විදු නැන නුවණ – Science Literacy for All

ආලෝකය හා දෘෂ්ටිය

ආලෝකය කියන්නේ  මොකක්ද? බැලූ බැල්මට පේන්නේ සරල ප්‍රශ්නයක් වගෙයි. ඕක අහන්න තරම් දෙයක්යැ, කවුරුත් දන්නවානේ කියලා හිතන්නත් පුළුවන්. ඒක ඇත්ත. ආලෝකය නැත්නම් අපට අපව වත් පේන්නේ නැහැනේ. ගැටලුව තියෙන්නේ ආලෝකය යනු කුමක්ද කියන එකට සරල, පැහැදිලි කිරීමක් නැති කමයි. ආලෝක වර්ෂ, ආලේක තරංග ආදිය එකතු වෙද්දී මෙය තවත් සංකීර්ණ වෙන බව පෙනේ. කෙසේ වෙතත්, ආලෝකය යයි පෙනීමයි අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙන බවක් හැඟී යයි. ඇත්තටම විද්‍යාඥයන් ආලෝකය කියන්නේ පෙනෙන ආලෝකයටය හෙවත් දෘශ්‍ය ආලෝකයටයි. (visible light) මෙහිදී පෙනෙන ආලෝකය යනුවෙන් දැක්වූයේ මානවයන්ට පෙනෙන ආලෝකයයි. දැන් ඔන්න ප්‍රශ්නය ආයෙත් සංකීර්ණ වෙන බවක් පෙන්නුම් කරයි. පෙනෙන ආලෝකය කියලා වෙන් කරලා දකින්නේ නොපෙනෙන ආලෝකයකුත් තියනවාද?

Fiber Optic light

විද්‍යාඥයන් ආලෝකය හඳුන්වන්නේ විද්‍යුත් චුම්භක විකිරණය (electromagnetic radiation) ලෙසටයි. ආලෝකය යනු විද්‍යුත් චුම්භක විකිරණය කියන තරංග පවුලේ එක සුළු කොටසක් පමණයි. විද්‍යුත් චුම්භක තරංග සියල්ල ගත්තොත් ඊට රේඩියෝ තරංග (මේවාට ඉතා දීර්ඝ තරංග ආයාම තිබේ) මෙන්ම වර්ණාවලියේ අනෙක් අන්තයේ පිහිටිි ඉතා කෙටි තරංග ආයාම ඇති ගැමා සහ අන්තරීක්ෂ(cosmic) තරංග අයත් වෙනවා. දෘශ්‍ය ආලෝකය ඇතිවන්නේ වර්ණාවලියේ මැද හරියට වෙන්නයි.

ශක්තිය : මතක තබා ගත යුතු වැදගත් දෙයක් තමයි, ආලෝකය හා විද්‍යුත් චුම්භක විකිරණයෙහි ශක්තිය ඇති බව. ක්වොන්ටම් සිද්ධාන්තයෙන් කියැවෙන්නේ  ආලෝකය ඉතා කුඩා ශක්තිඅංශු පොදිවලින් සමන්විත වන බවයි. මේ කුඩා අංශු විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ පොටෝන(photons) හැටියටයි.  පොටෝන සහ ප්‍රෝටෝන(proton) පටලවා ගත යුතු නැත. පොටෝන සංඛ්‍යාව මගින් තිබෙන්නාවූ විකිරණය අපට දන්වනු ලබන අතර තරංග ආයාමය ශක්තිය හා විද්‍යුත් චුම්භක වර්ගය තීරණය කරයි. පොටෝන සංඛ්‍යාව වැඩිවෙද්දී වඩාත් දීප්තිමත් වඩාත් තීව්‍ර ආලෝකයක් ලැබේ. පොටෝන අඩුවන විට ලැබෙන ආලෝකය දුබලය. තීව්‍රතාවයෙන් අඩුය. අපි ඩිමර් ස්විචයක් භාවිත කර සිදුකරන්නේ ලයිට් බල්බයෙන් නිකුත් කරන පොටෝන සංඛ්‍යාව අඩුකිරීමයි. ආලෝක වර්ගය එකම වුවද ප්‍රමාණය වෙනස් වී තිබේ.

dsotm

වේගය : අප දැනට දන්නා පරිදි ආලෝක වර්ග සියල්ලම රික්තකයදී එක වේගයකින් ගමන් කරයි. රික්තකයකදී ආලෝකයේ වේගය තත්පරයකට මීටර 299,792,458 ක් ලෙස දැක්වෙයි. කිලෝමීටර්වලින් කීවොත් දළ වශෙයන් තත්පරයකට 300,000. මෙය ඉතා අධික වේගයකි. කිසිම පදාර්ථයකට ආලෝකයේ වේගය ඉක්මවිය නොහැක්කේ එහෙයිනි. එතරම් වේගයෙන් ගමන් කළ ද අභ්‍යාවකාශයේ දුර ප්‍රමාණ සලකන විට ඒ වේගයද සීමා ඇති බවක් පෙනේ. උදාහරණයකට අපට ආලෝකය සපයන සූර්යකිරණ සූර්යාගේ සිට පෘථිවියට ඒමට තත්පර 500 ක් ගත වෙයි. අපේ ගැලැක්සිය වන ක්ෂිර පථය හරහා එක පැත්තක සිට අනෙක් පැත්තට ආලෝක අංශුවක්  ගමන් කිරීමට වර්ෂ 100,000ක් ගත වෙයි. මේ සියල්ල ගණන් බලා ඇත්තේ රික්තයක ආලෝකය ගමන් ගන්නා වේගයෙනුයි. එහෙත් අපේ වායු ගෝලය, ජලය හෝ දියමන්ති හරහා ආලෝකය ගමන් කරන විට එහි වේගය මන්දාගමී වෙයි. ගණන් බලා ඇති අන්දමට දියමන්ති හරහා ආලෝකය ගමන් කරන්නේ තත්ත්පරයකට මීටර් 124,000,000 ක තරම් අඩු වේගයකින්.

දකින එළිය : කලින් ද සඳහන් කළ අන්දමට දකින එළිය යනු මිනිස් අපට පෙනෙන ආලෝකයයි. වඩාත් සුවිශේෂීව කීවොත් අප දකින්නේ වස්තුවක් මතට පතිත වී එම වස්තුව මගින් අවශෝෂණය කර  නොගන්නා ආලෝකය පමණකි. නිදසුනක් ගතහොත් කොළ පැහැති තාප්පයක් අපට පෙනෙන වර්ණාවලියේ කොළ පැහැය හැර සෙසු වර්ණ (කොළ තරංග ආයාම යයිද කිව හැකිය.) සියල්ල අවශෝෂනය කරයි. අපට එවිට කොළ පැහැය පමණ දර්ශනය වේ. මිනිස් අපට පෙනෙන වර්ණ කීවාට අප අතරේ සමහර අයට වර්ණ සියල්ලම පෙනෙන්නේ නැත. ඒ එම පිරිසගේ ඇස්වල තිබෙන ජානමය දුර්වල කමක් නිසාය. එම දුර්වල කම හැඳින්වෙන්නේ වර්ණාන්ධතාව ලෙසටයි.

පෙනෙන වර්ණ : දැන් අපි ඇසට පෙනෙන වර්ණාවලියේ වර්ණ හඳුනා ගනිමු. ඒ සඳහා අපට සහය වන්නේ ඍදහ ඨග ඊසඩ මහතායි. ඔහු විද්‍යාඥයෙක්ද? වර්ණ දැකිය හැකි උපකරණයක් නිර්මාණය කළ  අයෙක්ද? ඇත්තටම රෝයී ජි. බිව් නමින් චරිතයක් නැත. එය වචනවල මුල් අකුරු යොදා හැදූ නමක් (acronym) ඉන් වර්ණ හතක් ගැන කියැවේ. R (red – රතු), V (violet), O (orange – තැඹිලි), Y (yellow කහ), G (green කොළ), B (blue – නිල්), I (indigo – ඉන්ඩිගෝ), V (violet – දම්)  මේ වර්ණ තමයි මිනිස් ඇසට දර්ශනය වන්නේ. මෙහි ඒවා සඳහන් වී ඇත්තේ වර්ණාවලියේ සඳහන් අනුපිළිවෙළටයි. රක්ත වර්ණයෙහි දිගම තරංග ආයාම ඇති අතර කෙටිම තරංග ආයාම ඇත්තේ දම්පාටෙහිය. වඩාත්ම ප්‍රබල දම් වන අතර අඩුවෙන්ම ප්‍රබල රතුයි.

හි Light and Optics  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: