විදු නැන නුවණ – Science Literacy for All

අපේ අහර රුචිය(appetite) පාලනය කරන්නේ බඩවැල් බැක්ටීරියා ද?

හොඳට බඩපිරෙන්න කාපු වෙලාවට ‘දැන් නම් කෑවා ඇති’ කියනවා වගේ ‍තමන්ටම ඇහෙනවා දැනෙනවාද? බඩජාරිකමට කනවා කියලා කවුරුත් හිතයි කියන ලැජ්ජාවට එහෙම දැනෙනවා විය හැකිද? ඒත් ඒ සිතුවිල්ලට මුල් පිරෙන්නේ තමන්ගේ කුස තුළ සිටින බැක්ටීරියා ගොන්නෙන් විය හැකියි. මීයන් සහ බටු මීයන් යොදා කරන ලද අත්හදා බැලීම්වලින් හැඟී යන්නේ ක්ෂුද්‍ර ජෛව දර්ශයේ (microbiome) කොටසක් ලෙස බඩවැල් තුළ ඉන්නා එක්තරා ක්ෂුද්‍ර ජීවීන් සිය ඉලක්කය සපුරා ගැනීමට ළංවූ විට මොළයට දන්වන ක්‍රමයක්  ඇති බවයි. එම ක්ෂුද්‍ර ජීවීන්ගේ ඉලක්කය ‍තමයි තම වර්ගය තවත් බිලියනයක් බිහි කිරීම.  මොවුන් දරා සිටින්නාට අහර රුචිය ඇති හෝ නැති කිරීමට මෙම සංඥා සමත්වන බවක් පෙනී යයි. අහර රුචියට අදාළ භෞතවේදය සම්බන්ධනේ ක්ෂුද්‍ර ජිවීන් ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකෙරෙන බවට ඇති අතිවිශාල සාක්ෂි ප්‍රමාණය මත මෙම අධ්‍යයනයේ සොයා ගැනී‍ම්ද පදනම් වී ඇත. අධ්‍යයනයේ ප්‍රථිඵල ආහාර ගැනීමේ රෝගාබාධ සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රයෝජනවත් වනු ඇත.

gut_bacteria”බඩ පිරෙන්න කෑවහම අපේ බඩවැල් ඇදීම නිසා මෙම සංඥා එන බවයි අප බොහෝ දෙනා කල්පනා කරන්නේ. එහෙම නැතුව බඩ ඇතුලේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් එවැනි සංඥා ඒවතැයි අපි කිසිදිනක කල්පනා කළේ නැහැ. ඒත් නව අධ්‍යයනයෙන් එහෙම වෙන බවට සාක්ෂි ලැබෙනවා” යනුවෙන් නි‍ව්යෝක් සරසවියේ මානව ක්ෂුද්‍රබියෝම වැඩසටහනේ අධ්‍යක්ෂ මාටින් බ්ලේසර් කියා සිටියි.

මයික්‍රො බියෝම (ක්ෂුද්‍ර බියෝම) ඒවා දරා සිටින ධාරකයන්ගේ(hosts) හැඟීම් සහ වර්යා කෙරෙහි විවිධාකාරයෙන් බලපාන අන්දම ගැන විද්‍යාඥයෝ මෑතක සොයා බලමින් සිටිති. එහි බලපෑම අහර රුචිය කෙරෙහි බලපාන ආකාරය ගැන පරීක්ෂා කිරීම පිණිස විද්‍යාඥයෝ බඩවැල්වල සුලබව දක්නට ඇති Escherichia coli (E coli) මගින් නිපදවනු ලබන ප්‍රෝටීන ගැන සොයා බැලූහ. භෝජනයෙන්(කෑම ගැනීමෙන්) සහ සිය වර්ගයා බෝකිරීමෙන් විනාඩි 20 කට පමණ පසුව E coli ප්‍රෝටීන එක කාණ්ඩයක් පොම්ප කර ඉවත්කිරීමෙන් පසුව වෙනත් ප්‍රෝටීන කාණ්ඩයක් පොම්ප කිරිම අරඹන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. ඒ අනුව කෑමෙන් පසුව නිකුත් කරන එම ප්‍රෝටීනයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් මීයන් සහ බටු මීයන් වෙත ඉතා කුඩා මාත්‍රා (doses) වශයෙන් පර්යේෂක කණ්ඩායම මීයන්ට හා බටු මීයන්ට එන්නත් කලහ. කලින් බඩ පිරෙන්නට ආහාර ගෙන තිබුණේ ද කුසගින්නේ සිටින්නේද යන්න නොතකා එම මීයන් හා බටු මීයන් කෑම ගැනීම අඩු කළ බව පෙනී ගියේය. තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ මීයන්ට බඩ පිරුණු බව හැගීයාම පිණිස සංඥා නිපදවීම සඳහා  E coli මෙම අණුක ගමන් මග පැහැර ගත්තා විය හැකි බවයි. එසේ කිරීම බාගදා බැක්ටිරියාව සිය ගහණය ස්වයං පාලනයකට ලක් කිරීමේ මගක් විය හැකියි. වැඩිදුරටත් සිදු කළ විශ්ලේෂණ මගින් පෙනී ගියේ එක් ප්‍රෝටීනයක් සංතෘප්ත බාවයට(satiety) අදාළ හෝමෝනයක් මුදා හැරීම උත්තේජනය කළ බවයි. මීයන්ගේ රුධිර ධාරාවේ තිබූ හමු වූ වෙනත් රසායනයක් බඩගින්න අඩුකරන මොළයේ නියුරෝනවල ක්‍රියාකාරීත්වය වැඩි කරන බවත් පෙනී ගියේය.

gut_bacteria (1)

අධ්‍යයන බොහොමයකින් හඟවන්නේ ‘තවත් ටිකක් අරගෙන කන්න, හෝ කෑවා හොඳටම ඇති දැන්’ යනුවෙන් අපේ මොළයට දැනුම් දෙන හෝමෝන අපේ බඩවැල්වලදී නිපදවෙන බවයි. නව අධ්‍යයනය අනාගත පර්යේෂණයන් සඳහා මග හෙළි කරන්නක් බව පර්යේෂකයන්ගේ අදහසයි. අප දැනට සිදු කරන අන්දමට කෑම ගන්නේ මන්ද යන්න ගැන දැනට වඩා හොඳ  අවබෝධයක් ලබා ගැනීමට විද්‍යාඥයන්ට එය උපකාරී විය හැකිය. ආහාර ගැනීමේ අවුලට මුල පුරන රසායනික ක්‍රියාදාමයන්ද ඊට ඇතුළත්ය. නිදසුනක් ගතහොත් කන වේල් අතර වැඩි ඉඩක් නොමැතිව දවස පුරාම වාගේ සමහරු ආහාර ගන්නේ පෙර කී  මාලිදියේ සංස්තෘප්ත බාවය කියා පාන සංඥා සිරුරට නොලැබෙන නිසා විය හැකියයි ඔවුහු පෙන්වා දෙති. සමහරු නිරතුරුව ආහාර ගන්නේ මන්දැයි අවබෝධ කර ගැනීමට එය උපකාරි වනු ඇත. ‍තවද, අපි අපේ බඩවැල් තුළ තබාගෙන සිටින ට්‍රිලියන ගණන් ක්ෂුද්‍ර ජීවීන් මෙතෙක් අප දැක නැති ආකාරවලින් අපේ ශරීර සහ මනස කෙරෙහි බලපෑමට ඇති ඉඩකඩ පර්යේෂණ ප්‍රතිඵලවලින් කියැවේ.” මෙහිදී පෙනී ගියේ බැක්ටීරියා මගින් නිපදවන ප්‍රෝටීනයක් මොළයේ නියුරෝන උත්තේජනයෙන් අහර රුචිය නිෂේධනය කරන ආකාරයයි. ඒ වුණාට අනෙකුත් බැක්ටිරියා බඩගින්න කෙරෙහි කරන බලපෑම පමණක් නොව වෙනත් මාදිලියේ බලපෑම් ද කළ හැකි බව අපට සිතා ගත හැකිය”යි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී රුවෙන් සරසවියේ සර්ගුයි ෆෙටිසෝව් ප්‍රකාශ කරයි.

Scientific American හි  Your Gut Bacteria May Be Controlling Your Appetite ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: