාණ්ඩ එකට බැඳීමට බලපෑවේය. කෙටි පොලිමර් දාම ඉක්මනින්ම එකට එකතුවීමක් සෙන්ටිමීටර් 10 ක් තරම් දිග අඛණ්ඩ රැහැන් සෑදිණ. අනතුරුව පර්යේෂකයන් ඒවායේ දෙකොනට ඉලෙක්ට්‍රෝනික ඒෂණ(probes) තබා බැලූ විට පෙනී ගියේ ඒවා දිගටම විදුලිය සන්නයනය කරන විදුලි රැහැන් බවට පරිවර්තනය වී ඇති බවයි. අනතුරුව පර්යේෂණ කාණ්ඩයම රෝස ශාකයේ කඳට උපනාහ(patches) සවි කළේ රැහැනක ධාරාව ඇරීමට හා වැහීමට (on and off) ට්‍රාන්ස්සිස්ටර් නිර්මාණය කිරීම සඳහාය.

මේ ක්‍රියාදාමය ගැන පැහැදීමක් ඇතත්, නව සොයා ගැනීමේ ප්‍රායෝගික ප්‍රයෝජන ගැන ඇතැම් විද්‍යාඥයෝ  ප්‍රශ්න කරති. ඊට පිළිතුරු වශයෙන් බර්ග්‍රෙන් කියා සිටින්නේ තමාද ඒ ගැන සෙවීම දැන් ආරම්භ කළා පමණක් බවයි.  ‍ ක්ෂේත‍්‍රයක ඇති ශාක කිහිපයක තුළ ගැබ් කිරීමෙන් මල් හට ගැනීමේ හෝ ශාකයේ වෙනත් විපර්යාසයක් ඇතිවීමේ ක්‍රියාදාමයට මුල පුරන හෝමෝන මුදා හැරිය යුත්තේ කොයි වේලාවේද යන්න සොයා ගැනීමට හැකිවීමට ඉඩ තිබෙන බව බර්ග්‍රෙන් පවසයි. ජලය හා පොහොර යෙදිය යුතු වකවානු වඩාත් හොඳින් තීන්දු කිරීමට වගාකරුවන්ට මෙය උදව්වක් විය හැකිය. ඉදිරියේ දී ඇති විය හැකි අයහපත් කාල ගුණය හමුවේ මල් හටගැනීම ඉක්මන් කිරීමට හෝ පමා කිරීමට ෙමන්ම ආරක්ෂාව පතා දුර අනාගතයේදී  මෙම තාක්ෂණය යොදා ගනිමින් ශාකයේ ප්‍රභාසංස්ලේෂණය කෙළින්ම විදුලිබලය ජනනය කිරීම සඳහා භාවිතා කළ හැකි වෙතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී. එවිට ශාක  විනාශ නොකර සූර්ය බලය යොදා ගනිමින් ශක්තිය නිපදවීමට හැකිවෙනු ඇත.

 

AAAS SCIENCE හි In electrifying advance, researchers create circuit within living plants ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: