ආගන්තුක යමක් සිරුරට ඇතුලුවීම වැළැක්විමට මෙන්ම එ වැනි යමක් ඇතුලු වූවිට ඊට එරෙහිව සටන් වැදීමට ඉදිරි පත් වන සිරුරේ පොලීසිය අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය(immune system) බව අපි කවුරුත් පාහේ දන්නෙමු. නොයෙකුත් ක්ෂුද්‍ර ජීවීන් අපේ සිරුරුවලට ඇතුලු වී කරන අණවිණ බැහර කර ලෙඩ රෝග ආදියෙන් ආරක්ෂා කරන්නේ මෙම පොලීසිය හෙවත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. එහෙත් මේ ආරක්ෂකයාම වැරදීමක් නිසා හෝ සිරුරට හානි පමුණුවන්නේ නම් ඒ අමාරුව කාට කියම් ද?
අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අතිශය ප්රබලය. එ නිසාම නිසි ලෙස කාර්යය කිරීමට එය අපොහොසත් වුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ම ප්‍රබල හානියක් සිදු කළ හැකිය. ඕනෑවට වඩා උනන්දු එහෙම නැතිනම් අතිශය උද්යෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක ප්‍රතිපලය තමයි, අසාත්මිකතා. රේණු පරාග වැනි සාෙප්ක්ෂව විෂ නොවූ සුපද්රව(benign) ද්‍රව්‍යයකට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන්නේ රෝග කාරකයක් (pathogen) පිටු දැකිමට දක්වන දැඩි පියවර මුදා හරිමිනි. එක් අන්තයකින් බලතොත් අසාත්මිකතා මගින් අසංරක්ෂිත ප්‍රහාරය(anaphylactic shock) ඇති කළ හැකිය. ඇතැම්විට හුස්ම ගැනීමේ අපහසුතා සහ සිහි නැතිවීම ද එක්ව රුධිර පීඩනය මාරාන්තිකව පහත වැටීමේ හැකියාව අසංරක්ෂිත ප්‍රහාරයට ඇත.
රුමැටොයිඩ පර්වදාහය(rheumatoid arthritis) වැනි සිරුර තුළ ස්වභාවික ව පවතින ද්‍රව්‍යවලට එරෙහි ව නිපදවන ප්‍රතිදේහ හෝ වසා සෛල නිසා ඇති වන රෝග හා බැඳුණු ස්වයංප්‍රතිශක්ති රෝගාබාධ වලදී සිරුරේම සෛල හඳුුනාගැනීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපොහොසත් වන අතර ඒවාට පහර දීමට පටන් ගනී. අසාත්මිකතා ප්‍රතිචාරයක දී එතරම් හානිදායක නොවන ව්යාධිජනකයක් ඉවත් කිරීමට සිරුර කිවිසීමට පෙළඹවිය හැකියි. රුමැටොයිඩ පර්වදාහයේ දී ප්‍රතිශක්තිකරණ පද්ධතිය සන්ධි ආස්තරයට(joint lining) පහර දෙයි. සිරුරේ ආරක්ෂකයාගෙන්ම මෙලෙස අඩුපාඩු සිදුවුවත් අපව ලෙඩ රෝගාබාධවලින් ආරක්ෂා කිරීමටඅපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉටු තරන ෙස්වය කිසිසේත් අඩුවෙන් තක්සේරු කළ නොහැකියි.
HOW IT WORKS, amazing Biology හි Disorders of the Immune System ලිපිය ඇසුරෙනි