ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ වත්මන් දරු පරපුර විනාශයට පත්කරනවා ද?
ඔිනෑම නව තාක්ෂණයක් කෙළින්ම ගර්හාවට ලක් කරන පිරිසක් හැම සමාජයකම සිටින නිසා ඔවුන් ගෙන් ඔය ප්රශ්නය ඇහුවොත් මෙහෙම කියාවි ‘‘මේ අළුත්, අළුත් ගැජට් ඇවිල්ලා අපේ මනස අවුල්කරලා දානවා. ඔවායින් වෙන්නේ අපේ ළමයි විනාශවෙන එක විතරයි‘‘. මේ කතාවම වුණත් අළුත් එකක් නෙවෙයි. සෑම පැරණි පරපුරක්ම ඊළග පරපුර ගැන කතාකරන්නේ නොකමැත්තෙන්, අප්‍රසාදයෙන්. ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවය. හැම පරපුරක්ම එහෙමයි. පේන්න තියෙන හැටියට නම් ඩිජිටල් මෙවලම් අපේ තරුණ පරපුර විනාශ කර දානවා. හරියට බටහිර රොක් සංගීතය මේ තරුණ පිරිසගේ දෙමාපියන විනාශ කර දැම්මා වාගෙයි. හරියට රේඩියෝව ඒ අයගේ දෙමාපියන් විනාශ කර දැම්මා වාගෙයි. හරියට මෝටර් රථ ඒ අයගේ දෙමාපියන් විනාශ කර දැම්මා වාගෙයි. ඒ විදිහට බලාගෙන ගියහම හැම පරපුරක්ම විනාශයට පත්වෙච්ච අයයි.
ඉතින් නව තාක්ෂණය වත්මන් දරු පරපුර විනාශයට පත්කරනවා ද? යන්නට විද්‍යාව කියන්නේ මොකක්ද? උත්තරේ කොටසක් රඳා පවතින්නේ විනාශය යන්නට දෙන අර්ථ නිරූපණය මතයි. පෙර දා මෙන් ගෙමිදුලට, පිට්ටනියට බැස සෙල්ලම් කරනු වෙනුවට ළමයි දැන් යොමුවෙන්නේ ඩිජිටල් ගේම්ස් වලටලූ. චක්කරේ කට පාඩම් කරන්නේ නැුතිව කැල්තුලෙටර් භාවිත කරනවලූ. රජවරුන්ගේ නම් ග, දින වකවානු, ආවර්තිතා වගුව මතකයේ තියාගන්නේ නැතුව ගූගල් කර බලනවාලූ. පුරණ කාලේ ළමුන්ට තිබූ ඇතැම් කුශලතා ද හැලීලා ගොහින්ලූ. ෆවුන්ටන් පෑන්, කාබන් කොළ භාවිතය දන්නේම නැතිලූ. විනාශය හැටියට අර්ථ නිරූපණය කරන්නේ ඔය විදිහට අන්දමට තමයි. ඒත් මෙය විනාශයක්ද පෙර තිබූ තත්ත්වයට වඩා වෙනසක්ද?
වෙනසක් සිදුවී ඇති බව සත්‍යයකි. අළුත් මෙවලම්, උපකරණ හඳුන්වා දෙනු ලැබ ඇති අතර ඒවා හරහා භාවිතයන් පමණක් නොව ඇතැම්විට චර්යාවන් පවා වෙනස් වී ඇත. ඒ වෙනස මගින් ඇත්තටම විනාශයක් සිදු කරනු ලැබ ඇත්ද? වර්තමාන තරුණ පරපුර විනාශ මුඛයට පත්වීමත් ස්පර්ශ තිර, ටැබ්ලට්, අයි පෑඞ්, බුහුටි දුරකතන(smart phones) ආදී නූතන ‘ගැජට්‘ භාවිතයත් සම්බන්ධ කරන පර්යේෂණ හොයා ගැනිමට අපහසුය. මන්ද ස්පර්ශ තිර යුගය තවමත් කරුණ නිසාවෙනි. නිදසුනක් හැටියට දක්වතොත් 2010 වනතුරු අයිපෑඞ්(iPad) එකක් දැක නොතිබූ තරම්ය. විධිමත් පර්යේෂණ සිදුකිරීමට වෙලාව ගතවෙයි.
කෙසේ වෙතත්, එක විට සැම තැන ඇති හෙවත් සර්වත්රවර්තී S(ubiquitous) බවට පත්ව ඇති ගැජට් කුඩා දරුවන්ට බලපාන්නේ කෙෙසේද යන්න ගැන කලින් සිදු කළ ඇතැම් පර්යේෂණ වලින් යම් අදහසත් ගෙන ඒමට සමත්. පසුගිය පෙබරවාරියේ Pediatrics සගරාවේ පළවූ එක් අධ්‍යයනයකින් කියැවෙන්නේ රූපවාහිනී ආසන්නයේ නින්දට යන දරුවන් එසේ නොමැතිව නින්දට යන දරුවන්ට වඩා විනාඩි 21ක් අඩුවෙන් නින්ද ලබන බවයි. හේතුව වශයෙන් පර්යේෂකයන් දක්වන්නේ නවීන ගැජට් පාවිච්චි කරමින් දරුවන් නිදවැරීම හෝ රූපවාහනියේ තිරයෙන් නිකුත්වන එළිය නිසා රිද්මයානුතූල ජෛවමය නිද්‍රා චක්‍රයෙහි(circadian rythem):ජසරජ්ාස්බ රහඑයැප* පමාවන් විය හැකි බවයි.
ලොස් ඇනජලීස් නුවර කැලිෆෝනියා සරසවිය සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කලේ ඉලෙක්ට්‍රොනික් මෙවලම් නොමතිව දින පහක් එළමහනේ කඳවුරක ගත කළ 5වැනි ශ්‍රෙනියේ සිසුන් එසේ නොමැතිව ගතකළ සිසුන්ට වඩා ඡුායාරූපවලින මිනිස් හැගීම් හඳුනාගැනීමේ දි දස්කම් දැක්වූ බවයි. 2009 දී ස්ටැන්ෆර්ඞ් සරසවිය මගින් සුදු කළ පර්යේෂණයකට අනුව ටැබ්ලට් පරගණක, ජංගම දුරකතන බාවිතයට ඇබ්බැහිවු ගැටවර පිරිසගේ අවධනය රඳවා ගැනීමේ හැකියාවන් අඩුවී ඇති බව පෙන්නුම් කළා.
මෙහෙම බලන විට නවීන ඉලෙක්ට්‍රොනික් සංස්කෘතියට ගැරහීමෙහි වරදක් නැතිබවක් දැනෙන්නට පුළුවන් වගේ නේද? මදක් ඉන්න. මෙතෙක් සිදු කළ හැම අධ්‍යයනයකින්ම කියැවෙන්නේ ඔය වගේ කතාම නොවෙයි. 2012 දී Common Sense Media කණ්ඩායම සුදු කළ පර්යේෂණයක් අනුව ගැටවරවියේ පසුවන ඇමරිකානුවන්ගෙන් අඩකට වැඩියෙන් ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය මිත්‍ර සබඳතා පවත්වාගෙන යාමට උදව්වන බවයි. :අවාසියක් බව දක්වා ඇත්තේ සියයට 4කි). 2014 දී එක්සත් රාජධානියේ ජාතික සාක්ෂරතා භාරය (National Literacy Trust )මගින් සොයා ගනු ලැබුවේ නිවසේ ස්පර්ශ තිර සහිත උපකරණ ඇති දුප්පත් පවුල්වල ළමුන් අන් අයට වඩා දිනපතා කියවිමට යොමුවන බවයි. තවද, Computers in Human Behavior හි පළවු වාර්තවක් අනුව දැක්වුණේටෙක්ට්ස් පණිවුඩ යැවීමට පුරුදුවිම චිත්තවේගී යහපැවැත්මට හේතුවන බවයි.
පැහැදිලිවම දකින්නට තිබෙන්නේ ගැඹුරු එමෙන්ම පුළුල් පර්යේෂණ තව තවත් අවශ්‍ය බවයි. එසේ නොමැතිව තම දරුවා අත නිබෙන ජංගම දුරකතනය කෑලි කෑලි කැඞී යන විදිහට පොළවේ ගැසීමට තරම් අවශ්‍යතාවක් අධ්‍යයනවලින් නම් පෙන්නුම් කරන්නේ නැහැ. අන් බොහො කරණා වල දී වගේම මෙතැනදීත් වැදගත් වන්නේ මැදිහත්ව සිතන්නට පෙළඹීීමයි.
Scientific American සගරාවෙහි The Touch Screen Generation යන ලිපිය ඇසුරෙනි