සැමට විදු නැන නුවණ – Science Literacy for All

කාලයේ වැලිතලාවේ පා සටහන් : ෆොසිල

ශාක හා සත්වයන්ගේ ෆොසිල සටහන් ඉතිහාසය පුරාවට මිනිස් සිත් මෝහනයට කිරීමට සමත්ව තිබේ. ඒවා අද්භූත විශ්වාසයන් බොහොමයක මූලයන් බවට පත්ව ඇත. ලොව පුරා බොහෝ සංස්කෘතීන් තුළ ෆොසිල ආශ්‍රිත විවිධාකාර වූ කයි කතාන්දර, ජනශ්‍රැති දැක ගත හැකියි. අනෙක් අතට අතිශය විවිධාකාර වූ ෆොසිල සම්භාරය ඈත අතීතය පිළිබඳ ස්පෘශ්‍ය, ප්‍රත්‍යක්ෂ වාර්තාවක් අපට සපයයි. භූ විද්‍යාත්මක කාලය (geologic time)  ආරම්භයේම පටන් මේ මහා පොළොව නිවහන කරගත් ඇතැම් ජීව ස්වරූප පිළිබඳ උනන්දුව කුප්පන සුළු සාක්ෂි ඉදිරිපත් කරයි. කුඩා ටි්‍රලොබයිට් සන්ධිපාදිකයා (trilobite) සිට අති දැවැන්ත මැමතා (mammoth) දක්වා වූ විවිධ ප්‍රමාණ විවිධ ස්වරූපවලින් මෙම ෆොසිලඅපට හමුවේ. ආදී කාලීන ලෝකයේ ජීවය ගැන මේ නිසල නිදසුන් කියන කතාව කුමක්ද?

trackways_iconbigඇත්තටම ඒවායින් අපට කතා ගණනාවක් මතු කර ගත හැකියි. ඒ ෆොසිල වාර්තා විශ්ලේෂණයෙනි. ඇත්තටම ෆොසිල යනු මොනවාද? ඊට කෙටි පිළිතුරක් ලෙස කිව හැක්කේ, ෆොසිල යනු භූවිද්‍යාත්මක අතීතයේ ඕනෑම ජීවී වස්තුවකින් ශේෂ වූ දේ හෝ සාක්ෂිය. භූ විද්‍යාත්මක කාලය පුරාවට පරිණාමය වූ ජීවින් පිළිබඳ වාර්තාවක් ඒවායින් සැපයේ. එහෙත්, ලොව පුරා පාෂාණවල ෆොසිල මිලියන ගණන් සොයා ගෙන ඇතත් ඒවායින් නියෝජනය වන්නේ මේලෝකයේ ජීවය ආරම්භ වූ ගැන සිට පැවති විවිධාකාර වූ අනේක වූ සත්ව හා ශාක ස්වරූප කිහිපයක් පමණි.

සාමාන්‍යයෙන් ෆොසිල හැටියට සංරක්ෂණය වන්නේ, අස්ථි, දත්, කටුව (කබොල්ල) හෝ කෘෂ්ඨය (wood) වැනි සත්ව හෝ ශාක කොටස්ය. දිරීම වැළකීම පිණිස ජීවියා ඉක්මනින්ම වැළලී යා යුතුයි. ඉන් අනතුරුවද, ෆොසිල බවට පත්වීමේ ක්‍රියාදාමයට අවශ්‍ය වසර දහස් ගණනක දිගු කාලය තුළ ඒවා බාධාවකින් තොරව සුරක්ෂිතව තිබිය යුතු වේ. මෙකී අවශ්‍යතාවන් දෙක නිසා ෆොසිල හැටියට මේතාක් කාලයකට සුරක්ෂිතව ඇත්තේ සත්ව හා ශාක සුළු ප්‍රමාණයකි. මේ අනුව මෙතෙක් වෙනස් ලොව පහළ වූ සියලු සත්ව හා ශාක ජීවීන් ගැන පරිපූර්ණ ෆොසිල වාර්තාවක් පවත්වන්නේ නැති නමුත් තමන් සතුව ඇති ෆොසිල උපයෝගී කරගෙන පෘථිවියේ භූවිද්‍යාත්මක ඉතිහාසය යළි ගොඩ නැගීමට විද්‍යාඥයෝ සමත් වෙති.

ෆොසිල සෑදෙන්නේ කෙලෙසද? පොදුවේ ෆොසිල වාර්තා වර්ග දෙකකි.

  1. වෙනස් නොවූ අව ශේෂයන් : ඉතා දුර්ලභ අවස්ථාවලදී සම්පූර්ණ සත්වයෙකු හෝ ශාකයක් හෝ එසේ නැතිනම් (මෘදු පටක ඇතුළුව) සත්ව හෝ ශාක විවිධ කොටස් සමහරක් අධික ශීතල, රසායනික, ක්‍රියාකාරීත්වය හෝ අධික වියළි බව හේතුකොට ගෙන හානි නොවී එලෙසම ආරක්ෂා වී තිබිය හැකිය.
  2. වෙනස් වූ අවශේෂයන් : බෙහෝ ෆොසිල වැටෙන්නේ මෙම ඝනයටයි. ඊට හේතුව සත්ව හා ශාක අතිවිශාල බහුතරය කිසියම් ආකාරයකින් ජීවය නිරුද්ධවීමෙන් පසුව වෙනස් වී යන බැවිනි. එකී වෙනස්කම් මතු දැක්වෙන ආකාරයෙන් සිදු විය හැකිය.

නිත්‍ය ඛනිජ භවනය(PERMINERALIZATION)  : අස්ථි, කටුව හෝ කෘෂ්ඨයෙහි සවිවර ද්‍රව්‍ය අර්ධ වශයෙන් නිදර්ශක පදාර්ථයේ සියුම් සිදුරු තුළට ඛනිජ පිරුණු ජලය කාන්දුවීමත් සමගම මෙම ක්‍රියාදාමය ඇරඹෙයි. එවිට ඇතිවන්නේ මුල් ආකෘතියට වඩා බර එහෙත් සාමාන්‍යයෙන් වෙනත් ආකාරයකින් නොවෙනස් ගල්වූ ෆොසිලයකි.

ප්‍රතිස්ඨාපනය(REPLACEMENT) : ඇතුළට කාවැදීම දිගු කාලයක් මුළුල්ලේ වඩාත් සෙමින් සිදුවන විට මුල් ආකෘතියේ තද කොටස් සම්පූර්ණයෙන් දියවී පසුව ඛනිජ ද්‍රව්‍යවලින් ප්‍රතිෂ්ඨාපනය වේ.

අංගාරකරණය (කාබන්කරණය CARBONIZATION) : මෘද්‍ර ශරීර සත්වයින් හා ශාකවල පත්‍ර හා කඳන් වියෝජයනයේදී වාෂ්පශීලි රසායන ඉවත් වූවාට පසුව තුනී කාබන් පටලයක් පමණක් ඉතිරි කරමින් සියුමැලි කාබන් සිවියක් බවට පත්විය හැකිය.

පා සටහන් සහ ඇඳුන මං (TRACKS AND TRAILS) : දැනට වඳවී ගොස් ඇති සත්වයින්ගේ සංචරණය, විවේක ගැනීම, ආහාර ගැනීම, බහිස්ස්‍රාවය සහ සංසර්ගයෙහි යෙදීම යන ක්‍රියාකාරකම්වල සටහන් මෙයට ඇතුළත්ය. මේ සටහන් සුරක්ෂිතව පැවතීමට නම් එවා අවසාදිත අලුත් ස්ථරයකින් වැසී යා යුතුය. විනාශය වැළකෙන්නේ එවිටයි.

අච්චු සහ වාත්තු(MOLDS AND CASTS)  : අච්චු සහ වාත්තු ස්වාභාවිකව එකවර සිදුවිය හැකිය. ශාක යන හෝ සත්වයෙකුගේ කොටසක් හෝ සියල්ලම අවට පස් හෝ මැටිවලට තද වූ විට අච්චුවක් සෑදෙන අතර එය පසුව පාෂාණ ලෙස ඝන වේ. මෙකී හස්එබීම(imprint) අච්චුවක් ලෙස දැක්වේ. සමහර අවස්ථාවල දිය වූ ඛනිජ අච්චුවෙහි පිරී පසුව ඝන වේ. ඉන් මුල් හස්එබුමේ ප්‍රතිකෘතියක් සෑදෙයි. එවැනි ප්‍රතිකෘති හැඳින්වෙන්නේ වාත්තු ලෙසටය.

ෆොසිල අපට වැදගත්වන්නේ ඇයි?

ෆොසිල අධ්‍යයනය කිරීමෙන් මෙහා කාලය නිර්ණය කිරීමෙන් අද සිටින භූ විද්‍යාඥයන්ට, preserve2පුරාවිද්‍යාඥයන්ට, පෘතිවියේ භූ විද්‍යාත්මක ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම පිණිස වටිනා තොරතුරු ලබා ගැනීමට හැකිවේ. එමෙන්ම, ෆොසිල අධ්‍යයනයෙන් හා පරීක්ෂාවෙන් ඇතැම් සුවිශේෂී සත්ව හා ශාක විශේෂ නෂ්ට ප්‍රාප්තවීම පාදක වූ කාලගුණික විපර්යාස මෙන්ම භූමි හා ජල රටා වැනි ආදිතම පාරිසරික තත්ත්වයන් පැහැදිලි කිරීමට අවැසි තොරතුරු රැස්කර ගත හැකිවේ. ඇතැම් ෆොසිල ආර්ථික වශයෙන්ද වැදගත්ය. ෆොසිල බවට පත්වූ පුරාතණ සත්ව හා ශාක අවශේෂයන් හෝ ලබාගත හැකි නව ප්‍රයෝජන නිරතුරුව සොයා ගැනේ. තීන්ත, සපත්තු පොලිෂ්, ප්ලාස්ටික්, විලවුන් ඇතැම් ආහාර හා ඖෂධ වැනි එදිනෙදා ජීවිතයට අවශ්‍ය ද්‍රව්‍ය ඒ අතර වේ. තවද, ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ෆොසිල ඉන්ධන ලෙස හඳුන්වන වැදගත් ශක්ති මූලයන්වේ.

Smithsonian Institution, Office of Elementary and Secondary Education හි      Fossils: Footprints Across Time ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: