ඊටා කැරීනා තරුව

Posted by

ක්ෂිර පථය ගැලැක්සියේ පරිණාමය වූ අතිදැවැන්ත තාරකා අතරින් එකක් වන ඊටා කැරීනා අපගේ ඊළඟ අධිනවතාරාව (supernova) වීමට ඉඩ ඇති තාරකා අතරේ ඉදිරියෙන්ම සිටින සුදුසුකම් ලාභියෙකි. එය දීප්ත නීල විචල්‍ය (luminous blue variable – LBV) තාරකාවක් වෙනුවෙන් සැපයිය හැකි මූලාකෘතික (prototypical) නිදසුනකි. එවැනි නීල සුපිරි යෝධයන් සුවිශාල, දැවැන්ත හා දීප්තිමත්වනවා පමණක් නොව ඒවා අධිනවතාරාවක් අනුකරණයට ප්‍රමාණවත් පමණට අන්තයකට ගිය ප්‍රභාවෙහි කැපීපෙනෙන වෙනස්කම්වලට භාජනය විය හැකිය.

දීප්ත නීල විචල්‍ය (luminous blue variable – LBV) තාරකා විරලය. සමස්ත ක්ෂීර පථය ගැලැක්සියේම ඇතැයි සැලකෙන්නේ එවැනි තාරකා 20ක් පමණය. ඒ අතුරෙන් පිස්තෝල තාරකාව (Pistol Star) ගැලැක්සියේ කේන්ද්‍රය ආසන්නයේ පිහිටා ඇති දීප්ත නීල විචල්‍ය තාරකාවකි. අධෝරක්තයට ආසන්න හබල් අනුරූපයකින් එහි ව්‍යාප්තවන වායු කබොල්ල හෙළිවෙයි. මෙයින් දැක්වෙන්නේ වසර 4,000ක් සහ 6,000ක් එපිට සිදුවූ දැවැන්ත විදාරණයි. මේ සිද්ධිවලදී පිස්තෝල තාරකාව එහි සූර්යයන් 100ක තරම් වූ එහි ස්කන්ධයෙන් 10ක් ම අහිමි කර ගත්තේය.

eta 2

ඊට කැරීනා විශාලත්වය ගැන යම් සාක්ෂියක් ප්‍රථමයෙන්ම ලැබුණේ පෘථිවියෙහි සිට 1945 දී ගන්නා ලද අනුරූපයකිනි. අනතුරුව ගෙවී ගිය කාලය තුළ වරින් වර ගනු ලැබූ අනුරූප මගින් ඊටා කැරීනා හා සම්බන්ධ කුරුමිටි නිහාරිකාවේ ව්‍යාප්තවීමක් පෙන්නුම් කළේය. හබල් දුරේක්ෂය අභ්‍යවකාශ ගත කළ අවස්ථාවේ එහි ප්‍රධාන අරමුණක් වූයේ මෙකී නිහාරිකාව වඩා සවිස්තරාත්මකව අනුරූපණය කිරීමයි. හබල් දුරේක්ෂයෙන්, චාප තත්පරයකින් 0.05 පමණ පරිමාණයක් තරම් අඩු ප්‍රමාණයක විභේදනවලින් නිරීක්ෂණ සිදු කළ හැකිය. මෙම විභේදනයේදී ඊටා කැරීනා වටකොට ගෙන ඇති, ව්‍යාප්ත වෙමින් පවතින වායු හා ධුලි ද්විධ්‍රැවීය පිණ්ඩ පෙන්නුම් කරයි.

ආලෝක වර්ෂ 7,500ක් අතරින් පිහිටි ඊටා කැරීනා පිස්තෝල තාරකාවට වඩා පෘථිවියට ආසන්නය. එමෙන්ම ධූලි බොහෝ සේ අඩු නිසා සාපේක්ෂකව ප්‍රකාශ තරංග ආයාමවලදී එය පහසුවෙන්ම අධ්‍යයනය කළ හැකි වේ. එය මුලින්ම කැටලොග් හෙවත් නාමාවලී ගත කෙරුණේ ක්‍රි.ව. 1677 දී ය. එම කාලයේදී ඊට තිබුණේ පියවි ඇසට දැකිය හැකි මට්ටමේ සාමාන්‍ය ප්‍රභාවකි. ක්‍රි.ව. 1700 ගණන් වෙද්දී එය සමස්ත කැරීනා තාරකා මණ්ඩලයෙහි හෙවත් තාරකා රාශියෙහි (constellation) වඩාත්ම දීප්තිමත් තාරකා අතරින් එකක් බවට පත් විය. ක්‍රි.ව.1843 වන විට එය අහසේ වඩාත්ම දීප්තිමත් තාරකා අතුරින් දෙවැන්න විය. එම අවස්ථාවේ එය එහි උපරිම දීප්තිමත් තලයට පැමිණියේ ය. එනම් (අපේ) සූර්යයන් මිලියන 30ක පමණ දීප්තියකි. 1860 ගණන් වන විට එය ඇසට පෙනෙන මට්ටමටත් වඩා අඩු දීප්තියක් දක්වා හීනවී ගියේය. ඊළඟට එය යළි ඇසට පෙනෙන මට්ටම දීප්තියම 1950ස් ගණන්වල එළඹි අතර දිගටම දීප්තිය වැඩි විය.

හබල් දුරේක්ෂයෙහි ඇති අභ්‍යවකාශ දුරේක්ෂය අනුරූප වර්ණාවලී දර්ශකය (Space Telescope Imaging Spectrograph)  නමැති  උපකරණය මගින් අපට නිහාරිකාව හරහා ඇති වස්තුවල වර්ණාවලියක් ලබා ගැනීමට ඉඩ සැලසී ඇත. තත්පරයකට  කිලෝමීටර 600ට වැඩියෙන් වේගයකින් පිණ්ඩ ව්‍යාප්ත වන බව එමගින් දැක්විණ. පිණ්ඩවල ප්‍රමාණය මෙන්ම ව්‍යාප්තවන ප්‍රවේගය 1843 ඇති වූ පෙර කී වර්ධනීය තත්ත්වය හා සංගත වේ.

පෘථිවි කබොලෙහි මූලද්‍රව්‍ය අනුපාතයෙන් හැඟවෙන්නේ 1843 දී සූර්යයාගේ ස්කන්ධයමෙන් කිහිප ගුණයක් ඊටා කැරීනාවෙන් ඉවත් වූ බවයි. වර්තමානයේ දී වසරකට සූර්ය ස්කන්ධයෙන් 0.001 ක ප්‍රමාණයක් එම තාරකාවෙන් ඉවත් වේ.

eta 3හබල් දුරේක්ෂ නිරීක්ෂණ හා අනෙකුත් ඒවාගෙන් මතුවන ප්‍රශ්න බොහෝය. ඊටා කැරිනාවෙන් එපමණ ස්කන්ධයක් ඉවත්වන්නේ ඇයිද? තවද 1843 දී ඇති වූ වර්ධනීය අවස්ථාව ද්විධ්‍රැවී වූයේ මන්ද? යන ප්‍රශ්නය ඒ අතර වේ. මේවා සහ ඊටා කැරීනා ගැන තවත් විස්තර ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

 

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාර 2ක්

  1. මම තතු වල හැමදාම පෝස්ට් කියවනව මගේ ටැබ් එකෙනුත් කියවනව සයිට් එකේ තීම් එක වෙනස් කලාට පස්සෙ ටැබ් එකෙකන් සයිට් ඒකට යන්න අමාරුයි ගොඩක් වෙල යනව මගෙ කම්පුයුටර් ඒකකෙන් යන්තම් පෝස්ට් ටික කියවනව කම්පුයුටරෙනුත් ටිකක් ස්ලෝ තිම් එකේ අවුලක්ද දන් නෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.