උපායෙන් විලෝපියන් රවටන පුංචි කුරුල්ලෙක්

Posted by

සම්භාව්‍ය ඊසොප්ගේ උපමා කතාවේදී ගොපලු දරුවා “වෘකයා“ “වෘකයා“ යනුවෙන් කෑගසුවේ විහිළුවටයි. ගොපලු දරුවා එලෙස කෑගසා ඇත්තේ ගම් වැසියන් බිය කරන්ටයි. බොරුවට වෘකයා ආ බව කීවාට  ඔහු වෘකයෙකුගේ  හඬ නැගූ බවක් එම කතාවේ සඳහන් වන්නේ නැහැ. ඒත් රැවටීමට නොව පැටවුන් රැකීමට විලොපියෙකුගේ  හඬ අනුකරණය කර නගන කුඩා පක්ෂියෙකු ගැන ඕස්ටේ්‍රලියාවෙන් වාර්තාවෙනවා.

කුරවොන්ග් (Currawong)පක්ෂීන්, කුඩා තෝන්බිල්(thornbill ) කුරුලු කැදැළි සොයා යන්නේ උන්ගේ පැටව් ගොදුරට ගන්ටයි. කුරවොන්ග් ගෙන් හතලිසි පස් පංගුවක් කුඩා තෝන්බිල් විශේෂයේ ඇබිත්තන්(බර ග්‍රෑම් 7යි)  දෙමාපියන්ට විලෝපියා සමග සටන් වැදීමට හයියක් නැහැ. ඒ නිසා ඔවුන් උපායක් යෙදීමට යොමු වී සිටිිනවා. කුරවොන්ග් පක්ෂීන් ගොදුරට ගන්නා උකුස්සෙකුගේ හඬ අනුකරණය කිරීම එම උපක්‍රමයයි. ඉන් බිය පත් වන කුරවොන්ග් ගොදුරු සෙවීම පැත්තක තබා තමා ගොදුරට හසුවීම වලක්වා ගැනීම පිණිස පලායනවා.

කුඩා තෝන්බිල් පක්ෂීන්ගේ මෙම උපාය ගැන කරුණු සෙවිමට එවකට ඕස්ටේ‍රිලියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ සේවය කළ ජීව විද්‍යාඥ බ්‍රැනිස්ලාව් ඉගික් සහ පිරිස පර්යේෂණ කණ්ඩායමක් ඉදිරිපත්වුණා. ඔවුන් කුරවොන්ග් පක්ෂීන් තෝන්බිල් කුරුලු කැදැළි අසළ රඳවා උන්ගේ පැටව් ආපදාවකදී නගන හඬ විසුරුවා හරිනු ලැබුවා. එවිට වැඩිහිටි තෝන්බිල් කුරුල්ලන් උකුස්සාගේ අනතුරු හැඟවීමේ හඬ පමණක් නොව වෙනත් විශේෂයන්ගේ  හඬවල් පවා අනුකරණය කරන බව පර්යේෂකයන්ට පෙනී ගියා. මේ අන්දමට ඉගික් කුරවොන්ග් පක්ෂීන් 18 දෙනෙකු යොදවාගෙන මේ පර්යේෂණය සිදු කළ අතර සැබෑ උකුසු හඬ සහ තෝන්බිල් පක්ෂීන්ගේ අනුකරණීය උකුසු හඬ විසුරුවා හැරියා. ගොදුරු සොයා පැමිණි කුරවොන්ග් පක්ෂීන් මෙයින් අධෛ්‍යමත් වූ බව ඉගික් සහ පිරිසට පෙනී ගියා. ගෙදුරු සෙවීම වෙනුවට මේ හඬ දෙකින්ම ගේ අවධානය තත්පර 16කට වැඩියෙන් වෙනතකට යොමු වී ඇත. තෝන්බිල් කුරුල පැටවුන්ට සැඟවීමට එම කාලය ප්‍රමාණවත්ය.

අනුකෘතිය(mimicry)  විශේසයෙන්ම දෘශ්‍ය අනුකෘතිය(visual mimicry)    සතුන් අතර වඩා ප්‍රචලික බව විද්‍යාඥයන්  කලක සිටම දැන සිටියා. එහෙත් ශ්‍රව්‍ය අනුකෘතිය(vocal mimicry)   තරමක ගුප්ත ස්වභාවයක් ඉසිලුවා. “ දෘශ්‍ය අනුකෘතිය  මගින් සතුන් ලබන වාසි ශ්‍රව්‍ය අනුකෘතිය මගින් පරිපූරනය වන බව මෙම සාක්ෂිවලිනුත් තහවුරු වෙනවා“ යයි කේප්ටවුන් සරසවියේ පක්ෂී විද්‍යාඥ ටොම් ෆ්ලවර් පවසනවා. ඔහු මෙම අන්‍්‍යනයට සහභාගී නොවු ස්වාධීන පර්යේෂකයෙක්. කෙසේවෙතත් මෙම ප්‍රෝඩවෙන් තෝන්බිල් පක්ෂීන්ගේ පැටවුන්ට සැලසෙන ආරක්ෂාව ගැන තවදුරටත් කරුණු සෙවිය යුතු බව තමයි ඔහුතේ අදහස. කොහොමවුණත්  ඊසොප්ගේ උපමා කතාව අවසානයේ ගොපලු දරුවාට අත්වු ඉරණම තෝන්බිල් පක්ෂීන්ගේ පැටවුන්ටත් අත්වන්නට ඉඩ ඇත්ද?

Scientific American හි  A seven-gram bird deceives a predator 40 times its size by crying wolf  ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.